උණුසුම් පුවත් උණුසුම් පුවත්

කුරුන්දි විහාර ඉඩම් ප්‍රශ්ණය මතු කිරීම ආණ්ඩුවේ තවත් ගේමක්ද

Spread the love

කුරුන්දි විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පසුගිය 8 වන දා ජනාධිපති කාර්යා⁣ලයේ පැවැති රැස්වීමකදී ජනපතිවරයා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් රට තුළ මහත් ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී තිබේ.ඒ අතරේ එම රැස්වීම ⁣නියෝජනය කළ පුරාවිද්‍ය කොමසාරිස්වරයා පෞද්ගලික හේතවක් බව දන්වා සේවයෙන් ඉවත් වූ බව වාර්තා විය.

සැබැවින්ම මෙම කුරුන්දි විහාරයේ ඉඩම් පිළිබඳ ප්‍රශ්ණය ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී යටි බිමිගත න්‍යාය පත්‍රයකට අනුව සමාජයට මුදා හැරුණ සිද්ධියක්  බවට අපට හැඟී යයි.

අප එසේ කියන්නේ ජනපතිවරයා විසින් පැවැත්වූ එම සාකච්ඡාව ආවරණය කිරීම ජනාධිපති මාධ්‍ය  ඒකකයට පමනක් සීමා වී තිබුණි.එම සාකච්ඡාව පිළිබඳ ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු ප්‍රථමයෙන් ලබා දිය යුතු වන්නේ මෙරට මාධ්‍ය ආයතනවලටය.එහෙත් මාධ්‍ය ආයතන වලට ලබා දීමට ප්‍රථම මේ සාකච්ඡාව සමාජ මාධ්‍ය වල පල වූයේ කෙසේද යන්න ගැන අප අවධානය යොමු කළ යුතුය.එය එසේ ලබා දිය යුතු වන්නේද ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි.පවතින සම්ප්‍රදාය ඉක්මවා ජනාධිපති මාධ්‍ය ඒකකය මෙසේ කටයුතු කිරීම අපට බරපතල ප්‍රශ්ණයකි. 

මෙවැනි සංවේදී ප්‍රශ්ණයක් සමාජ මාධ්‍ය වලට මුදා හැරීමෙන් රට තුළ ආගමික උන්මාදය අවුස්සා ඒ ආශ්‍රිත ප්‍රශ්ණය යටපත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේද යන්න සැකයකි.ඒ දෙමළ පක්ෂ නියෝජිතයන් ගොනාට ඇන්දීමට විය හැකිය.

එසේත් නැතිනම් මෙම ප්‍රශ්ණය සමාජගත කර රට තුළ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ සමාජ කළකිරීම අමතක කරවීමට කටයුතු කරාද යන්නත් අදහසක් මතු වී තිබේ.මේ වන විටත් යම් යම් දේශපාලන පක්ෂ රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව පැවැති අවධානය පසෙකට කර කුරුන්දි විහාර ඉඩමි ප්‍රශ්ණය සිය න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගෙන තිබීම ඒ ගැන හොඳ සාක්ෂියකි.

කෙසේවෙතත්  ජනාධිපති මාධ්‍ය ඒකකය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නට උත්සාහ කර ඇති බවක්ද පෙනී යන බව අපට සඳහන් කළ හැකිය

,


Spread the love

You may also like