විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සිය පුත්‍රයා හා බිරිඳ කැඳවාගෙන යාම ගැන මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී.මෙම අනාවරණය කිරීමත් සමගම අලි සබ්‍රි අමාත්‍යවරයාගේ මුඛ පූට්ටු වී තිබේ.ඒ පිළිබඳව ඔහු බහුබූත මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ.ඒ මං සුදනා වීමටය.එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන ආකාරයට ඔහුගේ පුත්‍රයා පර්යේෂණ නිළධාරියකු ලෙස ඔහුට සෙවෙච්ඡාවෙන් උපකාර කර තිබේ.අලි සබ්‍රි ගේ පුත්‍රයාගේ ඡායාරූපය දකින විට ඔහු තවමත් ඇටෙන් පොත්තෙන් එළියට ආ කොල්ලෙක් නොවන බව පැහැදිලිව පෙනී යයි .අලි සබ්‍රි කියන විදියට ඔහුගේ පර්යේෂණ මැදිහත් වීම ගැන අපට කියන්නට ඇත්තේ අනේ හුකේ නන්නානේ කියාය.
අලි සබ්‍රි හිතා ගෙන ඉන්නේ උසාවි වල නඩු කාරයන් ගොනාට අන්දන ආකාරයට රටේ ජනතාවද අන්දන්න පුළුවන් බවය.මේ අමු තක්කඩියෙකි.
අලි සබ්‍රි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ මිල්ටෙරි නන්දසේනගේ නඩු තිස්පහකට නොමිලයේ පෙනී සිටි නීතිඥයා වීමේ පින පල දීම නිසාය.එසේ නොමැතිව අලි සබ්‍රිට දේශපාලන දැනුමක් අවබෝධයක් නැත.මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා වූ අවදියේ අලි සබ්‍රි ඇමතිවරයා හිටියේ අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් ඇමතිවරුන්ට වඩා ඔළුව උදුම්මාගෙනය.මිල්ටෙරි නන්දසේන ජනපතිකමෙන් ඉල්ලා අස් වූ පසු මේ තක්කඩියා පාර්ලිමේන්තුවෙි ප්‍රකාශ කෙරුවේ තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බවය.තම්බිගෙ තොප්පිය හැරෙන හැරෙන පැත්තට බව සිංහල ජනවහරේ එන කියමනකි.ඒ කියමන තහවුරු කරමින් අලි සබ්‍රි තවමත් ඇමතිකමේ රහ විඳිමින් සිටී.
එක්සත් ජාතීන්ගේ සමුළු රැස්වීම නියෝජනය කරන තම පුත්‍රයාට ආණ්ඩුවේ මුදල් වියදම් නොකළ බව අලි සබ්‍රි පවසයි.මේ පුත්‍රයා නවාතැන් ගත් හෝටලයේ බිල සහ ආහාරපාන වලට ගෙව්වේ තම පොකට් එකෙන්දැයි යන්න ගැනද අලි සබ්‍ර් හෙළිදරව් කළ යුතුය.
ඒ සමගම අලි සබ්‍රි තමන්ගේ බිරිඳ කැඳවාගෙන යාම සඳහා වියදම් කරන ලද්දේ තමන්ගේ පෞද්ගලික මුදල්ද
නැද්ද යන්න ගැනද රටට පැවසීම වැදගත්ය.ඒ මන්ද යත් පුත්‍රයා ගැන සඳහන් කර ඇති නිවේදනයේ බිරිඳ ගැන කිසිදු සඳහනක් කර නැති නිසාය.
මිල්ටෙරි නන්දසේන සිදු කළ සාහසික මිනීමරුම් හා පජාත හොරකම් වලට එරෙහිව අධිකරණයේ පැවැති නඩු වලට අලි සබ්‍රි නොමිලයේ පෙනී හිටියේ මේ වාසනාව උදා කරගන්නට අපේක්ෂාවෙන් මිස වෙන ලබ්බකට නොවන බව ස්ථිරය.මීයක් කඩන්නේ අත ලෙව කන්නට නොවන බව කවුරුත් දන්නා කාරණයකි.
සැබැවින්ම රත්තරන් රෝහිතලා මහින්දානන්දලාට ජොන්ස්ටන්ලා වඩා අලි සබ්‍රි වැනි තක්කඩි පාදඩයන් ඉතා භයානකය.අප දන්නා කියන එවුන් සර්පයන් බව රටම දනී.එහෙත් අලි සබ්‍රි පෙනී හිටින්නේ සර්ව සාධාරණ දේශපාලඥයකු විදියටය.එහෙත් මේ තක්කඩියාගේ කෙරුවාව තනිකර සර්ප විෂ සහිතය.
සිය පුත්‍රයා එක්සත් ජාතීන්ගේ සමුළුවට කැන්දාගෙන යාම නිසා දැන් ඇඟ පත පුරා ගූ ගාගෙන බොරු කප්පරක් කියමින් සිටී.අපි අලි සබ්‍රිට මුසල්මානුවන් පරම විශ්වාසය රඳවා ඇති කුරානයේ බොරු කීම ගැන සඳහන් තහංචි සිහිපත් කරමු.
විශ්වාස කලවුනි; අල්ලාහ්ටම බියවන්න තවද සත්‍යවන්තයන් සමග සිටින්න (කුරානය 9:119)
අල් කුරානයේ ප්‍රසිද්ධ විවරණයක් වන ඉබ්නු කසීර් ග්‍රන්ථයේ ඉහත දැක්වෙන වැකිය මෙසේ පැහැදිලි කර ඇත.
“…..මෙමගින් අර්ථවත් වන්නේ සත්‍යවන්තයකු වන අතරම ක්‍රියාවෙන්ද එය පෙන්වීමය.එවිට ඔබත් එම කණ්ඩායමට අයත් වන අතර සිදුවිය හැකි ව්‍යසනයන්ගෙන්ද ඔබ ආරක්ෂා වනු ඇත.
නබි තුමා පැවසූ බවට අබ්දුල්ලා ඉබ්නු මසුද් රලි තුමා මෙසේ සදහන් කර තිබේ.
“…ඔබ සත්‍යවන්තයකු වන්න.ඇයිද යත් එය ධාර්මිකතාවට මග එළි පෙහෙළි කර දෙන්නේය.මිනිසකු සත්‍ය කතා කරන අතරතුර සත්‍යවන්තයකු වීම සඳහා උත්සාහ කිරීමෙන් ඔහු දෙවියන් හමුවේ සත්‍යවන්තයකු ලෙස සටහන් වනු ඇත.මුසාවෙන් වලකින්න.මන්ද යත් එය දුෂ්චරිතයට මග පාදන්නේය.
මිනිසෙක් සෑම විටම බොරු කීමෙන් සහ එසේ කිරීමට උත්සාහ කිරීමෙන් ඔහු දෙවියන් හමුවේ බොරු කාරයකු ලෙස සටහන් වන්නේය….”
කුරානයේ සඳහන් මේ ආගමික උපදෙස් කියවන විට අලි සබ්‍රි ඇමතිවරයා සිය ආගම පවා පාවාදෙන පට්ට තක්කඩියෙක් බව තහවුරු කර තිබේ.
ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඇමතිවරයා හත් පොලේ අසූචි ගාගනී