උණුසුම් පුවත් උණුසුම් පුවත්

මවුබිමේ අභිමානය කෙලසා ජනපතිවරයා රහසේම යුද හමුදාව කප්පාදු කරයි – රටට බරපතල අනතුරක්

Spread the love

ජනාධිපති රනිල් ආණ්ඩුව ගෙන යාමට හදන්නේ අමුතුම හැඩයකටය.ඒ ඔහුගේම උපාය උපක්‍රම යොදා ගනිමිනි.කුමන්ත්‍රණකාරීව ආණ්ඩු බලය ලබා ගත් ජනපති රනිල් දැන් සැලසුම් කරන්නේ සිය මාමා වූ ජේආර්  බලය තහවුරු කරගත් ආකාරයටම  තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමටය.

ඔහුට ඒ සඳහා විරුද්ධ පක්ෂ කණ්ඩායම් මර්ධනය කිරීමට,හීලෑ කරගැනීමට හා නිර්දේශපාලනීය කිරීමට සිඳු වෙනු ඇත.සිය මාමාට මෙන් හයෙන් පහක දේශපාලන බලයක් ජනපතිවරයාට නොමැති බැවින් වැඩේ ලේසි නැත. එහෙත් ජනපතිවරයා වැඩේ අත් හරින්නේද නැත.මේ වන විට විරුද්ධ මතවාදීන් ගේ විරෝධතාවන් දියාරු කරන්ටත් හුදකලා කරන්ටත් ඔහුට හැකිවී තිබේ.

⁣අද මෙරට ඇත්තේ සිල්ලර දේශපාලනික විරෝධතාවන් පමණකි.එය සමාජය ඉස්මත්තට පැමිණීම වැලැක්වීමට ජනපතිවරයා සමත් වී තිබෙි.යහපාලන රජය බිම දැමීමට මිල්ටෙරි නන්ද⁣සේන ඇතුළු පොහොට්ටු නඩයට හැකිවූයේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව දක්වා පොදු සමාජය බිය ගැන්වීමෙනි.ඒ පණිවිඩය සමාජය මත තහවුරු කිරීම සඳහා  සඳහා පොදු ජන පෙරමූණු නඩය තුළ විවිධ සංවිධාන තිබුණි.විශේෂයෙන්

ජාතික ආරක්ෂාව ,ආගම ආදී සංවේදී නිලයන් අවුස්සා ජනතාව තම පාක්ෂිකත්වය වටා ගොනු කර ගැනීීමට මේ ජාතිවාදී සංවිධාන වලට හැකි විය.වර්තමානය වන විට එම ජාතිවාදී සංවිධාන වාෂ්ප වී ගොසිනි.ජනපති රනිල් එම හිස් තැන ඉතා මනාව කළමනාකරණය කරමින් සිය අවශ්‍යතා ඉටු කරගනිමින් සිටින බව පැහැදිලිය.

මේ වන විටත් රනිල් අත තබා ඇත්තේ රණකාමිත්වයෙන් පෝෂණය වී ඇති යුද හමුදාව තුනී කිරීමටය.මේ පිළිබඳ මෙතෙක් සමාජයට අනාවරණය වී නැත.විශාල හමුදාවක් නඩත්තු කිරීම අනවශ්‍ය බව ජනපතිවරයාගේ අදහස වී තිබේ.ඔහු එහිදී රෙජිමෙන්තු  ගනනාවක් හැකිලීමට උපදෙස් ලබා දී තිබේ.ඒ අනුව දැනටමත් කාලතුවක්කු හමුදාවේ අතිරේක රෙජිමෙන්තු ගනනාවක් රෙජිමෙන්තු තුන හතරකට හකුලවා ඇති බව වාර්තා වෙි.අනතුරුව විශේෂ සේවා බලකාය ආදී අනෙකුත් රෙජිමෙන්තු හකුලනු ඇත.රට අභ්‍යන්තරයට පමනක් සීමා වූ යුද හමුදාවක්  පවත්වාගෙන යාම ජනපති රනිල් ගේ අදහස වී තිබේ. චීනය ඉන්දියාව හා ඇමරිකාව ආදී රටවල් වලට මෙරට ඉඩම් බදු දීමෙන් එම රටවල ආධාරයෙන් මෙරටට ජාත්‍යන්තරව එල්ල විය හැකි යුද එදිරිවාදිකම් හා තර්ජන මැඩ පැවැත්වීමට හැකි වටපිටාවක් ස්ථාපිත කිරීම ජනපතිවරයාගේ අරමුන වී ඇත.

