උණුසුම් පුවත් උණුසුම් පුවත්

හොර රත්රන් ගෙන ආ අලි සබ්‍රි නැවත ඩුබායි ගිහිල්ලා

Spread the love

කෝටි හතරාමාරකට ආසන්න රත්තරං තොගයක් හා ජංගම දුරකථන ගනනාවක් මෙරටට වංචනිකව ගෙන එද්දී කටුනායක ගුවන්තොටුපොළේදී

අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි නැවත පසුගියදා (25)ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති බව වාර්තා වේ.කටුනායක ගුවන්තොටුපොළෙහි ප්‍රභූ පර්යන්තයෙන් මෙම හොර රත්තරන් තොගය මෙරට ගෙන එද්දී අලි සබ්‍රි මන්ත්‍රීවරයා රේගු අත් අඩංගුවට පත් විය.එහිදී ඔහු රේගුව විසින්  රුපියල් ලක්ෂ හැතෑපහක දඩයකට යටත් කර මුදා හරින ලදී.ගෙන ආ රත්තරන් තොගය හා ජංගම දුරකථන තොගය රාජසන්තක කෙරිණි.

⁣කෝටි හතරකට ආසන්න රත්තරන් තොගයක් අත් අඩංගුවට ගෙන තිබියදී ලක්ෂ හැත්තෑපහක මුදලක් වැනි සුළු මුදලක් දඩයක් වශයෙන් අය කර ගත්තේ කවර පදනමකින්ද යන්න ගැන පාර්ලිමේන්තුවෙිදී විපක්ෂ  ප්‍රශ්න කරන ලදී.එහිදී ආණ්ඩු පක්ෂයේ පිළිුතුර වූයේ රේගු පනත අනුව යම් ව්‍යාපාරිකයෙකු ගේ ව්‍යාපාර  වලට හානියක් නොවන ආකාරයට සහනදායී ආකාරයට දඩ මුදල් අය කර ගත හැකි බවය.

මෙරටට වංචා සහගතව රත්තරන් ගෙන ආ අලි සබ්‍රි මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,පාම චමල් රාජපක්ෂ ,පාම සුමන්තිරන් විසින් පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් ඉල්ලීමක් පවා කරන ලදී.



Spread the love

You may also like