උණුසුම් පුවත් වෙනත් උණුසුම් පුවත්

පොලිස් ඇමති ගේ දේශබන්දු කමිටුව අමුතුම මාදිලියේ ගේමක්

Spread the love

සංවිධානාත්මක අපරාධ ක්‍රියා හා මත් ද්‍රව්‍ය ජාවාරම් වැලැක්වීම සඳහා නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් විසින් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ

පොලිස් ඇමතිවරයා ගේ මේ කමිටු පත් කිරීම ගැන බඩ කොරවෙන තරමට හිනා ගිය අපට අපගේ හුස්ම හිර වෙන්නට ගොස් ගොඩ ආවේ යන්තමිනි.   මේ ඇමති ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.කොටින්ම කියතොත් මේ වාහේ අද  ඉන්නට ඕනෑ ජම්පරය ඇඳගෙන වැලිකඩ හිරගෙදරය.ඒ එල්ටීටී ත්‍රස්තවාදීන්ට මුල්‍යාධාර සැපයීමට අත් උදව් දීම පිළිබඳ චෝදනාවටය.රටේ කරුමයට ⁣දැන් මොහු පොලීසිය බාර ඇමති වී සිටී.⁣එපමනක්ද නොවේ එකම ඉඩමට කූඨ ලේඛන ඉදිරිපත් කර මේ උන්නැහේ රාජ්‍ය බැංකුවකින් ණය දෙකක්ද ලබා ගෙන තිබේ.

එහෙම බලනවානම් එය අපරාධමය වරදකි.එහෙත් ණය ලබා දුන් බැංකු⁣වට ඒ ගැන වගේ වගක් නැත.අහිංසක ගොවියකු ගත් සොච්චම් ණය මුදලක් ගෙවීම පැහැර හැරියොත් උසාවි දක්කන බැංකු අයියලා ටිරාන් අලස් ගේ නම ඇහැව්වාමත් බයාදු බලු කුක්කන් ගානට වැටී සිටී.රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නට දී ඇත්තේ එහෙම ජාවාරම්කාර පොරකටය.

මේ ජාවාරම්කාර පොර ගේ අග්‍ර පුරෝහිතයා වී සිටින්නේ ඔහුටම හරියන පොලිස් කාරයෙකි.ඒ දේශබන්දු තෙන්නකෝන්ය මේ දෙන්නා ජාඩියට මූඩිය වාගේය.දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරිමය කෙරුවාව ගැන ජාතික බුද්ධි සේවාව එයිටු ඉසෙඩ් දැනුවත්ය.පොලීසියේ ඇති හැට හුටාමාරක් බුද්ධි අංශද දේශබන්දු ගැන  හොඳින් දනී.දැන් මෙරට බුද්ධි සේවාවේ ලොක්කා මේජර් ජනරාල් සලේය.මේජර් ජනරාල් සලේ මේ දේශබන්දු තෙන්නකෝන්ගේ පාතාල ජාවාරම්කාර පැටිකිරිය ගැන නොදැන ඉන්න තරමේ බබෙක් නොවේ.දැන් අපට ප්‍රශ්ණය ඇත්තේ ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන් ගැන ජනපතිවරයා නොදැන සිටීමය.

එසේ වීමට නමි මේජර් ජනරාල් සලේ කොලය වසා ජනපතිවරයා ගොනාට අන්දා තිබේ.එසේත් නැතිනම් මේ පාතාල  ජාවාරම්කාරයන් දෙන්නා ගැන සොයා තමන්ගේ පස්ස පැත්තේ ටින් කිරි ගාගන්නට මේජර් ජනරාල් සලේ කැමැත්තක් නැතුවා වෙන්නට පුළුවන.

නීතිය හා සාමය ඇමති අලස් වට කර ගෙන ඉන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ තක්කඩි මාක් සෙට් එකය.ඇමතියා පොලීසිය සම්බන්ධීකරණ කරන්නට පත් කරගෙන සිටින ඒඇස්පී ගුණරත්න 

පෝද්දල පොලීසියේ රාජකාරි කරන විට හොර හරක් පටවා නෝන්ඩි වූ අයෙකි.

