පොල්ලෙ පොලීසිය විසින් පහුගිය දවසක ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයා අල්ලල දඬුකඳේ ගැහැව්වා.දකුණ ඒ සතුටට අත්පුඩි ගැහැව්වා.ජඩ මාධ්‍ය කෙල වක්කර වක්කර ගජේන්ද්‍රව පතුරු ගැහැව්වා.
ගජේන්ද්‍ර මන්ත්‍රීවරයා චලෙන්ජ් කෙරුවෙ ජාතික රහස් ඔත්තු සේවා ඔපිසරයෙකුට.ඒක බරපතල වරදක්.ඒ ගජේන්ද්‍ර පොන්නම්බලම් දමිළයෙක් නිසා.දකුණෙ ඔළු හැදිල තියෙන්නෙ ඒමයි.
අපි සෙට් වෙලා ඉන්න තැනකට නාදුනන පොරක් බැස්සොත් අපිත් ඒකා ගෙන් අයිඩී එක බලන්න දීපං කියල ගේම ඉල්ලනවා.ඒක සාමාන්‍ය දෙයක්.ඒත් ගජේන්ද්‍ර පොන්නම්බලම්ලට එහෙම බෑ. ඔවුන් ජීවත් වෙන්න ඕන දකුණෙ අපි කියන විදියට.ඕක තමයි අපේ ඔළු වල තියෙන හැබෑව.
මනූෂ නානායක්කාර සමගි ජන බලවේගය නියෝජනය කරන කාලෙ අක්මීමන පැවැත්වූ රැස්වීමක හිටිය ජාතික රහස් ඔත්තු සේවාවෙ නිළධරියෙක් එලවා දානවා.මිනිස්සු ඒ නිළධාරියට හූ කියනවා.මේ සිදුවීම මාධ්‍ය වලත් ප්‍රචාරය වෙනවා.වැඩේ කියන්නෙ අර ඔත්තු සේවා නිළධාරියා පව් කියල කියන්න එකෙක් මේ දකුණෙ සමාජයෙ හිටියෙ නෑ.පොල්ලෙ පොලීසිය
මනූෂව අත්අඩංගුවට ගත්තෙත් නෑ.රාජකාරියට බාධා කෙරුව කියල.ජඩ මාධ්‍ය ඒ සිද්ධිය දැක්ක නොදැක්ක ගානට හිටියා.
ජාතික රහස් ඔත්තු සේවා නිළධාරියෙකු ගැන සමාජයෙ ඇගයීමක් තියෙනවා.හැබැයි අමතක කරන්න එපා මේජර් මුතාලිබ් ඇතුළු ජාතික ඔත්තු සේවා නිළධාරීන් තිස් පස් දෙනෙකු එල්ටීටියට පාවා දුන්න කෙනෙක් තමා දැන් රටේ ජනපති වෙලා ඉන්නෙ කියල.
ගජේන්ද්‍ර පොන්නම්බලම් ගෙ සිදුවීමයි මනූෂ නානායක්කාර ගෙ චණ්ඩි කමයි
ගනන් හදල තරාදියෙ දාල කිරල බලන කොට අපට මතක් වෙන්නෙ මෙච්චරයි.
“…..ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙ ඇණ ගහලා මැරුවා.ඒ උන්වහන්සේගේ තාත්තා වඩුවෙක් නිසා.බුදුන් වහන්සේට ඒ ප්‍රශ්ණය ආවෙ නෑ.ඒ උන්වහන්සේගේ
පියා සුද්දෝදන රජ්ජුරුවො නිසා ..”
ගජේන්ද්‍ර මන්ත්‍රීවරයා දඩු කඳේ ගැසූ පොල්ලෙ පොලීසිය මනූෂ මන්ත්‍රීවරයාට බය වුනේ ඇයි?