උණුසුම් පුවත් උණුසුම් පුවත්

හරක් කටා හට සුපිරි ආහාර සපයා ගැනීමට මහේත්‍රාත් තිලිණ ගමගේ අවසර දෙයි

Spread the love

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා හට සුපිරි වෙළඳ හළකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අවසර ලබා දී ⁣තිබේ.

නඳුන් චින්තක නොහොත් හරක් කටා තමන්ගේ නීතිඥයන්ගේ මාර්ගයෙන් කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්ණ කරන මෙම සැකකරු එම දෙපාර්තමේන්තුවේ දුක් ගන්නා රාළ බවට පත්වී තිබේ.අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මොහුගෙන් ප්‍රශ්ණ කරනවාට වඩා මොහු වෙතින් බොහෝ මුල්‍යමය ආධාර ලබා ගනිමින් සිටින බවට අනාවරණය වේ.

අලියකු අනීතිකව තබා  ගත්තේ යැයි චෝදනා ලද ⁣මහේස්ත්‍රාත් තිලිණ ගමගේටද නඳුන් චින්තක නොහොත් හරක් කටා ගෙන් මුදල් කුට්ටියක් ලැබී ඇති බවට සැක කළ හැකිය.මේ මහේස්ත්‍රාත්වරයා කැසිනෝ සමාජ ශාලා වල කරක් ගසන්නෙක් බවට අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රචලිතය.එක අවස්ථාවක කැසිනෝ සමාජශාලාවකදී මොහු පිස්තෝලයක් ගෙන පෙන්වමින් වෙනත් පුද්ගලයෙකුට තර්ජනය කරන ලද සිඳුවීමක්ද ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.මිල්ටෙරි නන්දසේන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරයා ලෙස කටයුතු කටයුතු කරන ලද්දේ තිලිණ ගමගේ වේ.ඉන් අනතුරුව මොහුට විනිසුරුවරයකු ලෙස පත්වීම් ලබා දෙන්නේද රාජපක්ෂ වරුන්ගේ මැදිහත්වීම හා යටි බිම් ගත සැළසුමකට අනුවය.

කෙසේවෙතත් නඳුන් චින්තක නොහොත් හරක් කටා  ⁣අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හා ඔහුගේ නීතිඥ පුත්‍රයා ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ නිළධාරින් හා විනිසුරු තිලිණ ගමගේද ආදායම් උපයාගන්නා මාර්ගයක් කරගෙන තිබෙන බව පැහැදිලිය.



Spread the love

You may also like