උණුසුම් පුවත් උණුසුම් පුවත්

අධිකරණයට බලපෑම් කරන්න එන්න එපා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රනිල් හාමුට දන්වයි

Spread the love

“පස්සා දොරෙන් ජනපති ධුරයට ඇවිල්ලා මේ රටේ නීතියට ඇඟිලි ගහන්න නඩුකාරයන් එහාට මෙහාට කරන්න අධිකරණයට තමන්ට ඕනෑ විදියට බලපෑම් කරන්න නම් ලෑස්ති වෙන්න එපා “යැයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා පැවැති ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර තිබේ.

“එහිදී උන්වහන්සේ මෙරට තරුණ පරපුර අමතා ආදරණීය දරුවනේ රට වෙනුවෙන් නැගී සිටින්න.බය වෙන්න එපා.වීරෝදාර දරුවන් වෙන්න.

අනාගතය එච්චරම අඳුරුම නැහැ” යනුවෙන්ද පවසා ඇති බව වාර්තා වේ.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ජනපති රනිල් රාජපක්ෂට මෙසේ අවවාද කෙරුවේ පසුගියදා ජනපතිවරයා විසින් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස නුසුදුසු පුද්ගලයන් දෙදෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙනි.මෙම පත් කිරීම් අධිකරණ ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනය⁣ට ලක් වූ අතර ,මෙරට විනිසුරුවරුන් නියෝජනය කරන අධිකරණ සේවා වෘත්තීය සංඟමයද මෙම විනිසුරු පත්වීම් වලට එරෙහිව අප්‍රසාදය පල කරන ලදී  


Spread the love

You may also like