උණුසුම් පුවත් උණුසුම් පුවත්

අපේ තරුණියක් එංගලන්තයේ විනිසුරුවරියක වේ

Spread the love

ශ්‍රී ලංකාවේ තරුණියකට එංගලන්ත යේ විනිසුරු පදවියක් හිමිව ඇති බව වාර්තා වේ.

එංගලන්තයේ සුදු ජාතික නොවන ළාබාලම විනිසුරුවරිය වන ඇය අයේෂා නම් වේ.විනිසුරුවරියක ලෙස පත් වූ අයේෂා විශේෂඥ වෛද්‍යවරියක වීමද විශේෂය.ඇය 14 වන වියේදී මෙරටින්  එංගලන්තය බලා ගොස් ඇති අතර එහි ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරා හැරගෝට්හි  විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කර ඇති අතර පසුව ලීඩ්නී සරසවියේම  නීතිය හදාරා බැරිස්ටර්වරියක ලෙසද කටයුතු කළ අයේෂා විනිසුරුවරියක ලෙස පත්වී තිබේ.

“වර්ගය ,වර්ණය,ජාතිය හා වයස කිසිම අවස්ථාවක ජීවිතයේ සාර්ථකත්වයට හේතුවක් නොවන බව” ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ලංකා දවසේ උණුසුම් සුබපැතුම් ඇය වෙත ප්‍රකාශ කර සිටී


Spread the love

You may also like