උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඡෙනිපො දේශබන්දු ලේ බිලි ගැනීමට සූදානමේ- ප්‍රවේශම් වෙයල්ලා මිනිසුනේ

Spread the love

හිටපු පොලිස් පති සී.ඩී.වික්‍රමරත්නට ජනපතිවරයා විසින් ඉදිරි මාස තුන සඳහා සේවා දිගුවක් ලබා දී තිබේ.නීතිය  හා සාමය ඇමති ටිරාන් අලස් හා ඡෙනි⁣පො දේශබන්දු ගේ මාධ්‍ය ඇට්ටිම්බන් ඒ ගැන වාර්තා කර තිබුණේ ජනපතිවරයා පොලිස්පති තනතුරට වැඩ බැලීම සඳහා සී.ඩී .වික්‍රමරත්න පත් කරන ලද්දේ නීතිය හා සාමය පිළිබඳ ඇමති ගේ නිර්දේශය මතය.

ඒ ගැන අපට ලියන්නට ඇත්තේ ටිරාන් අලස් ඇමතිවරයා සරම උස්සා ලැජ්ජාවට මූණ වසා ගන්නට හැදුවාට තුන එළියේ බවය.ටිරාන් අලස් නැතිනම් පොලිස් දෙපාර්තමේන්තුව වසා දමන්නට වෙනවා යැයි ජනපතිවරයා කල්පනා කරනවා ඇති යැයි ටිරාන් අලස් ගේ ලියුම්කාර අම්බැට්ටයන් සිතා සිටින බව පැහැදිලිය.

⁣⁣වැබ පොලිස්පති පත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ හුරතල් මේජර් ජනරාල් කමල් ගුණරත්නද සහභාගි වී ති⁣බේ.එහෙත් දැන් ජනපතිවරයා මේ හුරතල් මේජර් ජනරාල් කමල් ගුණරත්න යනු හිස් පොල් කෝම්බයක් බව දනී.කවුරුත් නොදන්නවා වුනාට දැන් ජනපතිවරයාට ආරක්ෂක උපදෙස් දෙන්නේ කාලතුවක්කු හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් බාලසූරිය වෙි.

තමන්ගේ පොලිස්පති හීනය බිඳ වැටීම නිසා කම්පනයෙන් සිටින දේශබන්දු තෙන්නකෝන් මෙලේඡච සාහසික කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.ඒ වැබ පොලිස්පති වරයාට වඩා තමා පාතාල මර්ධනයට දක්ෂයෙකු බව ජනපතිවරයාට ඇඟවීමටය.

එම සැලසුම ක්‍රියාත්මක කිරීමට දේශබන්දු තෙන්නකෝන් මේ වන විටත් තමන්ට  හිතවත් පොලිස් ඕඅයිසීලා දැනුවත් කර තිබේ.ඒ තම තමන් ගේ පොලිස් බල ප්‍රදේශවල අයි ආර් සී නාමධාරී පාතාලයන් අත් අඩංගුවට ගෙන මරා දමන ලෙසටය.දේශබන්දු තෙන්නකෝන් දැන් ජනපතිවරයාගෙන් ලකුණු දමා ගන්නට වෑයම් කරන්නේ මේ රටේ ජනතාවගේ රුධිරය මතිනි.

අපට ප්‍රශ්ණය වී ඇත්තේ මේ තක්කඩියා සමග නීතිය හා සාමය පිළිබඳ ඇමති අතර පවතින සහ සම්බන්ධයයි.මේ දෙදෙනා ගේ සම්බන්ධය පුකට අමුඩය වාගේය.මේ හේතුව නිසාම බස්නාහිර පලාතේ පොලිස් නිළදාරින්ට ඇමතිවරයාත් ඡෙනිපොත් වහ කදුරු වී ඇති බවට අපට දැන ගැන්මට තිබේ.

මීට පෙර පන්නිපිටිය රසායනාගාරයක් තුලදී අහිංසකයකු ඝාතනය කිරීමද පාතාලයන් විසින් සිදු කළ ඝාතනයක් නොවන බවට අපට මේ වන විට තොරතුරු ලැබී තිබේ.එය දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත සිදුකරන ලද මිනිස් ඝාතනයක් බවට අපි වගකීමෙන් සඳහන් කරමු.


Spread the love

You may also like