උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජාත්‍යන්තර මානව හිමිකම් අධ්‍යක්ෂවරියක බාල වයස් දැරියක අපහරණයට ලක් කරලා

Spread the love

වයස අඩු 16 ට අඩු දැරියකගේ අඩ නිරුවත් සේයා රූ සහ දෘශ්‍ය රූ ලබා ගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින ලද ⁣ජාත්‍යන්තර මානව හිමිකමි සංවිධානයක මාධ්‍ය අධ්‍යක්ෂවරිය බව පැවසෙන දිවුලපිටිය, මිල්ලවාන,දුනගහ පදිංචි සකුන්තලා මිල්ලවාන නම් කාන්තාවක පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අද දින (30) අළුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලද බව වාර්තා වෙි.

මෙම කාන්තාව මීට වසර හතරකට පෙර අදාල අඩ නිරුවත් ඡායාරූප හා දෘශ්‍ය  පටිගත කිරීම් කර ඇති අතර ඒවා සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හරින බවට එම දැරියට වරින්  වර  තර්ජනය කර ඇති බව දැරියගේ මව විසින් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙම නඩුව නැවත අගෝස්තු මස 2 වන දින නැවත කැඳවීම⁣ට නියමිතය.  


Spread the love

You may also like