පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාවක් විශාල ජන සහභාගිත්වයකින් යුතුව අද (13)තංගල්ල නගරයේදී පැවැත්විනි
එහිදී ජන රැළිය ඇමතූ ජාතික ජන බලවේගයේ නලින් හේවගේ මෙසේ පැවසීය
ජාතික ජන බලවේගය ගමින් ගමට ගිහිල්ල නගරයට ගිහිල්ල වැඩපොලට ගිහිල්ල මහා ජන බලයක් ගොඩ නගල ඒ අවුරුදු හැත්තෑපහක දුර්දාන්ත පාලනය වෙනස් කරන්න ප්‍රජාතාන්ත්‍රිකව රාජ්‍ය බලය ලබා ගන්න දැවැන්ත ගමනක නියැලී සිටියා.පහුගිය
මාර්තු මාසයෙ ඡන්දය තිබ්බ නමි තංගල්ල ප්‍රාදේශීය සභාව නගර සභාව විතරක් නොවෙයි මුළු ලංකාවෙම සභාවල් රතු බලකොටු බවට පත්වෙනවා.අන්න ඒක දැක්ක මහින්දගෙ කලිසම තෙත් වුනා.රනිල් ගෙ කලිසම තෙත් වුනා.මුන්ට මුත්‍රා ගියා.ඒක නිසා මුන් මැතිවරණය මංකොල්ල කෑවා.දැන් රනිල් ඡන්දෙ දෙනිනෙ නැතිනමි අරගලය තියෙන්නෙ මහපාරෙ.හැප්පිල බලපං .අපි ඒ පාරෙන් එනවා.දැන් මේකා කිව්වා ඡන්දෙ තියන්න සල්ලි නෑ කියලා.මිලියන දහයයි ඡන්දෙට යන්නෙ.සමහර රටවල නිදහස් උත්සවය නැවැත්තුවා.කෝටි ගානක් වියදම් කරල නිදහස් උත්සව තියන්න මුන්ට සල්ලි තිබුණා.ආණ්ඩුවෙ සල්ලි ලක්ෂ දහය ගානෙ වියදම් කරල දාන දුන්නා.කමක් නෑ යන තැනකට වැඩක් කර ගන්න දාන දීපල්ලා.ඊළඟට පාංශකූලය ලෑස්ති කර ගනිල්ලා.අර නුවර හත්තලාමේ ජනරජ පෙරහැරක් තිබ්බා.අවුරුදු හතලිහකට පස්සෙ කොට කෑලි දෙකක් ඇතා උඩ තියාගෙන මේකා වැඳගෙන ඉන්නවා.අම්ම මුත්ත කාලෙකවත් මේව ඇහැව්වෙ නෑ.අම්මපා මේකා තව ටික කාලයක් හිටියොත් ඕකගෙ ගෑණිගෙ කොටහළු මගුල ආයෙ ගන්නවා.සහතිකයි.සහතිකයි.ඇයි හත්තලාමේ ඔයාල අහල තියේද ජනරජ පෙරහැරක්.ඉතිහාස පොත අවුස්සල ඕක හොයල ඒක හොයල බලල ජනරජ පෙරහැර තියනවා.ජනරජ පෙරහැර කරන්න නිදහස් උත්සවේ තියන්න සල්ලි තියෙනවා.
තව ටික කාලයක් හිටියොත් ඕකගෙ ගෑනි අල්ලල කාමරයකට දාල රෙද්දකින් වහල සතියකින් එලියට අරගෙන නාවල කොටහළු මඟුල ආයෙ තියෙනවා.එහෙව් පිස්සා.එහෙව් පිස්සා.අද රජයේ නිළධාරියෙකුට රස්සාව කරන්න බෑ.තිස්සමහරාමයෙ ප්‍රාදේශීය ලේකම් තුමිය එලෙව්වා.ඊයෙ පෙරේදා පුරාවිද්‍ය අධ්‍යක්ෂතුමා එලෙව්වා.ඒක නිසා මේක දරා ගන්න පුළුවන් ටික කාලයයි.පහේ පන්තියෙ දරුවො බෙල්ලෙ වැල දාගන්නවා.කන්න නෑ.බොන්න නෑ.මේකා මගුල් නටනවා.ලෝකෙ පුරා සවාරි ගහනවා.මේක වෙනස් කරන්න ඕන.ඔව් රනිල් අපි අභියෝගය බාරගත්තා.තව වැඩි කල් යන්න කලින් සිංහාසනෙන් බස්සනවා.බස්සනවා.සහතිකයි. සහතිකයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එහි ඉදිරිපෙළ නායකයන් ගනනාවක් මෙම රැළිය අමතන ලදී.
පාංශ කූලය ලෑස්ති කර ගනින් රනිල් ඔව් අපි අභියෝගය බාරගත්තා – ජාතික ජන බලවේගයේ නලින් හේවගේ තංගල්ල නගරයේදී පවසයි