උණුසුම් පුවත් උණුසුම් පුවත්

ටී පනස් හයක් උදුරාගෙන හරක් කටා යකා නටයි

Spread the love

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඊයේ (10) ප්‍රශ්ණ කිරීම සදහා අපරාධ විමර්ශන අංශය වෙත ගෙන ආ විට එහි රාජකාරියේ නිරතව සිට විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයකු ගේ අත තිබූ ටී පනස් හය පැහැර ගැනීමට උත්සහ දරා ඇතැයි වාර්තා වේ.

ප්‍රශ්ණ කිරීම සඳහා කැඳවාගෙන ආ හරක් කටා මාංචු ගලවා ප්‍රශ්ණ කරමින් සිටියදී මේ සිද්ධිය ඇති වූ බව දැන ගැන්මට තිබේ.එහිදී උප පොලිස් පරීක්ෂකවරයා අත තිබූ එම ගිණි අවිය උදුරා ගැනීමට එහි සිටි පොලිස් කොස්තාපල්වරයකු හරක් කටා හට ස⁣හයෝගය දී ඇතැයිද පැවසේ.මේ වන විට එම පොලිස් කොස්තාපල්වරයා අතුරුදන් වී ඇති බවද අනාවරණය වේ.

හරක් කටා මේ වන රඳවා සිටින්නේ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ඔහු  එහි නිල නොවන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටින බව නීති ගරුක පොලිස් නිළධාරීන් අප වෙත දන්වා එවා තිබේ.⁣

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ රඳවා ගෙන සිටියදී හරක් කටා සන්තකයේ තිබියදී අවස්ථා ගණනාවකදී හොරොයින් සන්තකයේ තිබී හසුවුනද ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ⁣⁣නොගත් බවද ඒ ඔහු හා  ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් අතර පවතින සමීප සම්බන්ධතා නිසා බවද එම පොලිස් නිළධාරීන් වැඩිදුරටත් අපට පවසා සිටින ලදී.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ දූෂිත නිළධාරීන්ගේ දුක් ගන්නා රාළ වී සිටින්නේද හරක් කටා වේ.

ඒ අතර හරක් කටාරඳවා තබා ගැනීමට  පවතින රැඳවුමි නියෝග ඉවත් කර බන්ධනාගර ගත කිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හා ඔහුගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ බලවත් ප්‍රයත්නයක නිරතව සිටී.  



Spread the love

You may also like