ක්‍රිකට් ක්‍රීඩාවට හෙණ ගැහුවත් ෂම්මි ඇතුළු හොර නඩය රැක ගැනීමේ සාගල රත්නායකගේ මෙහෙයුමේ හරින් ප්‍රනාන්දු යනු නාමික ක්‍රීඩා ඇමතිවරයකු බවට පත් කර ඇතැයි වාර්තා වේ.
ක්‍රිකට් පිළිබඳ ඔහුට බරපතල තීරණ කිසිවක් ගත නොහැකි තැනට ඔහු හිර කර ඇති අතර සියලු තීරණ අලි සබ්‍රි කමිටුව හරහා ගන්නා ලෙස සාගල රත්නායක විසින් උපදෙස් දී ඇත.
වාර්තා වන විදියට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹින් තරග වැදීමට නියමිත සාගල ඒ සඳහා වියදම් කිරීමට ෂම්මිගෙන් කෝටි ගණනක් ලබා ගෙන තිබේ.
මීට අමතරව සාගල සතුව අරක්කු පර්මිට් සියයක් ඇති අතර ඒවා හිතවතුන් අතර බෙදා එමගින්ද කෝටි ගණනක් සොයමින් සිටින බව වාර්තා වේ.
මේ වන විට ආරක්ෂකයන් පිරිවරා යන සාගල මෙවර මැතිවරණයේදී පසුගිය මැතිවරණයටත් වඩා අන්ත පරාජයක් අත් කර ගනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.
පසුගිය වතාවේද රනිල් වික්‍රමසිංහට එක් ආසනයක් පමණක් අත් කර ගැනීමට පාර කැපූ සාගල මෙවර එම අසුනත් එජාපයට අහිමි කරනු ඇතැයි පැවසේ.
ක්‍රිකට් දූෂිතයන් රැකීමට තව දුරටත් කටයුතු කළහොත් එයම මීළඟ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට පාරාවළල්ලක් බවට පත්වනු නියතය.
එසේම තම හිතවතා වන ෂම්මි රැකීමට ගියහොත් කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන තත්ත්වයකට පත් වන හරීන් ප්‍රනාන්දුද ගම්පහින් ප්‍රතික්ෂෙප වනු නියතය.
මේ වන විටත් ක්‍රිකට් ප්‍රශ්නයේදී කටයුතු කළ ආකාරය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත්, කොන්ද කෙළින් තබාගෙන ඇමති කම නැති කරගත් රොෂාන් රණසිංහ පිළිබඳ රටේම ජනප්‍රසාදයක් ගොඩ නැගී හමාරය.