උණුසුම් පුවත් උණුසුම් පුවත්

රාජ්කුමාරිගේ මරණය ඝාතනයක් බවට තීන්දු කෙරේ

Spread the love

වැලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලීසියේ අත් අඩංගුවේ සිටියදී මිය ගිය රාජ් කුමාරි නම් තැනැත්තියගේ අබිරහස් මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබේ.

රාජ්කුමාරි නැමැත්තියගේ ඝාතනයට සම්බන්ධ සියළුම පාර්ශවයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

වැලිකඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පහර දීමෙන් ඇයගේ මරණය සිඳු වී ඇති බවට කරුණු අනාවරණය වී තිබියදී එය වසන් කිරීමට පොලීසිය  දැඩි උත්සාහයක  නිරත විය.එහෙත් ඇයගේ මරණයට සාධාරණය ඉටු කිරීම සඳහා මෙරට නීතිඥයන් කණ්ඩායමක් මැදිහත්ව කටයුතු කිරීම නිසා එම මිනිස් ඝාතනය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු වූ බව පැහැදිලිය.

මේ වන විට වාර්තා වන ආකාරයට රාජ්කුමාරි මිය ගොස් ඇත්තේ මොට ආයුදයකින් හෝ ඊට සමාන බලයකින් පහර දීමෙන් මාංශ පේශී  වලට ඇතිවූ හානියෙන් ශරීරය තුළට රුධිරය කාන්දු වීම හා ඉන් ඇති වූ කම්පනය නිසා බව කරුණු ඉදිරිපත් වී ඇත.

වැලිකඩ⁣ පොලීසිය රාජ් කුමාරි  අත් අඩංගුවට ගැනීමෙන් පසුව සුධර්මා නෙත්තිකුමාර නැමැත්තිය ඇයට එරෙහිව පැමිණිල්ලක් කළ බව ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.පොලීසිය රාජ්කුමාරි හට  මෙලේච්ඡ ආකාර⁣යෙන් පහර දී තිබුණේ සුධර්මා නෙත්තිකුමාර නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් අතර පවතින අමුතුම ජාතියේ සම්බන්ධය නිසා බව කියවේ.කෙසේ වෙතත් ඇමතිවරයාගෙන් ලකූණු දමා ගැනීම සදහා අහිංසක ගෑණියකට වද දුන් පොලිස් කාරයන්ගේ දෑත් වලට මාංචු වැටීමට නියමිතය.දැන් ඒ පොලිස් කාරයන්ට ඇමතිවරයාගෙන් ලැබූණ ලකුනු වලින් මෙම මනුෂ්‍ය ඝාතනයෙන් නිදහස් වීමට ඉඩ ලැබේද යන්න  ගැන අපි විමසිල්ලෙන් බලා සිටිමු.ඒ ගැන අපට පොලිස් කාරයන්ට කියන්නට ඇත්තේ ඕව ඉතින් කාට කාටත් හොඳ පාඩම් බවය. 


Spread the love

You may also like