උණුසුම් පුවත්

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමතියාගේ පාදඩ හෙංචයියන් ගේ පහර කෑම ලක් වූ ඕමාන් ජාතික ආයෝජකයා සිය ඇඟළුම් කම්හල වසා දමා රටින් පිටවී යයි

Spread the love

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය  ඉන්දික අනුරුද්ධගේ ⁣හෙංචයියන්ගේ පහරකෑමට ලක්වූ ඕමාන් ජාතික ආයෝජකයා සිය ඇඟළුම් කර්මාන්තශාලාව වසා දමා මෙරටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිවරයා ගේ හෙංචයියන් ⁣මීගමුව බඩල්ගම මඩම්පැල්ල පිහිටි එම ඇඟළුම් කම්හලට ආයුද සන්නද්ධව කඩා වැදී ඕමාන් ජාතික ආයෝජකයාට එහි සිටි ආරක්ෂක නිළධාරියෙකුට පහරදී තිබුණේ මීට දීන ගණනකට පෙරදීය.මෙම සන්නද්ධ කණ්ඩායමට ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයාගේ සහෝදරයකු වන පස් තුසිත නොහොත් තුසිත හේරත් ද සිටි බව වාර්තා විය.
මෙම පහර දීම සම්බන්ධයෙන් නීතිය සාධාරණව ඉටු නොවුන හොත් තමන් කර්මාන්තශාලාව වසා දමා ආයෝජනයද රැගෙන ආපසු යන බවට ඕමාන් ජාතික ව්‍යාපාරිකයා විදේශ අමාත්‍ය අලි සබ්‍රි හමුවී දැනුම් දී තිබුණි.රටට විදේශ විනිමය සහ ආයෝජන අතවශ්‍ය පසුබිමක දේශපාලන පාදඩ මැරයන්ගේ මදාවිකම් නිසා මෙරට ක්‍රියාත්මකව තිබූ ආයෝජන පවා මේ ආකාරයෙන් අහිමිවීම යාම ඉතා කණගාටුදායකය.එය තව දුරටත් මෙරට නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බවට ජාත්‍යන්තරව ප්‍රචාරය වීමක්ද වන ⁣කාරණයක්ද විය හැකිය.

Spread the love

Leave a Comment

You may also like