ආදරණීය කෙහෙළිය සීයේ,
මං සීයා ටීවී එකෙන් ඒ දවස්වල දැකලා තියෙනවාය.මට සීයාගේ රැවුල තවමත් මතකය.මට ඇස් වාට්ටුවේදී විද්ද බේත නිසා මගේ ඇස් දෙකම පේන්නෙ නැතුව ගියාය.මට දැන් කිසිම දෙයක් පේන්නේ නෑය.මට දැන් ටීවී එක බලන්න බැරිය.සමහර වෙලාවට ටීවී එකේ ප්‍රවෘත්ති යන කොට සීයා ගේ කට හඬ නම් මට ඇහෙනවාය.මට ඇස් වාට්ටුවෙදි විද්ද බේත නිසා මගේ ඇස් දෙක පේන්නෙ නැතුව ගියාය කියලා තාත්තා ටීවී එකේ කිය කිය අඬන හැටි මං අහගෙන හිටියේ හරිම දුකෙන්ය. අපේ තාත්තා එහෙම අඬනවා සීයාට ඇහුනේ නැද්ද.මං ලොකුවුනාම දොස්තර මහත්තයෙක් වෙන්න ආසාවෙන් හිටියේ.කාර් එකක් අරගෙන බුරූම් ගාලා එලවන්නත් ආසාවෙන් හිටියේ.මං ඒ දවස්වල හවසට ටීවී එකේ කාටුන් බැලුුවා.අනේ සීයෙ දැන් මට ඒව බලන්න බෑ.සූටින් මාටින් සූර පප්පා වගේ කාටුන් මට තවම මතකයි.දැන් ඒව ටීවී එකේ යන කොට මම රූපය හිතේ මවාගන්නවා.
අනේ බුදු සීයේ ඇයි මට මෙහෙම කෙරුවෙ සීයෙ.
සීයා අහල තියෙනවද මේ කව් පේලිය.අපේ අම්මා ඒ කවි පේලිය ලස්සනට කියන කොට මම ඒ දවස්වල අහගෙන හිටියා.
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කිව්වා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නෑ මේවා
මල්වල සුවඳ මිස හොඳ පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා
මටද
එළියක් කියා මොකවත් හෙම
තියෙනවද
මට තේරුම් ගන්න අම්මේ බැරි
මොකද
උණුසුම දැනේ දහවල මට රැයට
වඩා
වෙනසක් හෙම තියෙනවද එහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලුු කුඩා
ලොකුවෙන කොට දැනේවිද මම අසමි අඬා
මට සීයේ ඊට වඩා ඒ කවිය කියන්න බෑ සීයේ.මාත් දැන් කණ කොල්ලෙක් නේද සීයෙ.ඇයි සීයෙ මට එහෙම වුනේ.සීයේ
මං ලොකුවුනාම මගේ ඇස් දෙක පෙනේවිද.කියන්න සීයෙ.කියන්නකෝ සීයේ.
මගේ ඇස් දෙක පේන්නෙ නැතුවුනේ සීයා නිසා කියල අම්ම දෙයියන්ට කියනවා.මට අහන් ඉන්නත් දුකයි.ඇයි සීයෙ මට එහෙම කෙරුවෙ.සීයගෙ මුණුබුරෙක්ගෙ ඇස් දෙක මේ විදියට ඉස්පිරිතාලෙ බේත් නිසා පේන්නෙ නැතුව ගියොත් සීයාට මොනවද හිතන්නෙ.සීයා ඒ මුණුබුරාට මොකද කරන්නෙ.ඇත්තටම මගේ ඇස් දෙක පේන්නෙ නැති වුන එක ගැන සීයාට දුකක් නැද්ද. ඉතින් සීයා අපේ නෑයෙක් වෙන්නැති හන්ද මං ගැන දුකක් දැනෙන්නෙ නැතුව ඇති.සීයේ දැන් මගේ අම්මයි තාත්තයි දැන් නිතරම ඉන්නෙ අඬ අඬ.දෙයියන්ට දුක කියනවා.බාල බෙහෙත් ගෙන්නපු සීයගෙ දරුවන්ට හෙණ ගාන්ට ඕන කියලා අම්මයි තාත්තයි නිතරම සාප කරනවා.
