උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික සභා රැස්වීමේ ආරවුලක්

Spread the love

පසුගිය 24 වන දින රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු

ආංශික සභා රැස්වීමේදී මහචාර්ය රොහාන් ගුණරත්න විසින් පාස්කු දින

ප්‍රහාරය ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක් සිඳු කළ ප්‍රහාරයක් බව සාක්ෂි සහිතව සනාථ වෙන්නේ යැයි අදහස් දැක්වීමේදී මුස්ලිම් කොංග්‍රස් නායක පාම රාවුෆ් හකීම් ඔහුට බාධා කරමින් දැඩි ලෙස බැණ වැදී ඇති බව වාර්තා වේ.

මෙහිදී පාම රාවුෆ් හකීම් විසින් මහාචාර්ය රොහාන් ගුණරත්න මහචාර්ය වරයකු නොවන බව ප්‍රකාශ කර ඔහුට රැස්වීමෙන් පිටත්ව යන ලෙසද නියෝග කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික සභාවේ සභාපති වරයා වන්නේ

පාම සරත් වීරසේකරය.

මහාචාර්ය රොහාන් ගුණරත්න සිංගප්පූරුවේ සි⁣ට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික සභාවට පැමිණියේ සභාවේ ආරාධනාවක් මත බවද  ආරාධිතයකු වශයෙන් පැමිණි ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්ණ කිරීම සඳාචාර සම්පන්න නොවන බව මෙහිදී පාම සරත් වීරසේකර  ප්‍රකාශ කර තිබෙි.

පාම සරත් වීරසේකර යනු මෙරට උග්‍ර ජාතිවාදියෙකි.ඔහු වැන්නකු ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආශික සභාවේ සභාපති වරයා වශයෙන් ස්වාධීනව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය.මෙම සභා රැස්වීමට රොහාන් ගුණරත්න ගෙන්වා අදහස් විමසීමෙන් පෙනී යන්නේ පාස්කු ප්‍රහාරය ගැන මෙරට පවතින ආන්දෝලනාත්මක 

ප්‍රශ්ණ කිරීම් යටපත් කිරීම පාම සරත් වීරසේකරගේ අවශ්‍යතාව බවය.


Spread the love

You may also like