ජනතාවිමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු උද්ගෝෂණය විශාල පිරිසක ගේ සහභාගිත්ව යෙන් (23) දින ලන්ඩන් නුවර පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යලය ඉදිරි පිට පැවැත්විය.
කිසිදු පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සියලුම දෙනා ඊට සහභාගි වීම ඉතාම කැපි පෙනුන ලක්ෂණයක් විය.
මේය ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කොට තිබු අතර ජනතාවිමුක්ති පෙරමුණේ ලන්ඩන් සංවිධායක දර්ශණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙහෙය වන ලදි.
ඊට මුස්ලිම් සංවිධාන හා දෙමළ සංවිධාන පැමිණ සභාගිවිය.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ලන්ඩන ශාඛාවේ සභාපති ප්‍රධාන නිලධාරි මංඩලයේ කිසිවෙකුත් ඊට සහභාගි නොවීය.
මෛත්‍රිපාල එලවමු, ශ්‍රිලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාගමු යන්න වෙනුවෙන් බ්‍රිතාන්‍ය තුල ජීවත් වෙන විශාල පිරිසක් ඊට සහභාගි විය.