උණුසුම් පුවත් උණුසුම් පුවත්

පාස්කු චැනල් 4 යටි අරුත මෙහෙමත් විය හැකිය

Spread the love

ආන්දෝලනාත්මක චැනල් 4 වැඩසටහන ප්‍රචාරය විය. ඉන් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සියලු අහුමුළු අනාවරණය  කරනු ඇතැයි බොහෝදෙනා සිතා සිටියහ. මෙම වැඩසටහන ඇතමුන්ට කන්දක් විලි ලා මී පැටියෙක් වැදීමට සමාන විය.

එහෙත් රාජපක්ෂ කඳවුර දැන් හැසිරෙන්නේ බූමිතෙල් වැටුන ගැරඬියකු විදියටය.ඔවුන් සියල්ලන්ගේම මුක පූට්ටු වී ඇති බව පැහැදිලිය.⁣රාජපක්ෂවරුන්ගේ ජාති ආලය රට වපුරා තිබෙන අවදියක  මෙය ප්‍රචාරය වූයේ නම් ඔවුන් ජනතාව පෙල ගස්වන්නට ඉඩ තිබුණි.එහෙත් දැන් රාජපක්ෂවරු ඉන්නේ කුණු බක්කියේ හතර ගාතේ වැටිලාය.සාටකයන් දැන් ජනතාවට අරහංය.තිත්තය.වහ කදුරුය.රාජපක්ෂ වරුන්ගේ සංඝ බලකායද සිටින්නේ කර කියා ගත නොහැකි තත්වයකය.

චැනල් 4 වැඩසටහන ඉතා කෙටිය.ඉන් අනාවරණය කර ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මූලික සැලසුම පමණය.එතැන් සිට සිදුවූ සිදුවීම් බොහෝ සිවිල් සංවිධාන,මාධ්‍යවේදීන්   විසින් මාධ්‍ය වල අනාවරණය කර තිබේ.පෝද්දල ජයන්ත,තරිදු උඩුවරගෙදර ,තරිඳු ජයවර්ධන එහිදී විශාල කාර්ය භාරයක් ඉටු කළ මාධ්‍යවේදීන් වේ.අප නම සඳහන් නොකළ මාධ්‍යවේදීන්ද ඒ අතර සිටින බවද සඳහන් කළ යුතුමය.

රාජපක්ෂවරුන් සමාජයට හුවා දක්වන්නට වෑයම් කරන්නේ ආගමික අන්තවාදීන් පිරිසක් සිය පවුලේ දේශපාලන බලය තහවුරු කිරීමට ඉදිරිපත්වේද යන තර්කයයි.ඒ තර්කය  ජාත්‍යන්තරයේ සිද්ධ වන හමුදා මෙහෙයුම් ගැන මෙලෝ හසරක්  නොදන්නා බව අඟවන බබා හුකුම් හැඩයේ ප්‍රකාශ වේ.කෙසේවෙතත් සිය පාදඩකම් අනාවරණය වන සෑම අවස්ථාවකම රාජපක්ෂ තක්කඩියන් හැසිරෙන්නේ අහිංසක තොත්ත බබාලා විදියටය.

චැනල් 4 නාලිකාවේ මේජර් ජනරාල් සුරේෂ් සලේ ගැන සිඳූ කළ සඳහන සම්බන්ධයෙන් මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය කිසිදු ප්‍රකාශයක් කර නැත.ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනපතිවරයාද ඒ ගැන නිහඬය.එම වැඩසටහන ප්‍රචාරය වීමටත් පෙර කිරි පණු ගාය වැළඳී තිබුණේ ඊනියා මහචාර්යවරයකු බව පවසන රොහාන් ගුණරත්න නම් තැනැත්තාටය.මුස්ලිම් අන්තවාදී සංවිධාන වලින් වැටුප් ලබන බවට සැක සිතිය හැකි  ආකාරයේ ඩබල් ගේම් කාරයෙක් වන මොහු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන මෙතරම් වද වෙන්නේ කාගේ අවශ්‍යතාවකට යන්නද අපට පැහැදිලිය.

කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ට වහල්කම් කරන පොහොට්ටුවේ වහළුන්ට දැන් කරන්නට ඇත්තේ එකම එක  දෙයකි.ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබදව පත් කරන ලද ජනපති කොමිසමෙහි වාර්තාවේ සදහන් සැක සහිත කාරණා විමර්ශනය කිරීමට ඉඩ දීම පමණය.එහිදී පාස්කු බෝම්බ ප්‍රහාරය සිඳු වීමෙන් පසුව එය විමර්ශනය කරමින් සිටි හා මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා වීමෙන් පසුව ස්ථාන මාරු කර හරින ලද පොලිස් කණ්ඩායමට ස්වාධීනව නැවත රාජකාරි කිරීමට ඉඩ දීමය.රාජපක්ෂවරුන් නිවැරිදි නම් එය තහවුරු කර ගත හැක්කේ එවැනි ක්‍රියාදාමයකින් පමණි. 

එසේ නැතුව අනේ අපි අහිසංකයි එහෙමත් නැතිනම් අපේ රජා මේ ගැන හාංකාවිසියක් දන්නේ නැති බවට පාර්ලිමේන්තුවේ අඳෝනා විලාප තබා වැඩක් වන්නේ නැත.එම විලාප තැබීම අසා සිටින ජනතාවට දුක සිතී රාජපක්ෂවරුන්  ආරක්ෂා කර ගැනීමට පාරට එනු ඇතැයි සිතීමත් දැන් විහිළුවකි. දැන් මෙරට ජනතාවගේ එකම සිහිනය වී ඇත්⁣තේ රට බංකොලොත් කිරීමට දායක වූ රාජපක්ෂ සනුහරය හා පොහොට්ටු පාදඩයන් වැලිකඩට දක්කන දවස කවදාද යන්න ගැන පමණය.

අප හට චැනල් 4 වැඩ සටහන පිළිබඳව තවත් සැකයක් මතු වී තිබේ.ඒ පාස්කු ප්‍රහාරය ගැන රට තුළ නිහඬියාවක් පවතින වටපිටාවක එය නැවත අවුස්සා ගත්තේ කාගේ අවශ්‍යතාවකටද යන්නය.අප තුළ පැවති එම සැකය තහවුරු කරමින් ජනපතිවරයාගේ සමීපතමයකු අප සමග පැවසුවේ අපේ ලොක්කාගෙ ගේම් ගැන ඉතින් කියන්නට ඕනෑ නැති බවය. ඔහු සිඳු කළ එම ප්‍රකාශය කිරා බලා සුද්ධ කර කල්පනා කර බලන විට එහි යටි අරුත යම් තරමකට සත්‍ය බව හිතන්නටත් පුළුවන්ය.

ජනපතිවරයා දැන් පොදු ජන පෙරමුණෙන් බාගයක් තම පිලට කඩා ගෙන අවසන්ය.ඔහුට තව දුරටත් රාජපක්ෂ සාටකයෙන් යැපෙන්නට අවශ්‍ය නැතුවා වන්නටද පුළුවන.මෙහිදී රාජපක්ෂ වරුන් ගේ දේශපාලනික පැවැත්ම පොලොවේ ගසා කුල්ල කුජීත කර දමන්නට හොඳම තුරුම්බුව පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඇතුලාන්තය එළියට දැමීමය.ජනපතිවරයා වැඩ බලන ජනපතිවරයා ලෙස පත් වූ අවස්ථාවේදී ප්‍රකාශ කරන ලද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසියට බාර දෙන බවය.චැනල් 4 වැඩසටහන ජනපතිවරයාගේ ඒ අපේක්ෂාවට රුකුලක් ගැනීමේ සැලසුමක්ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන සූදු කෙළියේදී කපටි නරියෙක් බව නම් ලියා තැබිය යුතුමය.


Spread the love

You may also like