උණුසුම් පුවත්

ලබන සතියේ තවත් දේශපාලන අර්බුදයක් ?

Spread the love

මේවනවිට රනිල් වික්‍රමසිංහ 3 වන චාල්ස් රජු ගේ රාජාභිෂේකයට සහභාගි වීමට එංගලන්තයට ගොස් සිටි. රනිල් යාමට පෙර එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව අතර ඇමති තනතුරු බෙදා ගැනීමේ එකඟතාවක් වෙනුවෙන් සාකච්ඡාවක් පැවත්විය. අවස්ථා ගනනාවකදීම මෙම සාකඡ්චාව පැවති නමුත් ඒ සියල්ලම කිසිදු එකඟතාවකින් තොරව අවසන් විය.

එත් රනිල් එංගලන්තයට යාමට පෙර ඉතාම රහසිගතව මහින්ද රාජපක්ෂ හා බැසිල් සමඟ වෙන් වෙන් වශයෙන් ඇමති තනතුරු දීම පිලිබදව සාකච්ඡාවන් පැවතියේය. ඒ සාකච්ඡාවන් සියල්ලගේම අවසානයේ තීරණයක් ගැනීමට නොහැකිව අවසන් වු නමුත් මෙවර ඊට වඩා ඉතාම ආවේගකාරි අවස්ථාව්ක් වි ඇත්තේ ලන්සා, දිලුම් ,එස්බි.ප්‍රසන්නලාව එක්සත් ජාතික පක්ෂයෙන් ඇමතිකම් දීමට උනන්දු වීම පිලිබදවය.

එසිදි රනිල් පාර්ෂවය හා බැසිල් පාර්ෂවය අතර කිසි විටකත් නොසිතු ලෙසට වාග් ප්‍රහාරයක් ඇතිව තිබේ. ඒත් කිසිවක් නොවුනා සේ රනිල් එංගලන්තයට ගොස් ඇති නමුත් රනිල් නැවත ලංකාවට පැමිණි වහාම දැඩි දේශපාලන තීන්දු කීපයක් ගැනීමට ඉඩතිබෙන බව ඉතම විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් දැන ගනීමට ඇත.

ඔබගේ කාරුණික සහාය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වා ගෙන යාමට නොහැකිය.


Spread the love

Leave a Comment

You may also like