හොඳම දේ දරුවන්ටය.
ඒ බව පැවසුවේ වී.අයි.ලෙනින්ය.
අපේ ඇමති උන්දැලාද තමන්ගේ දරුවන්ට ආදරය කරති.ඒ නිසාම සිය දරුවන්ට හොඳම දේ ලබා දෙන්නට මුන්දැලා කැමතිය.
වැඩේ අපූරුය.අපිත් පුල් සපෝට්
ඇමති අප්පාලගෙන් පසුව මේ බිමේ අයිතිය අප විසින් ඒ දරුවන් වෙත පැවරිය යුතුය.
ඒ සඳහා අපට රුපියල් දාහක්,
බත් පැකට් එකක් ,වැසිකිලි පෝච්චියක්, කට ගැස්මක් සමග අරක්කු බෝතලයක් දුන්නාම ඇතිය.එහෙමත් නැතිනම් පැජරෝවෙන් බැස සෙනඟ ගාලේ අපේ පිටට තට්ටු කරන එකත් මැදෑ.