උණුසුම් පුවත් උණුසුම් පුවත්

නාගරික සංවර්ධන හා නිවාස ඇමති (අ )ප්‍රසන්න රණතුංග පට්ට හොරා රටේ ඉඩම් කොල්ලයක

Spread the love


බරපතල වැඩ ඇතිව වසර දෙකකට සිරදඩුවම් ලැබු මෙරට දුෂිතම පාහර දේශපාලකයෙක් වු අප්‍රසන්න රණතුංග මේ වන විට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ නාගරික හා නිවාස ඇමතිය. ලෝක ඉතිහාසයේ අමුතුම පරිච්ඡිදයක් ලියවෙන්නේ මෙවන් පට්ට හොරුන්ටත් දුෂිතයන්ටත් ඇම්තිකම් වල වැජබීමේ මහිමය ඇති එකම රට ශ්‍රිලංකාවම පමණක් බව සනිටුවන් කරමිනි. එදා තමන්ට දුෂිත චෝදනා එනකොට පොලිස් ඇමතිකම ගත් ඇමති අප්‍රසන්න රණතුංග ඉතාම නින්දිත ලෙසට පොලිස් ඇමති කාල වකවානුවේ තමන්ට කප්පම් නොදුන් බොහෝ දෙනෙකුට අසාමාන්‍ය හිරිහැරවලට ලක් කලාය. එදා තමන් ගේ පීඩනය පිලිබදව වෙනත් ඇමතිවරු එවක ජනාධිපති මහින්දට දැනුම් දි පසුව අප්‍රසන්න ගෙන් පොලිස් ඇමතිකම ඉවත් කොට සරත් වීරසේකරට ලබාදුන්නේය.

රනිල් ජනාධිපති ලෙසට පත් වු පසු වහාම නැවතත් අප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස ඇමති ලෙසට බුහුමන් ලැබීය. එම ඇමතිකම ලබාගත් අප්‍රසන්න රණතුංග එදා පටන්ම අද තෙක් බරපතල ඉඩම් මංකොල්ලකැමක නිරතවෙන බවට ලංකා දවස වෙතට තොරතුරු ලැබී තිබේ. එම කොල්ලකැම දිගින් දිගටම වෙන බවත්, ඊට අදාල බොහෝ ලිඛිත සාක්ෂ අප සතුවත් නැතුව නොවේ. දැන් සිදු කරන ජාවාරම වසර 99 කට බදු පදනම මත අප්‍රසන්න රණතුංග මේ වනවිට මිලියන 1000 ක් ඉක්මවා ඉඩම ඔහු ගේ භාරයට ගෙන නිවාස ඉදිකරමින් කඩ සාප්පු ඉදිකරමින් පවති. මේ ආකාරයට දිගින් දිගටම් ඉඩම් අත්පත්කරගනිමින් සිටියත් අප්‍රසන්න රංතුංග නැමති අපරාධකරු රටේ ජනාධිපති ගේ මිත්‍රශිලි නිසාම එ සියල්ලම යට වෙන බව පෙනේ. මෙවන් අපරාධකරුවන්ට ආධාර අනුබල දෙන රජයේ සේවකයන්ට අවසානයේ මේ සියල්ලටම දඩුවම් විදිමට සිදුවෙනබව සහතිකය.


Spread the love

You may also like