පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු වාර්තා නොකරන ලදැයි කටාන පොලීසියේ බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයකු සේවයෙන් නෙරපා හරින ලදැයි මාධ්‍ය වාර්තා කර තිබේ.මෙම සැරයන් වරයාට එරෙහිව විනය කඩ කිරීම් 12 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.
පාස්කු බෝම්බ ප්‍රහාරයට වග කිව යුතු බවට චෝදනා ලැබ සේවයෙන් ඉවත් කළ පළමු පොලිස් නිළධාරියා මෙම සැරයන්වරයා වේ.
පොලිස්පතිවරයා චණ්ඩියෙක් වෙලාය.ඒ පොලිස් සැරයන් වරයෙකුට නැත්තටම නැතිවෙන්නට වෙන්නම ෂොට් එක දීම නිසාය.
ජනපති කොමිෂමෙන් චෝදනා එල්ල වූ………….
අපට දැන් මතක් වෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වග කිව යුතු යැයි ජනපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරන ලද පොලීසියේ ඉහළ ඇවරියේ පොලිස් ලොක්කන් ගැනය.එහිදී පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිය රාජකාරිමය වගකීමි පැහැර හැරීම ගැනඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කළ මූලික පරීක්ෂණයකින් පසුව චෝදනා පත්‍ර කෙටුම්පත් ජාතික පොලිස් කොමිෂමට යොමු කෙරිණි.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් 11 එරෙහිව විමර්ශනය කර විනයානුකූලව පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් නීතිපති වරයා ලිපියක් යොමු කර තිබූ අතර එහි නම සඳහන්ව තිබූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හැර සෙසු 10 දෙනාට විනය පියවර ගත යුතු බව පොලිස් විමර්ශන ඒකකය ජාතික පොලිස් කොමිෂම වෙත පවා නිර්දේශ කර තිබුණි.
පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුවේ මීගමුව ප්‍රදේශය බාරව සිටි නියෝජ්‍යපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි මැදිහත් වීමක් සිදු කර නැති බවට ජනපති කොමිෂමෙන් චෝදනා එල්ල වූ අතර එකල බස්නාහිර පළාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහට එරෙහිව නඩු පවරන ලෙසද කොමිෂම නිර්දේශ කරන ලදී.
මෙසේ චෝදනා ලැබූ පොලිස් ලොක්කන් ඉහෙන් බහින ආබාධයක් නැතුව තවමත් රාජකාරියේ නිරතව සිටී.ඇතමකුට උසස්වීමි පවා ලැබී තිබේ.
එහෙත් පොලිස් සැරයන් වරයකු පොලිස් දෙපාර්තමෙින්තුවෙන් නෙරපා ඇත්තේද ඔය පොලිස් ලොක්කන් වෙත එරෙහිව තියෙන චෝදනා වලටමය.ඒ පොලිස් ලොක්කන්ට එරෙහිව පොලිස්පතිවරයා කටයුතු නොකරන බවද පැහැදිලිය.
පහත් තැනින් ගලා ගලා යයි ජලේ යැයි කියවෙන සින්දුව අපට මතක් වෙන්නේ ඔය වෙලාවටය.