හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වලක්වා ගැනිමට කටයුතු නොකිරීම සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමක් බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ චෝදනා වලින් හිටපු පොලිස්පති නිදහස් කර කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම අද(3) යලි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවන විසින් නීතිපතිවරයා ගේ එම ස්ථාවරය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
ප්‍රීති පද්මන් සූරසේන,යසන්ත කෝසාගොඩ ,කුමුදුනී වික්‍රමසිංහ ,මහින්ද සමයවර්ධන ,අර්ජුන ඔබේසේකර ,යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනා විභාගය පැවැත්වේ.
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර රාජකාරිය පැහැර හැරලා- නීතිපති අධිකරණයට දන්වයි