ණය ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශවයක නියෝග හෝ උපදෙස් රජය නොසළකන බව ජනපති රනිල් වික්‍රමසිංහ 2023 අගෝස්තු සිකුරාදා පොල් වගා කරුවන්ගේ වාර්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේය.දේශපාලන න්‍යාය පත්‍ර සඳහා තහනම් නියෝග ලබා ගැනීමට අධිකරණය යොදා ගැනීමේ උත්සාහයක් පවතින බවටද අදහස් පල විය.
මිලියන සංඛ්‍යාත ජනතාවගේ විශ්‍රාම ප්‍රතිලාභ වලට අහිතකර ලෙස බලපාන්නේය යන පදනම මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අභියෝගයට ලක් කරමින් පුරවැසියන් කිහිපදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අයදුම්පත් කිහිපයක් පිළිබඳව ජනපතිවරයා මෙම අදහස් පළ කල බව පැහැදිලිය.
විදේශ රටවල් අප සමඟ ගණුදෙනු කිරීමට කිරීමට ඇතිරුු නැඹුරුව අඩු විය හැකි බැවින් මෙම වැඩ පිළිවෙල නතර කිරීම අහිතකර ප්‍රතිඵළ ඇති කළ හැකි බවට ජනපතිවරයා කළ විග්‍රහය රටේ උත්තරීතර අධිකරණයේ රටේ උත්තරීතර අධිකරණයේ විනිසුරුවරුන් බිය ගැන්විමේ අරමුණින් සිඳු කරන ලද බලය බරපතල ලෙස අවභාවිතා කිරීමකි.
ජනපති ධුරයටද බලය ලබා දෙන ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව අධිකරණය හා විධායකය මගින් ප්‍රකාශ කරනු ලැබේ.විධායක ජනාධිපති ක්‍රමය තුළින් සැළකිය යුතු බලයක් ඇති ආණ්ඩුවේ එක් හස්තයක් විධායක හෝ පරිපාලන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඕනෑම පැමිණිල්ලක් සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති බලය අයුතඅ ලෙස භාවිතා කිරීමකි.අධිකරණයක් විසින් සමාලෝචනය කෙරෙමින් පවතින ක්‍රියාවලියක් නැවැත්වීමට අධිකරණ නියෝගවල සෘණාත්මක ප්‍රතිවිපාක ගැන ජනපතිවරයා අදහස් දැක්වීම විනිශ්චයට ලක් වී ඇති කාරණයක් පිළිබඳ මත ප්‍රකාශ නොකිරීමේ රීතියද කඩ කිරීමකි.
අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනපතිවරයා සිය ඉහළ නිලය භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිඥයෝ දැඩිව ප්‍රකාශ කරති.යුක්තිය පසිඳලීමට සහ තම පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට පුරවැසියන්ගේ අයිතිවාසිකම් ව්‍යවස්ථානුකූලව සහතික කර ඇත.එයට කරන මැදිහත්වීමක් අධිකරණයේ ස්වාධීනත්වයට පහරදීමක් වන අතර සමස්තයක් ලෙස අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසයද දුර්වල කරයි.එවැනි අත්තනෝමතික හැසිරීම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරයි.
ලාල් විජේනායක
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
කේ.එස්.රත්නවේල්
“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිඥයෝ”
කැඳවුම්කරුවන්
අධිකරණය ඉදිරියේ ඇති කාරණා ගැන අදහස් දැක්වීමට ඔබේ තනතුර පාවිච්චි නොකරන්න -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිඥයෝ ජනපතිවරයාට දන්වයි