රත්ගමදී නන්නාඳුනන සාහසිකයන් ගේ වෙඩි ප්‍රහාරයකින් හිටපු පොලිස් පරීක්ෂකයකු වූ දැඩිමුණි බාලේන්ද්‍රසිංහ නම් අයෙකි.මෙම පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍ර සිංහ පොලීසියේදී සිඳු කරන ලද වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර ඇත්තේ මීට සතියකට පමණ ඉහතදීය.
2023 වසරේදී ගත වූ මාස දහයක කාලය තුලදී රටේ විවිධ ස්ථාන වල වෙඩි තැබීම් 75 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ.මේ සංඛ්‍ය ලේඛන අනුව පාතාල ක්‍රියාකාරිකයන් දවස් තුන හතරකට වරක් ක්‍රියාත්මක වෙති.පාතාල ක්‍රියාකාරිකයන් ගේ වෙඩි තැබීම් වලින් මේ වන විට 55 දෙනෙක් පමණ මිය ගොස් ඇති අතර ඒ අතර අවුරුදු හයක සිඟිති දැරියකද සිටී.
සිදූවූ සෑම ඝාතනයකටම පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කට පාඩම් පිටපත පවසයි.ඒ පාතාල කණ්ඩායම්
දෙකක් අතර පවතින විරසකයක් හේතුවෙන් මේ වෙඩි තැබීම සිඳු කර ඇති බවය.අනතුරුව මිය ගිය පුද්ගලයාගේ පාතාල පැටිකිරිය පිළිබඳව අනාවරණය කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා එම ඝාතනය පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයිද වැඩිදුරටත් පවසයි.ජනතාව රූපවාහිනිය අසල කට ඇරගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගේ කයිවරුව අසා අවසානයේදී තීරණය කරන්නේ මරා දමා ඇත්තේ පාතාලයකු නිසා එම අපරාධයේ වරදක් නැති බවය.මේ නිසා පොලීසියද පාතාලයන් අතර මරා ගැනීම නිහඬවම අනුමත කරන බව පෙනී යයි.
පාතාලයයි අපියි යාළුවෝ මල්ලී…
දකුණේ සිදු වෙන පාතාල අපරාධ මර්ධනය සඳහා නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නායකත්වයෙන් එහි භටයන් 400 කට අධික සංඛ්‍යාවක් දකුණු පලාතේ ස්ථාන ගත කෙරිිිණි.එම පිරිසෙන් 200කට අධික සඛ්‍යාවක් ඇල්පිටිය,අම්බලන්ගොඩ ,කොස්ගොඩ ,මීටියාගොඩ ප්‍රදේශවල ආරක්ෂක රාජකාරි සදහා පැය 24 මුළුල්ලේම යොදවන ලදී.පාතාල වෙඩි තැබීම් වලින් සිඳු කරන මරා දැමීම් නිසා දැඩි කම්පනයට හා බියට පත්ව සිටි මේ ප්‍රදේශවල ජනතාවට සිද්ධ වූයේ කබලෙන් ලිපට වැටීමය.ඒ එස්ටීඑෆ් භටයන්ගේ අනවශ්‍ය හිරිහැරකිරීම් නිසාය.ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම පවා එස්ටීඑෆ් භටයන් විසින් අවහිර කරන ලද නමුත් පාතාල ක්‍රියාකාරිකයන් තමන්ගේ ඝාතනයන් දිගටම පවත්වාගෙන ගිය බව දකින්නට තිබුණි.
ඒ අතරේම එස්ටීඑෆ් භටයන් පාතාල ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධතා පවත්වන බවටද වාර්තා විය.පාතාල ක්‍රියාකාරිකයන් සමග විශේෂ කාර්ය බලකායේ ඇතැම් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් එක පතේ කන බොන බව අපටද තොරතුරු ලැබී තිබුණි.
එස්ටීඑෆ් නිළධාරීන් ගේ දූෂිත රාජකාරිය කෙතරම් පරාසයක පැතිරී තිබුණේද යන්න අහුංගල්ල ප්‍රදේශවාසියකු විසින් ටිරාන් අලස් අමාත්‍යවරයාට යවන ලද නිර්නාමික ලිපිය මගින් ඔබට තහවුරු කර ගත හැකිය.
අහුංගල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි එස්ටීඑෆ් භටයන් ත්‍රීවීල් රථයක් පරීක්ෂා කිරීමෙන් පසු එම ත්‍රීවිල් රථ හිමිකරු ගේ නිවසට ගොස් සමාව ගන්නා ලෙසට ඒඑස්පී කුමාර එම ත්‍රීවීලි රථය පරීක්ෂා කළ එස්ටීඑෆ් භටයාට නියෝග කර තිබෙන බව මෙම ලිපියේ සඳහන් වේ. විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ අණදෙන නිළධාරී ඒඇස්පී කුමාර හා බුද්ධි අංශයේ අයිපී කොළඹගේ රාජකාරි කරන්නේ කොස්ගොඩ රංඟ ගේ උපදෙස් අනුව බවද එහි වැඩිදුරටත් වේ.රංඟ යනු කොස්ගොඩ බහුදින ධීවර යාත්‍ර හිමි පාතාලය හා සම්බන්ධ තැනැත්තෙකි.
