උණුසුම් පුවත්

බංකොලොත් රටේ ජනාධිපති රනිල් සමඟ සමනලයන් රෑනක් හෙලිකොප්ටර් 02කින් මාතර රාහුලට පියාබයි

Spread the love

කාලකන්ණි පාලකයන් විසින් මෙරට ජනතාව ලෝකයෙන්ම හිඟාකන ජාතියක් බවට පතකර තිබුණත් තවම පාලක පංතියේ උන්ගේ හා රනිල් රාජපක්ෂගේ සමනල නඩයම ගමන හෙලිකොප්ටර් වලිනි.

පසුගියදා මාතර රාහුල විද්‍යාලයට වසර 100 ක් පිරීමේ සංවත්සර උත්සවයක් පැවැත්විය. ඊට සහභාගි වු ප්‍රධාන අමුත්තන් වු යේ රනිල් හා සඟලය. එසේම රනිල් ගේ මිලඟ ආණ්ඩුවේ අගමැති වීමට සිටින කාංචන විජේසේකර ද පැමිණියාය. කාංචන විජේසේකර හා රනිල් සාඟල එක් හෙලිකොප්ටරයක පැමිණි අතරම තවත් හෙලිකොප්ටරයක පැමිණියේ වෙනත් සමනල රෑනකි.

සමනලයන්ට පියාඹා යාමට තටු තිබුණත් මොවුන් පියාබනනේ බංකොලොත් රටේ අහිංසක ජනතාවගේ බෙහෙත් ටික ගැනීමට ඇති මුදලිනි.

මෙම හෙලිකොප්ටර් දෙකම අකුණු සැර වදින විටත් නවතා තිබී ඇත. ඒත් ඒ අවස්ථාවේ අකුණු ගසා නැත්තේ රනිල් ලා කාංචනලා ,සාගලලා, හෙලිකොප්ටර් වල නොසිටි නිසා බව මාතර රාහුල විද්‍යාලය අසල පදිංචිකරුවන් කියයි .මෙම ගමනට දල වශයෙන් රුපියල් ලක්ෂ 8 ක් වැයකර ඇත්තේ දැඩි බංකොලොත් රටක සල්ලිය.

ඔබගේ කාරුණික සහාය නොමතිව ලංකාදවස පුවත්පත පවත්වාගෙන යාමට නොහැකිය.


Spread the love

Leave a Comment

You may also like