මීට වසර දෙකකට පමණ පෙර ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ රුපවාහිනී ළමා රියැලිටි වැඩසටහනක පසුතල නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර ඇති පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නම් පුද්ගලයා මේ වන විට නීතියේ සිදුරින් රිංගා ගොස් ඇති බව වාර්තා වෙයි. කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් මොහුව අත් අඩංගුවට ගන්නා විට මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ පොලිසිය විසින් සොයා ගන්නා ලදි. අත් අඩංගුවට ගස් සීඩී තැටි වල දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය ආකාරයට රූපගත කල දර්ශන මෙන්ම ළමුන් ගේ පූර්ණ නිරුවත් දර්ශනද තිබී ඇත.
නිරන්ත එදිරිසිංහ බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන ඇත. මොහු මෙම ජාවාරම සිදු කොට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන උපුල් හේවා ජයසිංහලාගේ නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සමග බව මූලික පරීක්‍ෂණ වලදී හෙළිවී තිබුණි. ජයසිංහලාගේ උපුල් හේවා සහ නිරන්ත එදිරිසිංහ විසින් එක්වී ළමා කාම වීඩියෝ නිශ්පාදනය කොට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කුඩා දරුවන් කෙරෙහි විකෘති කාමාශාවෙන් පෙලෙන පුද්ගලයන්ට අලෙවි කොට විශාල මුදලක් උපයා ගන්නට ඇති බව පොලිසිය විශ්වාස කරයි. එහෙත් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ගෙන අන්තර්ජාතිකව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ළමා කාම වීඩියෝ ජාවාරම පිලිබඳ විමර්ශණ කටයුතු වලදී ශ්‍රී ලංකා පොලිසිය විසින් ඕස්ට්‍රේලියානු බලධාරීන්ට ප්‍රමාණවත් සහායක් ලබා දී නොමැත. තවද මෙම අපයෝජනය පිලිබඳව මෙතෙක් සිදු කරන ලද පරීක්‍ෂණ ඕස්ට්‍රේලියානු බලධාරීන්ට මෙතෙක් ලබාදී නොමැති අතර මේ නිසා වෛද්‍ය උපුල් හේවාට විරුද්ධව පියවර ගැනීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් අපොහොසත් වී තිබේ. මේ වන විට දොස්තර උපුල් හේවා ඕස්ට්‍රේලියානු බලධාරීන් ගේ පූර්ණ ආවේක්‍ෂණයක් යටතේ සිටින අතර ළමුන් සම්බන්ධ ක්‍රියාකාරකම් වලට සහභාගි වීම සඳහා ඔහුට සීමා පනවා තිබේ. රිමාන්ඬ් භාරයේ සිටි නිරන්‍ත එදිරිසිංහ ප්‍රකට දේශපාලකයෙකුගේ සහාය ලබා මේ වන විට නිදහස් වී ඇ