මැතිවරණ කොමිෂම ඉදිරිපිට අද (8)ජාතික ජන බලවේගය විසින් පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ඉල්ලා පැවැත්වූ විරෝධතාවට විශාල ජන සහභාගිත්වයක් දකින්නට තිබූ බව වාර්තා වෙි.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පලාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් අපේක්ෂකයන් ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතාව පැවැත්විනි.
මෙම විරෝධතාවට එරෙහිව වැලිකඩ පොලීසිය මගින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාගෙන් ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මාර්ගය,කොටා පාර ,නාවල පාර ඔස්සේ සරණ පාර,සහ මැතිවරණ කාර්යාල ප්‍රවේශයේ උද්ඝෝෂන පැවැත්වීම තහනම් නියෝගයක් පවා ලබා ගෙන තිබුනි.
ජනමතයට ඉඩ දෙනු ,පලාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන සටන් පාඨය මූලික කරගනිමින් මෙම උද්ඝොෂණය පවත්වන ලදී
එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රකාශ කරන ලද්දේ මැතිවරණ කොමිෂම ආණ්ඩුවේ ඕනෑ එපාකම් වලට යටත්ව නිහඬව සිටිනවා විනා පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අදාල ක්‍රියා මාර්ග කිසිවක් අනුගමනය නොකරන බවය.
කෙසේවෙතත් අද සවස ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා ලංකා දවසට දැන් ගැන්මට ලැබුණේ පලාත් පාලන මැතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට ජනපති රනිල් රාජපක්ෂගේ අවධානය යොමු වී ඇති බවය.අද දින ජාතික ජන බලවේගය අධිකරණ නියෝග නොතකා විරෝධතාව පැවැත්වීමත් ඉදිරියේදී ලංකාව පුරා එවැනි විරෝධතා පැවැත්වීමට ජාතික ජන බලවේගයේ ඇති ඉදිරි සැළසුම පිළිබඳවත් මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයන් අතර සාකච්ඡා වී තිබේ.එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති ප්‍රධාන කාරණය වී ඇත්තේ ජාතික ජන බලවේගය එවැනි විරෝධතාවන් අඛන්ඩව පැවැත්වීමට කටයුතු කළහොත් අයිඑම්එෆ් ප්‍රධානයන්ට කොන්දේසි පැනවෙන්ට ඉඩ ඇති බවය.පසුගියදා පාකිස්ථානයට අයිඑම්එෆ් අරමුදල විසින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසට නිවේදනය කිරීම ගැනද මෙම සාකච්ඡාවේදී අවධානයට ගත් බව පැවසේ.නොවැම්බර් මාසයේදී පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදහස් කර ඇත්තේ ඒ අනුවය.