කොස්ගොඩ සුජීව ගේ සමීපතමයෙකි.
අයිපී කොළඹගේ කොස්ගොඩ සුජීවගේ සමීපතමයන් සමග සාද පැවැත්වූ බවද අප සතුවද සාක්ෂි ඇත.තමන් බුද්ධි අංශයේ නිසා කොස්ගොඩ සුජීවගේ සමීපතමයන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට අයිපී කොළඹගේට නිදහසට කාරණා තිබෙන්නට පුළුවන.
එහෙත් අයිපී කොළඹගේ හා ඒඇස්පී කුමාර ගේ නිවාස වල ශීතකරණ තුළට පාතාලයන් දුන් කෙලවල්ලන් බලයන් දැල්ලන් හා ඉස්සන් ගියේ බුද්ධි තොරතුරු හොයන්නටද යන්න සොයා බැලිය යුතුය.එක් අවස්ථාවක එස්ටීඑෆ් කණ්ඩායමක් අම්බලන්ගොඩ ධීවර වරායෙන් කොස්ගොඩ සුජීවගේ සමීපතමයෙකු ගෙන් ඉල්ලා ගෙන ගිය තලපතා ගේ බර කිලෝ තිස්පහකට වැඩිය.මේ තලපත් මාළු එස්ටීඑෆ් එකේ ලොක්කන් කී දෙනෙකු අඹු දරුවන් සමග රහ වින්ඳාද යන්න බුද්ධි අංශ අයිපී කොළඹගේ වාර්තා කර තිබේද යන්න සොයා බැලිය යුතුය.
පසුගියදා ගාල්ල නගරයේදී වෙඩි තබා ඝාතනය කරන ලද වසන්ත මෙන්ඩිස්ට වෙඩි තැබීමට පාතාල ක්‍රියාකාරිකයන් ආ යතුරු පැදිය දමා ගොස් තිබුණේ අක්මීමන එස්ටීඑෆ් කඳවුර ආසන්නයේය.මෙම ඝාතනයට එස්ටීඑෆ් ඒඑස්පී කුමාරගේ සම්බන්ධයක් පවතින බවට බුද්ධි අංශ වලට සැකයක් පවතී.
පොඩි ලැසීට ඔහුගේ පාතාල සගයන් දුන් අපූරු උපන්දින තෑග්ග….
අප මීට ඉහතදී පල කල වාර්තාවක සඳහන් කරන ලද්දේ අම්බලන්ගොඩ බලපිටිය හා රත්ගම සිඳුවන පාතාල වෙඩි තැබීම් දැන් ආරක්ෂක හමුදා සම්බන්ධීකරණයෙන් සිඳු වන බවය.
රත්ගමදී ඝාතනය කළ අයිපී බාලේන්ද්‍ර සිංහට වෙඩි තබා ඇත්තේ මේ ඝාතනයට දින තුන හතරකට පෙර කරන්දෙණිය පිහිටි යුද හමුදා කෘෂි රෙජිමෙන්තුවෙන් අස්ථාන ගත වූ ටී පනස් හය අවියෙන් බව සැක කළ හැකිය.මේ පොලිස් පරීක්ෂක වරයාට වෙඩි තබන ලද්දේ දැනට බන්ධනාගාර ගතව සිටින පොඩි ලැසී ගේ උපන්දිනය දාය.අයිපී බාලේන්ද්‍රසිංහ ගේ ඝාතනයට සම්බන්ධ වූවන් මෙදින දහවල් පොඩි ලැසීගේ නිවස පිහිටි තෙල්වත්ත ප්‍රදේශයේ සැරි සැරූ බවට බුද්ධි තොරතුරු ලැබී තිබේ.
ඇතැම් විට මේ මිනිස් ඝාතනය දැනට බන්ධනාගාර ගතව සිටින පොඩි ලැසීගේ උපන්දිනයට ඔහුගේ හිතවතුන් විසින් දුන් උපන්දින තෑග්ග විය හැකිය.
බාලේන්ද්‍රගේ පොලිස් කෙරුවාව ඔහු ඝාතනයට හේතු වූවාද?
