උණුසුම් පුවත් උණුසුම් පුවත්

රනිල් හාමු ගෙ ආණ්ඩුව කොච්චර කෙලියත් දෙක එළියේ

Spread the love

දැන් වැඩි මිලට වැඩි කෝටාවකට පැට්‍රල් ඩීසල් තිබේ.ගෑස් තිබේ.ගාන වැඩි වුනත් මස් මාළු තිබේ.හාල් තිබේ.බිල ඉහල ගියත් ලයිට් වතුර තිබේ.ඉතිං තව මොනවද දෙන්න කියන්නේ යැයි රනිල් හාමු හා පොදු ජන පෙරමුනේ සූඩයන් අහන්නේ මහ උජා⁣රුවෙනි.අම්මපා පහු ගිය කාලයේ පෝලිම්වල හිටිය හැටියට ඒ මැදෑ කියන තරමට දැන් මේ රටේ වුන් නිදි වැදලාය.ඡන්ද තිබුණත් එකයි නැතත් එකයි ගානට දැන් මුළු රටම හිතන ගානට සෙට් වෙලාය.ඔන්න ඔහෙ දෙන දෙයක් කාලා බොන දෙයක් බීලා ඉන්න ඇඟ පත සනීපය⁣⁣ට හොඳයැයි සමහරු හිතාගෙන ඉන්නවාය.

ලිපි ගිණි මොළවන තෙක් දිය සැළියේ

කකුළුව සැපයක් යැයි දිය සැළියේ 

යැයි කියවෙන  ලෝ වැඩ සඟරාවේ කවිය මතක් වෙන්නේ මෙන්න මේ වෙලාවටය. හිතේ හැටියට චූන් එකේ ඉන්න බැරි වුනත් ඔළුව බේරා ගෙන කන්න තියෙන තරමට ගිල දමා අරුමෝසම් වියදම් කප්පාදු කර ජීවත් වෙන හිත හදාගෙන ඉන්න එවුන්ට වුවද මෙහෙම හැමදාම නිහඬව විඳවන්න බැරි බව තේරුම් යන දවසක් එන එක ෂුවර් බව කවුරු කවුරුත් හිතා ගත්තානම් හොඳය.

ඒ බව  බඩේ බත් වාගේ ස්ථිරය.ඒ දවස කවදාද කියන්නට කැලැන්ඩරය බලා ගනන් හදා වැඩක් නැත.වැඩේ තේරුම් ගත යුත්තේ කාගෙ කාගේත් ජීවිත අවදානම ගැන සිතා බලාය.රටේ ජනතාවගේ ජීවිත වලට වඩාත් බලපාන්නේ මෙරට සෞඛ්‍ය සේවාවයි.

ඒ කවුරු කවුරුත් මරණය සමග දාම් අදින්නේ ඒ  අස්සේ නිසාය.කන්න නැතත් හිත හදා ගෙන එක වේලකට කැඳ උගුරක් බී ඊළඟ වේලට ඔය මොනව මොනවා හරි කා දවස ගොඩ දාගන්න පුළුවන.ඒත්  අප්පට සිරි වන්නේ ලෙඩකට දුකට ⁣ගන්නට ඉස්පිරිතාලයේ බේත් නැති වුනාමය.

දැනටමත් රට පුරා ඉස්පිරිතාල වල බේත් හේත් නැත.හදිසියකට දෙන සේලයින් වතුර පවා සමහර ඉස්පිරිතාලවල නැත.වදන වාට්ටු වල නිර්වින්දන  බේත් නැත.තුවාල වාට්ටු වල  බැණ්ඩේජ් ගෝස් ආදිය නැත.ඉන්ජන්සන් කටු නැත. දැන් ඊට වඩා ප්‍රශ්ණය වී ඇත්තේ බෙහෙත් දෙන්නට දොස්තර මහත්තුරු නැති කමය.ඒ දොස්තර මහත්තරු රට හැර යන හන්දාය.

මේ වන විට පිලිකා රෝග විශේෂඥ වෛද්‍ය වරුන් 45 දෙනාගෙන් 10 දෙනෙකු

ළමා රෝග විශේෂඥයන් 17 දෙනෙකුගෙන් 4 දෙනෙක් ආදී වශයෙන් විදේශ ගත වී තිබේ.මෑතකදී වාර්තා වූයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදේශගතවීම නිසා එම වාට්ටුව වසා දැමූ බවය.

මෙරට සෞඛ්‍ය සේවාවේ ⁣බිඳ වැටීම තවම හරියටම ජනතාවට දැනී නැති නිසා රට පාලනය කරන  කවුරු කවුරුත් තවම සිටින්නේ ⁣එදා වේල ෂේප් න්‍යායෙනි.පොකුරු පිටින් ඉස්පිරිතාල වල රෝගීන් වල කජ්ජ නොගහන නිසා උන්ට එහෙම ඉන්න පුළුවන.

ඒත්  රටක් මෙහෙම එදා වේල ටුවර්ස් විදියට ගොඩ දාන්නට බැරි බව රනිල් හාමු තේරුම් ගත යුතුය.ඒත් මේ වයසක උන්දෑ හා පොදු ජන පෙරමුණේ තක්කඩි රැළ බලය අතාරින්නට කැමති නැත.මේ අකමැත්ත වසන් කරන්නට ජනතාවගේ ප්‍රශ්ණ තොරොම්බල් කරමින් සිල්ලර ගේම් ගසා බලයේ ඉන්නට මේ වේයන්ගේ පුතාලා නටන නාඩගම ඉක්මනින් අවසන් නොකළ හොත් මේ රට විශාලා නුවරක් වෙන බව නම් කැ⁣ට තියා කියන්නට පුළුවන. අප එහෙම කියන්නේ  රනිල් හාමු ගේ ආණ්ඩුව එහෙම එහෙම කොච්චර කෙලියත් ඇට දෙක එලියේ නිසාය.


Spread the love

You may also like