උණුසුම් පුවත්

පොදුජන පෙරමුනේ සභාපති තනතුරට මර්වින් සිල්වාගේ උපදේශක ලෙස සිටි මහාචාර්ය භික්ෂුව පත්වෙයි

Spread the love

අද දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති පොදු ජන පෙරමුනේ මහ සභා රැස්වීමේදී පක්ෂයේ නව සභාපතිවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ මහචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර ගත් බව වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු කළ මහචාර්ය ජී.එල්.පීරිස් එම තනතුරෙන් ඉවත් කර මෙම නව පත්වීම කළ බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසමි පවසයි.
මහචාර්ය ජී.ඇල්.පීරිස් ප්‍රකාශ කර ඇත්තේ තමන් පොදුජන පෙරමුණේ සභාපති පදවියෙන් ඉල්ලා අස් වී නැති බැවින් පොදු ජන පෙරමුණ ගත් මේ අනීතික ක්‍රියා මාර්ගයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවය.

ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මානන්ද හිමියන් එවකට කැළණිය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ කුප්‍රක⁣ට මදාවිකාර දේශපාලඥයකු වූ මර්වින් සිල්වා ගේ දේශපාලන ⁣උපදේශකයෙක් ලෙසද කටයුතු කර තිබේ.

2010 වර්ෂයේ අගෝස්තු 20 වන දින මර්වින් සිල්වාගේ දේශපාලන ක්‍රියාකාරකම් අගයමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සඟ සමුළුවක් පැවැත්වීමේ සංවිධායක වරයකු ලෙසද මෙම හිමියන් කටයුතු කර ඇත.

මේ වන විට දැඩි මහජන අප්‍රසාදයට ලක් වී ඇති පොදු ජන පෙරමුණෙහි සභාපතිකම සඳහා මහාචාර්ය භික්ෂුවක පත් කර ගෙන ඇත්තේ අලුත් වටයකින් සිංහල බෞද්ධ තුරුම්බුව පිටියට දමා ඡන්ද ලබා ගැනීමේ තක්කඩි අවශ්‍යතාවයෙන් බව පැහැදිලිය.

ඔබගේ සහායෝගය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වා ගෙනයා නොහැකිය.


Spread the love

Leave a Comment

You may also like