ඔහුගේ සිට පොලිස් ඇමතියා ගේ ඇට මිරිකමින් ඉන්නා පොලිස් කාරයන් රොත්තම අම්බ තක්කඩියන්ය.පොලිස් මුදලාලිලාය.දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කර ගැනීමට මේ උන්දැලා පුක ඉරාගෙන දැඟළුවේ තම තමන්ගේ මගෝඩි වැඩ ටික ගොඩ දාගන්නට පුළුවන් වෙන නිසාය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කර ගන්නට බැරි වුන එක ගැන ⁣ටිරාන් අලස් ඉන්නේ බරපතල අසහනයකිනි.ඒ හන්දා අමුතු ජාතියේ කමිටු හදා දේශබන්දු තෙන්නකෝන්ට රාජකාරිමය බලයක් පවරා ඔහු උඩ දාන්නට ඇමති අලස් ගේ හිතේ හීනයක් තියෙන බව පෙනී යයි. ඒ හීනය එසේ මෙසේ එකක් නොවේ.මාස තුනේ පොලිස්පති පැත්තකට කර දේශබන්දු හට  රාජකාරිමය බලයක් පවරා තමා⁣ගේ හා  තමන්ගේ කල්ලියේ යටි බිම් ගත දූෂිත ජාවාරම්කාර වැඩ පිළිවෙළට ආරක්ෂාව සළසා ගැනීමට ඇමතියා සැළසුම් කර ඇති බව පැහැදිලිය.

දේශබන්දු තෙන්නකෝන් යනු මෙරට හෙරොයින් ජාවාරම්කාර මුදලාලිලාගේ අතීසාර මිත්‍රයා බව පොලීසියේ පොලිස්  බල්ලන් පවා දනී.පොලිස් ඇමතියා හා දේශබන්දු තෙන්නකෝන් අමුතු ජාතියේ කමිටුවක් හදා මේ කරන්නට යන ගේම ගැන අපට අදහසක් තිබේ.මෙරට ප්‍රසිද්ධ හෙරොයින් ජාවාරම්කාරයන් දෙදෙනෙකු වූ හරක් කටා හා කුඩු සළිඳු දැන් ඉන්නේ පොලීසියේ අත් අඩංගුවේය.කුඩු සළිඳු ⁣රට යාමට පෙර දේශබන්දු සමග එක පත ⁣කුඩු කූ හැටි  බුද්ධි තොරතුරු වාර්තා තිබේ.පොලිස් අත් අඩංගුවේ සිටින කුඩු සළිදු පොලිස් ප්‍රශ්ණ කිරීම් වලදී හෙළදරව් කරමින් සිටින්නේ තමන්ගේ ජාවාරම්වලට එරෙහිවූවන් ගැනය.⁣පොලිස් ඇමති හා දේශබන්දු අමුතු ජාතියේ කමිටු හදාගෙන මේ දඟලන්නේ කුඩු සළිඳු ගේ විරුද්ධවාදීන්ට ෂොට් එක දෙන්නට බවට අපට සැකයක් මතු වී තිබේ.

ඒ සැළසුම ක්‍රියාත්මක වුව හොත් කුඩු සළිඳුට තනි අතේ ගේමක් ගසන්නට පුළුවන.

ඇතැම්විට කුඩු සළිඳු වාගේම තවත් මිත්‍රයන් දේශබන්දුට ඉන්නට පුළුවන.ඔවුන් ගේ ජාවාරම් වලටද මේ කමිටුවෙන් සිකියුරටි එක දෙන්නට හැකිය.

පොලිස් ඇමතියා හා ඔහු ව⁣ටකරගෙන සිටින  දේශබන්දු ඇතුළු පාදඩ පොලිස් ලොක්කන් රොත්ත ගැන ජාතික බුද්ධි සේවාවන් තොරතුරු වසන් කරන්නේ මක් නිසාද යන්න අපට බරපතල සැකයක් තිබේ.එසේ නැති නම් මේ ජාවාරමිකාර රොත්ත ගැන ක්‍රියා මාර්ග ගැනීමට ජනපතිවරයාට වාර්තා විය  යුතුය.එහෙත් වෙන්නේ නැත්තේද ඒ රාජකාරියමය.එසේ නම් අපට සිතන්නට තියෙන්නේ මෙරට සිද්ධ වන පාතාල ජාවාරම් වලට ජනපති කාර්යාලයේද සම්බන්ධතාවක් පවතින බවය.    

, or


Spread the love

You may also like