හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍ර සිංහ ගේ ඝාතනයට සම්බන්ධ සැකකරු මීටියාගොඩ පොලිස් බල ප්‍රදේශයේදී අද උදෑසන විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසුව තුවාල ලබා බලපිටිය මූලික රෝහළට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව වාර්තා වේ.
මෙම ඝාතකයා යුද හමුදා සේවයෙන් පලා ගිය අයකු බව කියවේ.ඝාතනය සඳහා අනෙක් පාතාල ක්‍රියාකාරිකයාද මෙි වන විට හඳුනාගෙන ඇති බවද දැන ගැන්මට තිබේ.

වාද්දුව පදිංචි කරුවකු වන සංජීව නැමැති මෙම ඝාතකයා ලක්ෂ විස්සක කොන්ත්‍රාතුවක් මත හිටපු පොලිස් පරීක්ෂක වරයා ඝාතනය කරන ලද බව පැවසේ.ඝාතනයට ලක්වූ හිටපු පොලිස් පරීක්ෂක වරයා සාක්ෂි ආඥා පනත යටතේ සිඳු කරන ලදැයි පැවැසෙන වරදකට බලපිටිය මහාධිකරණය විසින් බන්ධනාගාරගතව සිටියදී පාතාල ක්‍රියාකාරිකයකු වූ පොඩි ලැසී නැමැත්තා පිළිබඳව රහස් තොරතුරු වගයක් අනාවරණය කිරීම ඔහුගේ ඝාතනයට හේතු වී ඇත.
හිටපු පොලිස් පරීක්ෂක වරයා ඝාතනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට විශාල අභියෝගයක් හා අපකීර්තියක් මතු වන කාරණයක් වන හෙයින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඉතා ඉක්මනින් අල්ලා ගැනීමට මෙහෙයුම් කරන ලෙසටද ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් උපදෙස් දී තිබුණි.
කෙසේ වෙතත් එම මෙහෙයුම් ආරක්ෂක බුද්ධි අංශවල හා ජාතික බුද්ධි සේවාවේ තොරතුරු ජාලය මගින් ලද බුද්ධි තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරු ඉතා ඉක්මනින් අත් අඩංගුවට ගැනීමට හැකි විය.