උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඇමති විජේදාස හා පුත්‍රයා හරක් කටා නිදහස් කර ගැනීමේ කැත මෙහෙයුමක නිරත වන බව හෙළිවේ

Spread the love

සුප්‍රකට හෙරොයින් ජාවාරම්කාරයකු හා පාතාල ක්‍රියාකාරිකයකු වන හරක් කටා නිදහස් කර ගැනීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හා ඔහුගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහත් වෑයමක් දරමින් සිටින බව වාර්තා වේ.

මේ වන විටත් හරක් කටා විසින් නීතිඥ රඛිත රාජපක්ෂ වෙත ලබා දී ඇති මුදල කෝටි 30 ක් බව අනාවරණය වී තිබේ.

ඇමති තාත්තා හා පුතා නීතිය හා සාමය අමාත්‍යංශය බාර ඇමති ටිරාන් අලස්ට හා ඡ්‍යෙෂ්‍ඨ පොලිස් නිළධාරීන් වෙත හරක් කටා හට එල්ල වී ඇති චෝදනා යටපත් කිරීමට දරණ වෑයම ගැන ඔවුන්ගේ අප්‍රසාදය පිළිකුළ ප්‍රකාශ වී ඇති බවද නීතිය හා සාමය අමාත්‍යංශය වෙතින් පැවසේ.හරක් කටා බූස්ස බන්ධනාගාරයට යැවීම වලක්වා ගැනීමද මේ ඇමති තාත්තා ගේ හා පුතාගේ අපේක්ෂාව වී ඇති බවද දැනගැන්මට ඇත.එහිදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විනිසුරුවරුන් කිහිප දෙනෙකු හා එක්ව සැළසුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ,යම් හෙයකින් හරක් කටා අධිකරණයට ඉදිරිපත් කළ හොත් ඔහු බූස්ස බන්ධනාගාරයට නොයවා වැලිකඩ බන්ධනාගරයේ රැඳවීමට එම විනිසුරුවන් එකඟතාව ප්‍රකාශ කර ඇති බවත්  හෙළිදරව් වී තිබේ.ඒ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් එම විනිසුරුවරුන්ට කෝටි ගණනක මුදල් ලබා දීමටත් එකඟ වී ඇති බවද ප්‍රකාශ වේ.

එහෙත් මෙහිදී අධිකරණ ඇමතිවරයාගේ පිළිකුල් සහගත මැදිහත් වීම ප්‍රතික්ෂේප කරමින් නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් තවදුරටත් හරක් කටා රැඳවුමි නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබා ගැනීම⁣ට කටයුතු කර ඇතැයිද අප හට හෙළි වී තිබේ.

කෙ⁣සේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්  නියෝග මත රඳවා සිටින හරක් කටා කෝටි පහක මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්⁣තුවේ අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහට දී ඇති බවත් ඉන් කෝටි දෙකක පමණ මුදල් ප්‍රමාණයක් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ලබා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් ලංකා දවසට පැවසීය. 

හරක් කටා මේ වන විට ඇමති විජේදාස රාජපක්ෂ හා ඔහුගේ පුත්‍රයාටද ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිළධාරීන් වෙනුවෙන්ද වැය කර ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය කෝටි එකසිය විසි හතක් බව විමර්ෂණ වලදී හෙලි වී තිබේ.

යහපාලනය අවධියේ අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ ඒ දිනවල  ආයුද ජාවාරමක් සම්බන්ධව අධිකරණ චෝදනා එල්ල වී සිටි මේජර් සේනාධිපති සමග ඇමරිකාවේ ඩිස්නිලන්තයේ කළ සංචාරයක ඡායාරූප ⁣ෆීල්ඩ් මර්ෂල් ෆොන්සේකා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බවද අපට මතකය.

සිංහල බෞද්ධ කම ඉහේ සිට දෙපතුල දක්වා ඇතැයි අඟවන ඇමති විජේදාස රාජපක්ෂ පජාත කෙරුවාව අතීතයේදී එහෙමය.වර්තමානයේදීත් එහි කිසිම වෙනසක් නැත.



Spread the love

You may also like