පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සාරා ජෙස්මින් නොහොත් පුලස්තනී මහේන්ද්‍රන් පිළිබඳව නැවත කතා බහට ලක් වෙන්නේ ඇය සයින්දු මරන්දු බෝම්බයෙන් මිය ගියේදැයි සොයා බලන්නට කළ ඩීඑන්ඒ පරීක්ෂණ දෙකකට පසුව සිදු කරන ලද තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණයේදී එම බෝම්බයෙන් මිය ගොස් ඇතැයි වාර්තා කරන ලද බැවිනි.
සයින්ද මරන්දු බෝම්බ පිපිරීමට මුහුන දුන් සහරාන් ගේ බිරිඳ වන ෆාතිමා හාදියා පාස්කු ජනපති කොමිෂමට පවසා ඇත්තේ එම බෝම්බ පිපිරීමෙන් පසුව තමා සාරා ජස්මින් දුටු බවය.
ඇය කොමිෂමට මෙසේ පවසා තිබුණි.
ඒ වෙලාවේ පිපිරීමක් වුනා.මට මොනව වුනාද කියල හිතාගන්න බැරිවුනා.ගින්දර රස්නය දැනෙද්දි මට සිහිය ආවා.දුව මගේ ළඟට ආවා.ඇය අයියා අයියා කියල කෑගැහැව්වා.දොර ළඟ මුහුණ බිම පැත්තට පුතා වැටිල හිටියා.එයා දෙපාරක් විතර ඔළුව ඉස්සුවා.ටික වෙලාවකින් මම ඉස්සරහ කාමරය ලඟ ගෑනු කෙනෙක් හිටියා .මම දෙමළෙන් කවුද කියල ඇසුවා.මම හිතන්නෙ ඒ සාරා.
එම සයින්ද මරන්දු බෝම්බ පිපිරීමෙන් පසුව කාන්තාවන් ළමුන් ඇතුළුව 17 දෙනෙකු මිය ගිය බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබුණි.සාරා ජෙස්මින් මිය ගිය බව එම විමර්ශන වලදී හෙළි වී නොතිබුණි.
සාරා ගේ මව වූ රාසරත්නම් කවීතා පාස්කු කොමිෂමට ප්‍රකාශ කර තිබුණේ තමන් අම්පාර පොලීසියට කැඳවා සයින්ද මරන්දු නිවසේ සිඳුවූ පිපිරීම් වලින් පසුව හමුවූ රත්තරන් වල ඡායාරූප පෙන්වූ බවත් තමන් ගේ දියණිය භාවිතා කළ රන් ආභරණ එහි නොතිබුණ බවය.
අනතුරුව සයින්දු මරන්දු බෝම්බයෙන් මිය ගිය අයගේ මෘත දේහ සම්බන්ධයෙන් ඩීඑන්ඒ පරීක්ෂණ දෙවරක් කළ අතර ඒ අවස්ථා දෙකේදීම සාරා මිය ගිය බව තහවුරු වූයේ නැත.තෙවන ඩීඑන්ඒ පරීක්ෂණය කරන ලද්දේ ඉන්පසුවය.එම තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණයේ ප්‍රතිඵළ ප්‍රසිද්ධ කරන ලද්දේ 2023 මාර්තු 29 දාය.එම තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාවට අනුව එහි සාරා මිය ගොස් ඇතැයි සඳහන් කර ඇත.
මෙම තුන්වන ඩීඑන්ඒ් පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට කටයුතු කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන අංශයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා හා ඔහු යටතේ රාජකාරි කළ විශේෂ පර්යේෂණ නිළධාරියා වූ පොලිස් පරීක්ෂක දේව ඉන්දික සිල්වාය.
