උණුසුම් පුවත් උණුසුම් පුවත්

මානව හිමිකම් කොමිසමට හා මැතිවරණ කොමිසමට නව සාමාජිකයන් පත් කෙරේ

Spread the love

මානව හිමිකම් කොමිසමට හා මැතිවරණ කොමිසමට නව සාමාජිකයන් පත් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.

ඒ පත්කිරීම් පරිදි මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස විමලසේන පුංචිහේවා,තයිමුත්තු තනරාජ්,මහාචාර්ය ෆාතිමා ෆර්සානා සහ ආචාර්ය ගෙහාන් දිනුක් නම් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආර්.එම්.එල්.ඒ.රත්නායක පත් කර ඇති අතර එහිඅනිකුත් සාමාජිකයන් ලෙස එම්.ඒ.පද්මසිරි,චන්ද්‍රවංශ පෙරේරා හා අමීර් මොහොමඩ් ෆායිස් පත් කර ඇත.   


Spread the love

You may also like