පොඩි ලැසී , දොස්තර හොදහිත ඝාතනයේ සුද්දා හා රාජු වැනි පාතාල ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද්දේ මේ පොලිස් පරීක්ෂක වරයා වේ.මොහු අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට ඉතා අමානුෂික වද හිංසා පමුනුවන්නෙක් බවට ප්‍රචලිතය.ඝාතනය වන අවස්ථාව වන විටද මොහුට සහ තවත් පොලිස් කොස්තාපල් වරයෙකුට එරෙහිව බලපිටිය මහාධිකරණයේ අපරාධ නඩු අංක HSB 1394/11 යටතේ කෘර අමානුෂික හෝ නින්දිත සැළකීම යන චෝදනා යටතේ නඩුවක් විභාග වෙමින් තිබූණි.
අයිපී දැඩිමුණි බාලේන්ද්‍ර සිංහ දක්ෂ විමර්ශන නිළධාරියෙක් නොවේ. සාමාන්‍ය වරදකට පවා පොලීසියේ අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට නින්දිත හා කෘෘර ලෙස පහර දීමේ මානසිකත්වයකින් පෙළුන අයෙකි.
බුද්ධි තොරතුරු වාර්තා අනුව දැඩිව කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගිය පුද්ගලයකු වන මොහු අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ බිරින්දෑවරුන් සමග ගණුදෙනු කළ බවද සඳහන්ය.අපට මොහු ගැන වාර්තා වූ අපූරු සිදුවීමක්ද තිබේ.මෙම පොලිස් පරීක්ෂකවරයා අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ තිලක පුර පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන විට ඒ ආසන්නයේ පදිංචි ධීවරයකු ගේ බිරිඳ හා අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබේ.ධීවරයා ධීවර වෘත්තියේ නිරත වන රාත්‍රී දිනවල මොහු එම නිවසට යන එන බව ප්‍රදේශවාසීන්ට රහසක් නොවීය.ප්‍රදේශවාසීන් පොලීසියේ සුළු වැරදි පැමිණිලි සමථයකට පත් කර ගන්නා ලද්දේද එම කාන්තාව මගිනි.එක් දිනක උදෑසන එම කාන්තාව සිය යතුරු පැදිිිියෙන් පොලීසියට එමින් සිටියදී ඒ ආසන්නයේ පිහිටි ත්‍රීවිල් නැවතුමේ සිටින ත්‍රීවීල් රියදුරන්ට එම පිස්තෝලය පෙන්වා පවසා ඇත්තේ “ඕඅයිසී මහත්තයා ඊයේ රෑ අපේ ගෙදර ඇවිල්ල යද්දි එයාගෙ පිස්තෝලෙ දාල ගිහිල්ල මං මේ ඒක අරගෙන පොලීසියට යනවා” යැයි කියාය.පො.ප දැඩිමුණි බාලේන්ද්‍ර සිංහ විසින් අත් අඩංගුවට ගන්නා බොහෝ සැකකරුවන්ට හෙරොයින් අතින් දමා නඩු පැවරීම සිඳු කරන ලදී.මොහු ගේ ඝාතනය ගැන ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු පවසන්නේ ඔහුට දී ඇති දඬුවම කළ කළ දේ පල පල දේ න්‍යායට සිද්ධ වූවක් බවය.
කෙසේවෙතත් පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍ර ගේ ඝාතනය ගැන අපට ඇත්තේ කණගාටුවකි.ඔහුගේ දෙබිඩි රාජකාරි ජීවිතය ගැන බුද්ධි තොරතුරු නොතිබුණා යැයිද කිව නොහැකිය.පොප.බාලේන්ද්‍ර සිංහගේ කෘෘර රාජකාරි පැවැත්ම ඔහුට මරණය අත් කර දුන් බව අපගේ විශ්වාසයයයි.
මේ වන විට බලපිටිය අම්බලන්ගොඩ මීටියාගොඩ රත්ගම කේන්ද්‍රීය කර ගනිමින් සිඳු කෙරෙන ඝාතන ඉදිරියටත් සිඳු වෙන බවට අපට කැට තියා පවසන්නට පුළුවන.මේ ඝාතන සඳහා පාතාලයන්ට අත් උදව් සපයන පොලිස් නිළධාරීන් බොහොමයකි.
අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බටපොල පොලිස් ස්ථානාධිපතිවරයා කරන්දෙණිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගැන සඳහන්ව ඇති බුද්ධි තොරතුරු වාර්තා කියවන ලෙසට අපි පොලිස් ඇමති ටිරාන් ගෙන් ඉල්ලමු.
බුද්ධි තොරතුරු වාර්තා තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැතුව දේශපාලඥයන්ගේ ඔඩොක්කු කුක්කන් පොලිස් ලොක්කන් ලෙස පත් කරගෙන පාතාල මර්ධනය කරනවා කියන්නේ බඩ කොරවන තරමේ විහිළුය.
පොලිස් ඇමතිගේ අමුඩය ගලවා දමා මිනීමරණ පාතාලයන්