මෙම සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා ගේ වැඩිමහල් සහෝදරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පිටත හමුදා ආරක්ෂාව බාරව කටයුතු කළ ගජබා රෙජිමෙන්තුවට අයත් නිළධාරියකු විය.ඔහු මේ වන විට මේජර් ජනරාල් නිලයෙන් හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටී. දෙවැන්නා වූ එමිල් රංජන් ළමාහේවා මිල්ටෙරිි නන්දසේන ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරන අවධියේ මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා විය.ඔහුට මේ වන විට 2012 නොවැම්බර් මස 09 දින වැලිකඩ සිදු කළ මනුෂ්‍ය ඝාතන වලට මරණ දඬුවම ලබා බන්ධනාගාරගතව සිටී.වැලිකඩ සිරකරුවන් ඝාතනයේදී මොහු එහි පැමිණ පොලිස් පරීක්ෂක රංඟජීව සමග ඝාතනයට අත් උදව් සපයා ඇති බව එම නඩුවේදී හෙළි විය.තව සහෝදරයකු අධිකරණයේ විවාහ සමථ නිළධාරියකු ලෙස සේවය කරන අතර ඔහු පියල් රංජන් ළමාහේවා වේ.මේ පියල් රංජන් ළමාහේවා ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සජින් වාස් ගුණවර්ධන ගේ සමීපතමයකු ලෙස දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත විය.මෙම පවුලේ තවත් තරුණයකු හික්කඩුව හිටපු නගරාධිපති විනී කාරියවසම් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
මෙම ළමාහේවා සහෝදරවරුන් අමුම අමු ගොන් වස්සන්ය.දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ලෙස රාජකාරි කරන මෙරිල් රංජන් ළමාහේවා 2001 වසරේ පොලිස් සේවයට එක් වන්නේ උප සේවා උප පොලිස් පරීක්ෂක වරයකු විදියටය.මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් වීමෙන් පසුව මොහු පෙරදාතම් කර පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලදී.එමෙන්ම එදින සිටම මොහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙසටද උසස් කර තිබේ.ඒ රාජපක්ෂ සට්ටැඹියෙක් වීම නිසාය.
2012 අප්‍රේල් 4 වන දා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයට යන ලෙසට පොප මෙරිල් රංජන් ළමාහේවාට පොලිස් අධිකාරී ගජසිංහ උපදෙස් දී තිබුණි.ඔහු එහිදී අධිකරණයට යන බව පවසා එය මග හැර තිබුණි.ඒ සම්බන්ධයෙන් මොහුට එරෙහිව විනය පරීක්ෂණයක් පොලිස්පති ඉලංඟකෝන් විසින් චෝදනා පත්‍ර අංක ED 13/10/2012 යටතේ පවත්වන ලදී.එම චෝදනාව යටතේ ඔහුගේ සේවය අත් හිටුවන ලද අතර පසුව බොරු කීම හා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් මොහු වරද පිළිගත්තේය.නැවත සේවයට අනුයුක්ත වීමෙන් පසුව මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධව රාජකාරි කළ අතර කුප්‍රකට ඇවන්ගාඩ් ගිණි අවි ගැන සිදු කළ පරීක්ෂණයේදී හමුවූ අංක මකන ලද ස්වයංක්‍රීය ගිණි අවි සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්
යාපනයට ස්ථාන මාරු කර යවන ලදී.
එහෙත් මිල්ටෙරි නන්දසේන ජනපති තනතුරට පත් වූ විගස මොහු යලි කැඳවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන අංශයේ ප්‍රධානියා බවට පත් කෙරිණි.
මේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා කොස්ගොඩ සුජීවගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ අම්බලන්ගොඩ පොලිස් වසමේ සිටින මිටි සැන්ටා හා පොන්සි දසුන් නම් අයවළුන් සමග ගනු දෙනු කරමින් සිටින බවට බුද්ධි තොරතුරු වාර්තා තිබේ.මෙම මිටි සැන්ටා නම් තැනැත්තා මෑතකදී හෙරොයින් ජාවාරම සඳහා පාකිස්ථානයට ගොස් මෙරටට පැමිණ ඇති බවද එහිදී ඔහු කටුනායකට රැගෙන යාම හා ආපසු ඒමේදී සහකාර පොලිස් අධිකාරී ළමාහේවාගේ නිල රථය භාවිතා කර ඇති බවද බුද්ධි තොරතුරු වාර්තා වල දැක්වේ.මොහුගේ නිල රථය ගාල්ල ආවරණය කරමින් කොස්ගොඩ සුජීවගේ හෙරොයින් බෙදා හරින බවටද සැකයක් පවතී.
