උණුසුම් පුවත් උණුසුම් පුවත්

පට්ට හොරුන්ගේ ජීවිත ආරක්ෂාවට ආරක්ෂක හමුදාව යොදවලා

Spread the love

මෙරට ආර්ථිකය බංකොලොත් බවට ඇද දැමූ බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දු කරන ලද වග උත්තරකරුවන් අතරින් මහින්ද රාජපක්ෂ හා ⁣මිල්ටෙරි නන්දසේන ආරක්ෂා කිරීම සඳහා  1800 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් යොදවා සිටින බවට අනාවරණය වේ.

ඒ අතුරෙන් මිල්ටෙරි නන්දසේන වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක හමුදා නිළධාරීන් සංඛ්‍යාව 850ක් පමණ වන බවද ,මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා නිළධාරීන් 950 ක් සිටින බවද පැවැසේ.නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විශේෂ ආරක්ෂක කණ්ඩායම් දෙකක් මේ දෙදෙනා වෙනුවෙන් යොදවා සිටී.එහිදී මොහුන්ගේ විශේෂ  අවස්ථාවලදී අමතර ආරක්ෂක නිළධාරීන්ද සැප⁣යේ.

ඒ අතරේම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ආරක්ෂාව සඳහා රජයේ ආරක්ෂක නිළධාරීන් යොදවා සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට බංකොලොත් කරන ලදැයි තීන්දු කර වරදකරුවන් බවට පත් වී සිටින මොවුන් තිදෙනා හට රජයෙන් ලබා දෙන වරප්‍රසාද සියල්ල අහිමි කළ යුතු බවට මේ වන විට සමාජ කතිකාවතක් පවා නිර්මාණය වී තිබේ.


Spread the love

You may also like