උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් පොලීසියේ ඡ්‍යෙෂ්ඨයන්ට චෝදනා පත්‍ර බාර දෙයි

Spread the love

පාස්කු ප්‍රහාරය සිඳු වී වසර හතරකට පසුව එම ප්‍රහාරය පිළිබඳව  බුද්ධි තොරතුරු  ලැබී තිබියදීත් රාජකාරිමය වගකීම් පැහැර ඇති බවට පොලිස් විමර්ශන වලින් අනාවරණය වූ පොලිස් 

නිළධාරීන්⁣ හත් දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර බාර දී ඇති බව වාර්තා වේ.
පොලීසියේ නිළධාරීන් හත් දෙනෙකුට……..
මෙලෙස චෝදනා පත්‍ර යොමු කර ඇති පිරිස අතරෙහි එවකට බස්නාහිර උතුර පලාත බාරව සිටි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා එවකට කොළ ඹ බාරව රාජකාරි කළ ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වේ.මේ නිළධාරීන් අතර පසුගියදා මොණරාගල ගංජා ජාවාරමක් පිළිබඳව දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් අධිකාරී සිසිර කුමාර එවකට කොළඹ උතුර බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ලෙස කටයුතු කළ සංජීව බණ්ඩාර හා ඒ දින වල කටාන හි⁣ටපු පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටී.
දේශබන්දු තෙන්නකෝන්…….
පොලීසියේ නිළධාරීන් හත් දෙනෙකුට එරෙහිව චෝදනා නැගුනද ඉන් දෙදෙනෙකු මේ වන විටත් විශ්‍රාම ගොස් ඇති බව වාර්තා වේ.ඒ නිසා චෝදනා පත්‍ර බාර දී ඇත්තේ දැනට රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් පස් දෙනාටය.මේ වන විට විශ්‍රාම ගොස් ඇති පොලිස් නිළධාරීන් වන්නේ බස්නාහිර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහ හා මීගමුව ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස රාජකාරි කළ චන්දන අතුකෝරාළය. 
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබියදී එය වලක්වා ගැනීමට මෙම නිළධාරීන් කටයුතු කර නැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපතිවරයා පත් කරන ලද කොමිෂම විසින් ලබා ගත් සාක්ෂි වලින් අනාවරණය වූ අතර එම නිළධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසටද ජනපති කොමිෂම නිර්⁣දේශ කරන ලදී.
හදිසියේම නින්දෙන් නැගිටීම ගැන විමතියට ……
පාස්කු ප්‍රහාරය සිඳු වී වසර හතරක් ගෙවී යන තුරු මෙම පොලිස් නිළධාරීන්ට එරෙහිව චෝදනා ඉදිරි පත් නොකරන ලද පොලිස් දෙපාර්තමේන්තුව හදිසියේම නින්දෙන් නැගිටීම ගැන විමතියට හේතුවකි. එම විමතිය ඇති වන්නේ පොලිස්පති තනතුර අපේක්ෂාවෙන් ජනපති රනිල් රාජපක්ෂ හමුවූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති තනතුරට පත් වීමට පෙර ඔහුට එරෙහිව පවතින චෝදනා වලින් නිදහස් වන ලෙසට ජනපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වුන හෙයිනි.
පජාත මාධ්‍ය කල්ලිය විසින් මුදා හරින ලද මානසික මෙහෙයුමක්…..
පසුගියදා පැවැති මැයි රැළියේ සංවිධාන කටයුතු වල ⁣නිරත වෙමින් සිටි පොදු ජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ ඡ්‍යෙෂ්ඨ දේශපාලඥයන් අතර දේශබන්දු තෙන්නකෝන් ගැවසෙන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය තුළ දකින්නට තිබුණි.ඒ අතරේම අගමැති දිනේෂ් ගුණවර්ධන සමග වෙසක් උත්සවය හා සමගාමීව පැවැති වැඩසටහනකටද මොහු සහභාගි වී තිබුණි.මෙම ඡායාරූප දේශබන්දු තෙන්නකෝන් හා ඔහුගේ පජාත මාධ්‍ය කල්ලිය විසින් මුදා හරින ලද මානසික මෙහෙයුමක් බව අපට විශ්වාසය.
දේශබන්දු තෙන්නකෝන්⁣ට දැන් අවශ්‍ය වී ඇත්තේ තමා මෙරට දේශපාලඥයන් සමග ඉතා සමීප අතවශ්‍ය පුද්ගලයකු බව රාජ්‍ය නිළධාරීන්ට හා ජනතාවට ඇඟවීමය.එය හරහා තමා මෙරට පොලිස්පතිවරයා බවට තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ කපටි සැලසුමක් තිබූ බවද පැහැදිලිය.