පසුගියදා අළුත්ගම කළුවමෝදරදී වෙඩි තබා ඝාතනය කරන ලද හොරොයින් නඩුවක සාක්ෂිකරුවකු මරා දැමීමට කොන්ත්‍රාතුව දුන්නේද මේ ඒඇස්පී මෙරිල් රංජන්ය.මේ මිනීමැරුම සිදු කළ ඝාතකයන් ඒඇස්පී ලමාහේවාට සම්බන්ධීකරණය කරන ලද්දේ කොස්ගොඩ සුජීවගේ ගෝලයා වූ මිටි සැන්ටාය.
සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ගේ සහකාර පරීක්ෂණ නිළධාරී ලෙස රාජකාරි කරන ප්‍රපො දේව ඉන්දික සිල්වාද මාරම බඩුවකි.මොහු 2016 සැප්තැම්බර් මස 25 වන දින වැලිකඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සඳහන් කර ඇත්තේ තුන් රෝද රථ රියදුරෙකු තමා සන්තකයේ තිබු පවුම් එකයි තුන් කාලක් බර රන් මාලය පැහැර ගත් බවය.එහෙත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබුණේ එවැනි සිදුවීමක් සිදුව නැති බවය.එම විමර්ෂණය සිදු කළ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා සටහන් යොදා තිබුණේ මෙම දේව ඉන්දික සිල්වා තමන් දරණ තනතුරට නොහොබිනා ආකාරයෙන් ක්‍රියා කර ඇති බවත් මොහු අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් 2017 නොවැම්බර් මස 20 වන දින ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් අංක IGP 3788/17 යටතේ එවකට පොලිස්පති පූජිත ජයසුන්දරට ලිඛිතව දන්වා ඇත්තේ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට සුදුසු අවංක සහ විශ්වසනීය පුද්ගලයකු නොවන බවය.
දේව ඉන්දික සිල්වා ගේ එක කුස ඔත් සොයුරිය හික්කඩුව ප්‍රදේශයේ හොරොයින් ජාවාරම් වල නිරත පොලිස් ලේඛනගත අපරාධකාරියකි.2013 වර්ෂයේ ජුනි මස සිට 2017 අගෝස්තු මාසය දක්වා මැය හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා තුන් වතාවක් බන්ධනාගාර ගත කර තිබේ.ඇයගේ සැමියාද හමුදාවෙන් පලා ගොස් අපරාධ ක්‍රියා වල නිරත වූ අයෙකි.
මෙම පසුබිම් වාර්තා ඉදිරිපත් කොට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් පොලිස්පති ජයසුන්දර මගින් දේව ඉන්දික සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
එහෙත් ජනපති මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමත් සමගම නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් විසින් සිය සහකාර විමර්ෂණ නිළධාරයා ලෙස දේව ඉන්දික සිල්වා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ගත්තේය.
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සාරා ජෙස්මින් මිය ගොස් ඇති බවට තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාව සකස් කරන්නේ මෙන්න මේ රයිගමයා හා ගම්පොළයාය.
මේ වන විට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකය මෙම සිදුවීම් වලින් වඩාත් තහවුරු වේ.ඒ මෙම පොලිස්කාරයන් දෙදෙනා මෙතරම් දත මිටි කාගෙන සාරා ගේ ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාව හැදුවේ කාගේ අවශ්‍යතාවටද යන්න කල්පනා කරන විටය