උණුසුම් පුවත් උණුසුම් පුවත්

සමගි ජන බලවේගයේ බිං කුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් දේශපාලනය නිසා ජනතාව අතරමං වෙලා

Spread the love

පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති තනතුරට හර්ෂ ද සිල්වා හා කබීර් හෂීම් යන සමගි ජන ⁣බලවේගයේ මන්ත්‍රීවරු කෙල හලමින් සිටින්නේ අද ඊයේ සිට නොවේ.පොදු ජන පෙරමු⁣ණේ ආණ්ඩු පක්ෂයේ වුන්ද මේ දෙන්නාට යහමින් පූනක්කු හා තන කොල දෙමින් තමන්ගේ අරමුණු සදහා යොදවා ගෙන සිටී.එහෙත් අපට කණගාටුවට කාරණයට හේතු වී ඇත්තේ කබීර් හෂීම් හා හර්ෂද සිල්වා දෙදෙනා තමන් දෙදෙනා ගොනාට අන්දා පොහොට්ටුවන් විසින් ආතල් ගන්නා  බව නොදන්නා කමය.ඉඳහිට පාර්ලිමේන්තුවේදී හර්ෂද සිල්වා හා කබීර් හෂීම් ජනපතිවරයා ගේ ගුණ වර්ණනා කරන්නේ පොහො⁣ට්ටුවන් මෙි දෙන්නාට හීනියට දෙන ගොන් ආතල් නිසාය.

ජනපති රනිල් රාජපක්ෂ ජපානයට යාමට පෙර ⁣මුදල් කමිටුවේ සභාපති තනතුර සම්බන්ධයෙන් හර්ෂද  සිල්වා හා කබීර් හෂීම් මන්ත්‍රීවරුන්ට හමුවී සාකච්ඡා කිරීමට පැමිණ තිබුණි.මේ දෙදෙනා ඉව වහා ගිය සතුටින් ඒ බව සමගිජන බල⁣වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් අවසර ගෙන ජනපති රනිල් වික්‍රමසිංහ හමුවිය.ඒ සාකච්ඡාවෙන් පසු කබීර් හා හර්ෂ ජෝඩුව ආපහු ආවේ බුදු අම්මෝ ජනපති තුමා කොච්චර බුද්ධිමත්ද ඒ තනතුර අපට දෙනවා කියාගෙනය.දෙන්නාගේ කටේ තිබුණේ රුහුනේ මී කිරි හිනාවය. ඒත් පාර්ලිමේන්තුව රැස්වූ විට සභානායක ප්‍රසන්න රණතුංග  කීවේ ජනපති වරයා පොදු ජන පෙරමුණ නියෝජනය නොකරන බවත් ඔහුගේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට පොදු ජන පෙරමුණ ආණ්ඩුව බැඳී නොමැති බවය.කබීර්ට හා හෂීම් ජෝඩුවට ඒ වෙලාවේ තම තමන්ගේ  වල්ග විකා ගන්නට නොහිතුනානම් පුදුමය.නමුත් මොනවා හෝ තනතුරක වැජඹී අපි තරම් වැඩ්ඩෝ යයි පෙන්නන්ට වලි කන මේ ජෝඩුව වඳ පීදුන රනිල් ගේ ආණ්ඩුවේ පියුන් කමක් හෝ ගන්නට දඟළන කිරි පණු ගාය⁣කින් පෙළෙන බානකි.නැතිනම් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති කම අරගෙන මොන ලබ්බක් කරන්නැදැයි වටහා ගත යුතුය.

දැන් මේ වඳ පීදුන ආණ්ඩුව එළවා දැමීමට සැළසුම් කරන්නේ නැතුව සජිත් හාමු අන්ද කයිප්පු කතා පවසමින් තමන් විසින්ම ආතල් ගනිමින් සිටී.සජිත් හාමු ගේ චූන් සජිත් හාමුට මිස රටේ ජනතාවට නම් යහපතක් වෙන පාටක් නැත.පාර්ලිමේන්තු කයිවාරු සාප්පුවේ විපක්ෂ නායකයා වුනාට දැන් දැන් රටේ ජනතාව සජිත් හාමු ගැන හිතන්නට පටන් අරන් තියෙන්නේ අමු  ජෝක් කාරයෙක් විදියටය.කොටුවේ පොඩි තැන යැයි ප්‍රසිද්ධ චීවරධාරීයා ඊයේ පෙරේදා දවසක යූ ටියුබයක කියා තිබුණේ සජිත් කියන්නේ ජෝකරයෙක් මිස රටේ ජනපතිකමට සුදුසු කෙනෙක් නොවේය කියාය.

කබීර් හා  හර්ෂ දෙබාන මේ පිස්සු කෙළින්නේ නායකයාගේ කොන්ද පණ නැති නිසාය.සජිත් හාමු ගේ දේශපාලනය හරියට බිං කුන්ඩෝ බොල බිං කුන්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් වාගේය.මේ පිස්සු හුටංලා නටන ගොබ්බ වන්නම් නිසා රනිල් රාජපක්ෂ හා පොහොට්ටුවන් තවමත් පාදඩ රාජපක්ෂ දේශපාලනය ක්‍රියාත්මක කරමින් වැඩේ ගොඩ දාගනිමින් සිටී.දැන් විපක්ෂය කළ යුත්තේ පොහොට්ටු ආණ්ඩුවට පහර පිට පහර දීමය.නැත්තට නැති කිරීමය.ඒත් විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු ඇරෙන්නට අනික් හාදයෝ මේ ආණ්ඩුවේ වාත සන්ධි හා හැට හු⁣ටාමාරක් සෙම් අමාරුවලට තෙල් බේත් ගාමින් පත්තු බඳිමින් පුල් ෂපෝ⁣ට් එක  දෙන බව නම් අපට පෙනී යයි .

එහෙම නැතෙයි කියන වුන් සිටී නම් අපට කියන්නට ඇත්තේ මානසික වෙදෙක් හමු වී බේත් ගන්නා ලෙසය.

මේ “බන් ගෝස්ලා හා පීඩ මොස්සන්” පොහොට්ටු ආණ්ඩුව පෙරලා ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවනවා කියන එක හරියට අර එළුවාගේ මොකද්ද එක වැටෙනකම් බලා ඉන්නවා වාගේ බව අපේ අදහසයි.

සෙස්ස පස්සට


Spread the love

You may also like