ඔහු ඒ සැලැස්ම සිතියම් ගත කර ඇති ආකාරය ඉන්දියාවට ත්‍රිමලය තෙල් ටැංකි බදු දීමත් චීනයට කොළඹ හා හම්බන්තොට වරාය පර්යන්තය බදු දීමත් ඉන්දියාවට පලාලි ගුවන් තොටුපොළ බදු දීමත් ආදියෙන් නිශ්චය කර ගත හැකිය.

කොටින්ම කියතොත් මෙරට ආරක්ෂා කිරීමට සිටිනවා යැයි කියන සතරවරම් දෙවියන් ගේ රාජකාරිය චීනය ඉන්දියාව හා ඇමරිකාව යන මහා බලවතුන් තුන් දෙනා වෙත හිමි වන අයුරින් ලංකාවේ සතර කොන බදු දී මෙරට මිල්ටරියට වැයකරන මුල්‍ය ප්‍රතිපාදන අඩු කර ගත හැකි යැයි ජනපති රනිල් සිතා ගෙන සිටී.

රට විකුනනවාය කියන්නේ මේකටය.එහෙත් මේ ක්‍රියාවලියට එරෙහිව පාරට බහින්නට එකෙක් බේතකට හොයා ගන්න⁣ට දැන් නැත.රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යා⁣ගයෙන් මුදා ගත් උතුරු නැගෙනහිර ප්‍රදේශ හා ඒ අවට දූපත් ඉන්දියාවේ ව්‍යාපාර සඳහා බදු දෙමින් තිබේ.ඒ සඳහා ඉඩම් පවරා දීමට උතුරු නැලෙනහිර හමුදා කඳවුරු සංඛ්‍යාව මේ වන විටත් අඩු කරමින් සිටී.

මේ ක්‍රියාවලිය පිළිබඳව රනිල් වික්‍රමසිංහ සිහින දැක්කේ අද ඊයේ සිට නොවේ.ප්‍රභාකරන් හා ඊනියා සාම ගිවිසුම අත්සන් කිරීමෙන්ද ඔහු බලාපොරොත්තු වූයේද මේ වර්තමාන ක්‍රියාවලියමය.එපමනක් නොවෙි මෙරට බුද්ධි අංශයේ තිස් පස් දෙනෙකු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය රනිල් හමුදාව  පිළිබඳව තිබූ නොසැලකිල්ල  නිසාය.      විධායක ජනපතිවරයා ලෙස අද ඔහු තුළ එදා පැවති අවශ්‍යතාව ඉතා උපක්‍රමශීලීව ඉටු කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.ඒ සඳහා බාධාවකින් තොරව යොදා ගැනීමට හැකි “යර්ස් සර්” පන්නයේ ලාමක ටිං ටිං ආරක්ෂක ලේකම් වරයෙක්ද නෝන්ජල් හමුදාපතිවරයෙක්ද සිටී. 

අද මෙරට සමාජයේ සෑම තරාතිරකම අයවළුන් සිවිල් සමාජ සංවිධාන  දේශපාලන ක්‍රියාකාරිකයන් හා ජනතාව මුහුණ පා සිටින්නේ ආර්ථික අර්බුදයටය.සියළු පාර්ශවයන් ප්‍රශ්ණ කරමින් සිටින්නේ හා කල්පනා කරමින් සිටින්නේ මෙම ආර්ථික අර්බුදයෙන් මි⁣දිය හැකි අවස්ථාවන් ගැනය.

මේ වටපිටාව තුළ ඒ කිසිම පාර්ශවයකට භූමියේ ආරක්ෂාව ගැන බර තබා  සිතන්නට ඉඩක් නොපවතී. ජනපති රනිල් නිදහසේ හොරට කාඩ් සෙල්ලම් ⁣කරන්නේ එම නිසාය.

විරුද්ධ පක්ෂය නියෝජනය කරන හැම පක්ෂයකම අපේක්ෂාව වී ඇත්තේ බලය ලබා ගැනීම සඳහා සිය සාමාජිකයන් වැඩි කර ගැනීමේ ප්‍රවර්ධන වැඩ සටහන් සඳහාය.බොහෝ දේශපාලන ක්‍රියාකාරිකයන් බලය ලබා ගැනීම සඳහා යටි බිම් ගත කුමන්ත්‍රණ කරමින් සිටී.එහෙත් ජනපති රනිල් ගේ යටි කූට්ටු වැඩපිළිවෙල පරාජයට පත් කිරීම හෝ ඔහුගේ දේශපාලනික මාර්ග සිතියම නිසි අර්ථයෙන් තේරුම් ගැනීම⁣ට ඒ කිසිවෙකුට නොහැකි වීම ජාතියේ අවාසනාවය. 



Spread the love

You may also like