මෙරට සිටින දූෂිත  ජාවාරමිකාර ධනපතියෙක්….
⁣කුරුණෑගල හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වූ ජයවික්‍රම පෙරේරා ගේ ආරක්ෂක නිළධාරියා වශයෙන් කටයුතු කොට පසුව  සිරිකොත කාර්යාලයේ සේවය කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස් සේවාවට ඇතුළත්ව කළ යටි බිම් ගත නීති විරෝධී ජාවාරම් ගැන ජාතික රහස් ඔත්තු සේවාව මගින් දිගින් දිගටම වාර්තා කර තිබේ.විවිධ ප්‍රදේශවල මොහු රාජකාරි කරන කාලය තුළදී හෙරොයින් ජාවාරම් කරුවන් සමග පැවැති සම්බන්ධතා පිළිබඳව ඒ වාර්තා තුළ සඳහන් වේ.දේශබන්දු තෙන්නකෝන් මේ වන විට මෙරට සිටින දූෂිත  ජාවාරමිකාර ධනපතියෙක් ලෙස සැළකිය හැකිය.මොහු විසින් අයුතු ලෙස උපයා ගෙන ඇති දේපොළ ඥාතීන් ගේ නම් වලින් යාවත්කාලීනව පවත්වාගෙන යන බව වාර්තා වී තිබේ.
ජනපති රනිල් රාජපක්ෂ මේ ගැන නොදන්නවා නොවේ.දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කරනවාද නැද්ද යන්න ගැන දැන් ජනපතිවරයාගේ සමීපතමයන් අතර පවා බෙදීමක් ඇති වී තිබේ.එහිදී ඉන් එක පාර්ශවයක යෝජනාව වී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් නොකර වර්තමාන පොලිස්පතිවරයාගේ සේවා කාලය තව අවුරුද්දකින් දීර්ඝ කරන ලෙසටය.දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වරයා ලෙස පත් කිරීමෙන් ජනපතිවරයා මහජන අප්‍රසාදයට ලක් විය හැකි බවද එම පාර්ශවයේ මතය වී තිබේ.ඇතැම් විට වර්තමාන පොලිස්පතිවරයාගේ සේවා කාලය තව දීර්ඝ කරනු ඇති බව අපගේ අදහසයි. 
ආණ්ඩුව පාර ශුද්ධ කරමින්……
අප මුලදී සඳහන් කළ ආකාරයට ⁣පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් බාර දී විනය චෝදනා පත්‍ර වලින් චෝදනා ලද පොලිස් නිළධාරීන් නිදහස් කිරීමක් සිඳු කළ හොත් ඉන් අප සිතා ගත යුතු වන්නේ දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති වරයා ලෙස පත්වීමට ආණ්ඩුව පාර ශුද්ධ කරමින් සිටින බවය.එහිදී ආණ්ඩුවට බරපතල ප්‍රශ්ණයකටද මුහුණ දීමට සිඳු වනු ඇත.ඒ මෙම චෝදනා ලද නිළධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසට නිර්දේශ කර ඇත්තේ ජනපති කොමිෂමකින් වීම නිසාය.ජනපති කොමිෂම එම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ තම කොමිෂමට ලැබුණු සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුවය.පොලීසිය විසින් මෙම  රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිළධාරීන්ට එරෙහිව නගා ඇති චෝදනා වලින් මොවුන් නිදහස් වුව හොත් ජනපති කොමිෂමේ නිර්දේශ අභියෝගයකට ලක් වන වටපිටාවක් නිර්මාණය වේ.මේ පරස්පරය ආණ්ඩුව කෙසේ සමබර කර ගන්නේද යන්න ගැන කිව හැක්කේ මෙරට දවසින් දවස උනුසුම් වෙන දේශපාලනික වටපිටාව තුළය. තවදුරටත් ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂ පෙල ගැසෙද්දී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ද ඒ පෙල ගැසීම තුළට එක් වෙමින් සිටී.පාස්කු වින්දිතයන් ගේ පෙල ගැසීම දේශපාලනික වශයෙන් තක්සේරු කළ නොහැකි වූවද එය ආණ්ඩුව කෙරෙහි සමස්ත කතෝලික ජනතාව ගේ විරෝධතාවයක් ලෙස පැන නැගිය හැකිය.
දේශබන්දු තෙන්නකෝන් වැන්නකු පොලිස්පති තනතුරට……….
පාස්කු ප්‍රහාරයට චෝදනා ලද දේශබන්දු තෙන්නකෝන් වැන්නකු පොලිස්පති තනතුරට පත් කර කතෝලික ජනතාව හා ආණ්ඩුව අතර පවතින විරෝධතා බෙදුම් රේඛාව තවත් දුරස් කර ගන්නවාද යන්න ආණ්ඩුවට සිතන්නට සිදු වේ.  එසේම මෙය ආණ්ඩුවට ඉතා ලේසියෙන් මග හැර යා නොහැකි සංසිද්ධියක් වන බවද නිසැකය.
එහිදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගැන අපට කියන්නට ඇත්තේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී  කියාය.

Spread the love

Leave a Comment

You may also like