උණුසුම් පුවත් උණුසුම් පුවත්

අඩු මිල ගනන් යටතේ සුපිරි බේත් තිබියදී වැඩි මිල ගනන් වලට බේත් ගෙන්වලා

Spread the love

රට පුරා බාල ඖෂධ වලින් රෝගීන් මිය යාමේ සිදු වීම් වාර්තා වෙද්දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙරට  ලියාපදිංචිව තිබූ ප්‍රමිතිගත ඖෂධ සමාගම් නොතකා හරිමින් ඉන්සියුලින් හා ඉන්සියුලින් අසිපේන් එන්නත් කුප්පි තොගයක්  ලියාපදිංචි නොකළ විදේශීය සමාගමකින් ගෙන්වන ලදැයි ⁣කියවෙන සිදුවීමක් වාර්තා වී තිබේ.මෙම ඖෂධ තොගය හදිසි මිලදී ගැනීම් ලෙස මිලයට ගෙන ඇති අතර එසේ මිලදී ගෙන ඇත්තේ අමතර ස්වාරක්ෂක තොගයක් වීම විශේෂ කාරණයකි.

පසුගියදා ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් කර ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ එම්.වයි.කේ.විල්ප්‍රඩ් දන්වා ඇත්තේ ඉන්සියුලින් කුප්පි තිස් දහසක් හා ඉන්සියුලින් අයසොපෙන් කුප්පි  12500 ක් මෙරට ලියාපදිංචි නොවූ යුක්රේන් සමාගමක් වන Indar සමාගමෙන් හදිසි මිලදී ගැනී⁣මක් ලෙස මිලදී ගැනීම⁣ට අවසර ලබා දෙන ලෙසය.මෙම සමාගම එම ඖෂධය සදහා තනි ලන්සුකරු බවත් සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් මේ සමාගමේ  දේශීය ආනයනකරුවන Yadan පුද්ගලික සමාගම හදිසි මිලදී ගැනීම් සඳහා අනුමත කළ සමාගමක් බවත් මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ එම්.වයි.කේ .විල්ප්‍රඩ් ඖෂධ නියාමන අධිකාරියට වැඩිදුරටත් දැනුම් දී තිබේ .

හදිසි මිලදී ගැනීම් අනුමැතියට යටත්ව පසුව⁣ ගෙන්වන ලද මෙම ඉන්සියුලින් ද්‍රාවන කුප්පි 30000ක් සඳහා ගෙවූ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 121884.8650කි.එහිදී එක් කුප්පියක් ඩොලර් 4ක් වේ.

ඉන්සියුලින් අයිසොපෙන් කුප්පි 12500ක් සඳහා මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 50785.3604කි.එම එක කුප්පියක්ද ඇමරිකානු  ඩොලර් 4 ක් වී තිබේ.

ඒ වන විටත් මෙම ඖෂධ ⁣ගෙන්වීම සදහා මෙරට ඖෂධ සංස්ථාවේ  ලියාපදිංචි ලංකාවේ පිළිගත් ඖෂධ සමාගම් වන ඉන්දියාවේ MJ bio pharm සහ ඩෙන්මාර්කයේ Novo Nordisk ඇමරිකානු ඩොලර් 1.55 ට ඉන්සියුලින් කුප්පියක් සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබී ඇත.මෙම මිල ගනන් ඉදිරිපත් කර ඇති සමාගම් අතර වූ ඉන්දියාවේ Wockhardt සමාගම එක් ඉන්සියුලින් කුප්පියක් සදහා ඉදිරපත් කර තිබූ මිල ඩොලර් 1.65කි.මෙම මිල ගනන් කැඳවීමේ ලැයිස්තුවේ අවසානයේ වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Gulf pharma සමාගමයි.එම සමාගම එක ඉන්සියුලින් කුප්පියක් සඳහා ඇමරිකානු ඩොලර් 4ක මිල ඉදිරිපත් කර තිබුණි.

මෙම මිල ගණන් කැඳවීම නොසලකා එක ඉන්සියුලින් කුප්පියක් සඳහා ඇමරිකානු ඩොලර් 2.35ක් වැඩිපුර ගෙවා මෙරට ඖෂධ සංස්ථාවෙි ලියාපදිංචි නොකළ යුක්රේන් සමාගමකින් ස්වාරක්ෂක තොග ලෙස ඉන්සියුලින් හා ඉන්සියුලින් අයිසොපෙන් ගෙන්වීම බරපතල වංචාකාරී සිද්ධියක් බව අපට වාර්තා වී තිබෙි.  


Spread the love

You may also like