ජනපතිවරයාගේ සමීපතමයකු සැළකෙන කුඩු වජිර නොහොත් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත බලපෑම් කර රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබූ කෝටි එකහමාරක් වටිනා රත්තරන් තොගයක් නිදහස් කර ගෙන ඇති බව වාර්තා වේ.
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ අධ්‍යක්ෂ වරයාට රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් විසින් සිය අත්සන සහිතව ලිඛිතව දන්වා ඇත්තේ
BIA /CASE/011/2023 රේගු නඩුවේ විමර්ශන නියෝග සම්බන්ධව 2023/02/07දින හිටපු ඇමති කොට වජිර නොහොත් වජිර අබේවර්ධන ගේ ඉල්ලීම අනුව මේ ලිපිය යොමු කරන බවය.
අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥා පනතේ 2 වන විධිවිධාන යටතේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණ නිළධාරියා ලබා දුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ වෙත දන්වා තිබේ.ඉන් පසුව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවති අදාල බදු අය කර ගැනීම මත රන් ආභරණ නිදහස් කිරීම මත රන් ආභරණ නිදහස් කිරීමටද මෙහිදී රේගු අධ්‍යක්ෂ ජනරාල් නියෝග කර ඇත.
ඒ අනුව රුපියල් ලක්ෂ 150 කට වඩා වැඩි වටිනාකමක් සහිත නීති විරෝධීව රාජසන්තක කරන ලද වත්කම් ප්‍රමාණයක් රුපියල් ලක්ෂයකට දඩයක් අය කර ගෙන මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් හිටපු කුඩු වජිර නොහොත් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන බලපෑම් මත කටයුතු කර තිබෙන බව තහවුරුවී තිබේ.
කුඩු වජිර නොහොත් වජිර අබේවර්ධන යහපාලන ආණ්ඩුව බිඳ දැමීම සඳහා කූඨ කුමන්ත්‍රණයක නිරත වූ පාදඩයෙකි.මොහු යහපාලන බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණය කරන ලද්දේ ඔහුගේ සමීපතමයකු වන මේජර් සේනාධිපතිට එරෙහිව චෝදනා කරන ලද ඇවැන්ගාඩ් නඩුව නිසාය.ඇවන්ගාඩි මේජර් සේනාධිපති විසින් කුඩු වජිරට තර්ස්ටන් පාරේ සුඛෝපභෝගී නිවසක් පවා ත්‍යාග කර තිබේ. රනිල් රාජපක්ෂ තමන්ගේ සමීපතමයකු බව අඟවමින් මේ ජරා තක්කඩියා මේ වන විට බොහෝ දූෂිත ජාවාරම්වල නිරත වෙමින් සිටී.මෙරට ලැයිස්තුගත අපරාධ කරුවෙකු ගේ හෙරොයින් ජාවාරමටද මේ තක්කඩියා හවුල්කාරිත්වය දරන බවද මෙරට බුද්ධි සේවා වාර්තා වලින් අනාවරණය වේ.
බන්දුල කරුනාරත්න නම් අභියාචනා විනිසුරු තක්කඩියා එම අධිකරණයේ වැඩ බාර ගත් දවසේ කුඩු වජිර අමතා පැවසූ දෙයක්ද අපට වාර්තා වී තිබේ.
“..ඇමතිතුමා මම වැඩ බාර ගත්තා.ස්තූතියි තියෙන ඕනම දෙයක් කියන්න.මම මගේ නම්බර් එක ටෙක්ස්ටි එකක් දාන්නම්.තව මගේ වැඩකට හම්බවෙන්නත් ඕන…”
මේ බන්දුල කරුනාරත්න විනිසුරු තක්කඩියා කුඩු වජිරට පැවසූ කතාවය.වජිරයා ඒ වෙලාවේ තමන් පොරක් බව පෙන්වන්නට ඒ ඇමතුමට පිළිතුරු දුන්නේ තමන්ගේ ෆෝන් එකේ මයික් ඔන් කරගෙනය.
කරුමයට ලංකා දවසේ ඉන්ට් එකේ එකෙක් ගොනා හා තනකොල වාගේ එතැන ඉඳගෙන ඒ සංවාදය අහගෙන හිටියේය.
කුඩු වජිර නොහොත් වජිර අබේවර්ධනගේ රත්තරන් ජාවාරමක් හෙළිවේ
