උණුසුම් පුවත් උණුසුම් පුවත්

පාස්කු බෝම්බය පිළිබඳ විශේෂඥයන් වැහි වැහලා

Spread the love

චැනල් හතර පසුගියදා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රචාරය කළ වැඩ සටහනත් සමග එම ඛේදවාචකය ගැන මෙරට අමුතු අමුතු  හැඩයේ කියුම් කෙරුම් සමාජගත වෙමින් පවතී.පාස්කු බෝම්බ ප්‍රහාරය සිඳු වූ දින වල මේ සිද්ධියට රාජපක්ෂලා ගේ සෘජු සම්බන්ධතාවක් පැවතියේයැයි මොර දුන් මේල් නර්ස් සමන් හා ඒ සමාන නඩය මේ වනවිට ඒ සිද්ධිය ගැන  බණ්ඩක්කා න්‍යායෙන් ඥං පඥං ගාන හැටි දකින්නට අහන්නට පුළුවන. රාජපක්ෂ බංගලාවෙන් පිළිකන්නට විසි වී සිටි පනික්කි විමලයා හා ගොම්මන්පිලට චැනල් හතර ඉදිරියට දමා  නැවත රාජපක්ෂ  බංගලාව ඇතුළට සෙට් වීමට චාන්ස් එකක්ද ලැබී තිබේ.

දැන් මේ රටේ පෙට්ටි කඩ වල හවසට ආප්ප දාන බාස් උන්නැහේලාද පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වූයේ මෙහෙමය අරෙහමය කියන තරම⁣ට බෝම්බ විශේෂඥයින් බවට පත් වී යූ ටියුබයේ දේශනා දෙන හැටි බැලීම මාර ආතල්ය.

ඒ අතරේ පොලීසියේ සේවය කරද්දී කරන තරමක් නසරානි නොසන්ඩාල පජාත කෙරුවාවල් වලට සම්බන්ධ වී දැන් පැන්ෂන් ගොස් සිටින පොලිස් කාරයන්ද පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රහ්ම ටෝක් දෙමින් සිටී.ඊයේ පෙරේදා දවසක මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ අසුචි බෙට්ටක් ලෙස සැළකෙන වාචාල  චමුදිත සමග සාකච්ඡාවක නිරත වන එවැනි පැන්ෂන් කාර පොලිස් කාරයෙක්  අපි දුටුවෙමු.ඒ පොලිස් පැන්ෂන් භාණ්ඩය වාචාල චමුදිත නම් ගොන් වස්සාටම තකට තකය.

හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු වූ මොහුගේ පොලිස් සේවා ඉතිහාසයම කුණ ගඳ ගසන අශීලාචාර ගොනුවකි.මොහු ⁣ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනය.

පොලිස් සේවාවේ සිටියදී සිය අනියම් බිරිඳගේ  සැමියා මරා දැමීමේ වරදට මොහු බන්ධනාගාර ගත කෙරිණි.මරා දැමුණු පුද්ගලයා ධනවත් ව්‍යාපාරිකයෙකි. මෙම අපරාධය පාලිත සිරිවර්ධන කර තිබුණේ තමන්ගේ සේවා පිස්තෝලය පාතාලයකු වෙත දී එම පාතලයා ලවා එම ව්‍යාපරිකයා මරා දමා තිබූ බව පොලිස්  පරීක්ෂණ වලදී හෙළි විය.

කෙසේ හෝ නැවත පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ පාලිත සිරිවර්ධන ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස  උතුරු පලාතේ සේවය කරද්දී නිධන් හෑරීමේ චෝදනාවකට හසු විය.පසුව එවකට සිටි ⁣පොලිස් පති වරයා විසින් මොහුට කිසිම අවස්ථාවක ⁣⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බල ප්‍රදේශයක් බාරව රාජකාරියේ නොයෙද විය යුතු බවට නියෝග කර තිබේ.

පාලිත සිරිවර්ධන යනු ඒ තරමට පජාත පොලිස් චරිතයකි.එහෙත් මොහු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන චමුදිත සමග යම් යම් දෑ පවසන්නේ පොලිස් සේවාවේ සිටි ⁣වැඩ්ඩෙක් විදියටය.මරු වැඩ්ඩාය.වාචාල චමුදිතට අවශ්‍ය කක්කා වලක් අවුස්සා දෙකයි පනහක් හොයා ගැනීමය.ඒ කක්කා වල ඇවිස්සීමට සිල්ලර⁣ ගෝතයක් හොයා ගැනීමටද වාචාල චමුදිත දක්ෂය.

පැන්ෂන් පොලිස් පාලිත සිරිවර්ධනගෙන් වාචාල චමුදිතට අහන්න තිබ්බේ පාස්කු බෝම්බය ගැන නොවේ.විවාහක කාන්තාවක හා හැමිනීමට ඒ කාන්තාවගේ සැමියා මරා දමන හැටිය.පසුව ඒ සැමියාට අයත් දේපොල තමන්ගේ නමට ලියාගන්නා ආකාරය ගැනය.නිදන් හාරන හැටිය.

මේ වාහේ ඉන් එහා මොනවත් දන්නේ නැති බව නම් අපි දනිමු.අඩුම ගානේ පොලීසියේ ආචාර ධර්ම පද්ධතියට උපදෙස් විසි පහෙන් අඩුම තරමේ එක උපදේශයක්වත් මේ තක්කඩියා පොලිස් සේවයේදී සිටින විට පිළි නොපැදි බව කිව යුතුමය.


Spread the love

You may also like