උණුසුම් පුවත්

ලේ වැගිරීමකින් තොරව ශ්‍රි ලංකා දේශපාලන අර්බුදය විසදීමට මැදිහත් වෙන්න යැයි විශ්ව විද්‍යාල සිසුවෙක් බ්‍රිතාන්‍ය අගමැතිනිය ගෙන් ඉල්ලයි.

Spread the love

දිනෙන් දිනම ඉහළ යන ශ්‍රිලංකාවේ අර්බුදය මේ වනවිටත් ජනාධිපති මෛත්‍රිපාල ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරමින් දැඩි ඒකාධිපති වියරුවකින් පසුවේ.

ඒ නිසාම මෙම අර්බුදය හදහා බ්‍රිතාන්‍යට මැදිහත් වීමට නිතියානුකූල අයිතියකුත් ඇතැයි පවසන එම විශ්ව විද්‍යාල සිසුවා කියා සිටින්නේ ශ්‍රිලංකාව පොදුරාජ්‍ය මංඩලීය රටක් බැවින් මෙම ඉල්ලීම කලබවයි.

මෛත්‍රිපාල සිරි සේන ඔක්තෝබර් 26 වනදින ලාංකීය ජනතාව විශාල අර්බුදයක් තුලට ඇද දමා ඔහු දැන් එක් එක් පාර්ශවයනට වරද පැටවීමට උත්සහ ගන්නා බවයි.

එසේම රටක අගමැති වරයකු සිටියදී ඔහු කිසිදු ව්‍යවස්ථාමය කරුණක් හේතුවෙන් ඉවත් නොවී තවත් කෙනෙකු අගමැති ලෙසට නමකිරීමම රටේ ජනාධිපති විසින්ම රටේ උත්තරීතර නිතිය පාගාදමා දැඩි ඒකාධිපති යෙකු වීමට සිහින දකින බවකි.

ශ්‍රි ලාංකික සිසුවා ගේ එම ඉල්ලීම අනුව බ්‍රිතාන්‍ය රජය මේ වන්විටත් මෛත්‍රිපාල ජනාධිපති හා මිනිමරු රාජපක්ෂ පාලන ය එක්ව ගෙනයන නිති විරෝධි මෙම වැඩ පිලිබදව දැඩි අවධානය යොමු කොට ඇති බවට වාර්තා වේ.

ශ්‍රි ලාංකික සිසුවා මේ වනවිට බ්‍රිතාන්‍ය පිහිටි ලෝක ප්‍රකට විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන අතරම ඔහු කියා සිටින්නේ මේ අර්බුදය දිනෙන් දිනම ජනතාව වෙතට තල්ලු වීයන බවත් එසේ උවහොත් ශ්‍රි ලංකාව තුල නැවත වතාවක් විශාල ලේ වැගිරීමක් ඇතිවන බවයි. ඊට ප්‍රථම වහාම මෙම සිරිසේනගේ ක්‍රියාමාරගයට දැඩිපියවර ගැන්නීමට ඉල්ලා සිටි.

(එම සිසුවා ගේ ආරක්ෂාවට නම හෝ ඔහු ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලය සදහන් නොකරමු )


Spread the love

Leave a Comment

You may also like