මං දකින්නෙ කලුවර විතරමයි සීයෙ. ඉස්සර මං දැක්ක කිසි දෙයක් මට දැන් පේන්නෙ නෑ සීයේ.අනේ අනේ සීයෙ මට හරි දුකයි.ඇයි සීයෙ මට මෙහෙම කෙරුවෙ.ඇයි සීයෙ බාල බෙහෙත් ගෙන්නුවෙ.සීයාට සල්ලි හොයා ගන්න අපි වගේ කිරි සප්පයන් ගෙ ඇස් පොට්ට කරන එක පව් කියල හිතුනෙ නැද්ද.සීයා බාල බෙහෙත් ගෙන්වල ගොඩාක් සල්ලි හොයා ගන්නව කියල හැමදෙනාම කියනවා.ඇත්තටම සීයෙ ඔච්චර සල්ලි මොකටද සීයෙ.සීයා මහ වනචරයෙක් කියලත් සමහරු කියනවා.පාරෙ රස්තියාදු ගහන බල්ලෙක් බැල්ලියෙක් දැක්කාම පස්ස පැත්ත ඉඹ ඉඹ යනවා වගේ සීයත් ලස්සන ගෑනියෙක් දැක්කාම කෙල හලන පෙරේතයෙක් කියල අපේ මාමා ඊයේ පෙරේදා දවසක අම්මා එක්ක කියනවා මට ඇහුණා.
“වෙන රටක නම් ආණ්ඩුවෙ බේත් වල වැරැද්දකින් පොඩි එකෙක් ගෙ ඇස් පේන්නෙ නැතුව ගියොත් ඒ රටේ ඇමතියා ඉල්ලා අස්වෙනවාලු කියල අපේ බාප්පා කීවා.හැබැයි සීයා නම් එහෙම මෙලෝ සම්මෙකට ඇමතිකමෙන් අස්වෙන ජාතියේ එකෙක් නොවේය කියල කිව්ව බාප්පා තුක් නොදකින් කාලකණ්නියා කියල බිමට කෙලත් ගහනවා මට ඇහුණා.ඕකා උගේ අම්ම අප්ප බේත් විස වෙලා මැරුණත් අස්වෙන්නෙ නැති එකෙක්ය.එහෙනම් දැන් මේ රටේ බෙහෙත් විස වෙලා දහ දෙනෙක් මැරිල තියෙන එකේ මේකා ඇමතිකමෙන් අස් වෙන්න එපායැ කියලත් එතැන හිටපු කවුදෝ කිව්වත් එක්කලා “
සීයාට හිතක් පපුවක් නෑ කියලත් මං බලන්න අපේ ගෙදරට එන නෑයො හැමදෙනාම කියනවා.ඒ නෑයො මගේ ඔළුව අත ගගා සීයාට හෙණ ඉල්ලනවා.මෙි කිරි සප්පයට සිද්ධ වුන දේට ඕකා මැරෙන්නෙ පනපිටින් කුණු වෙලා පණුවො ගහල කියල ඒ හැමෝම සීයාට බනිනවා.
අර ඒ දවස්වල අම්ම කියන කවි පේලියේ මේ කවියත් මට කටපාඩම්.
“..ලස්සන කියන දේ නහයට වත්
කනට
මගේ දිවට හරි මගෙ අත පය
වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන ලෙසට ..”
ඒ කවියෙ අන්තිම පදය සීයේ මම වෙනස් කරලම ලියන්නම්කො එහෙනම්.
ඉවසාගෙන ඉන්ට “සීයේ” බැරිය මට
සීයාට බුදුසරණයි;
මීට ,
ඇස් වාට්ටුවේදී බෙහෙත් විදලා ඇස් දෙක පේන්නැතුව ගිය මුණුබුරා
කෙහෙලිය රඹුක්වැල්ල සීයා වෙතටය…