උණුසුම් පුවත්

පොලීසියේ පරිපාලන⁣ය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ.

Spread the love

පොලිස්පති වීමට කෙල හලමින් සි⁣ටි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය අපේක්ෂාව ඉටු නොවීම නිසා පොලිස් ⁣දෙපාර්තමේන්තුවේ පරිපාලනය අවුල් සහගත තත්වයකට පත් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව වාර්තා වේ.මෙම සංවිධානාත්මක කුමන්ත්‍රණය පොලීසිය බාර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කරමින් පවතින බව අනාවරණය වී තිබේ.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් කිසිදු පදනමක් නැති ආකාරයට ස්ථාන  මාරු කොට රට තුළ නීතිය හා සාමය බිඳ දැමීමද මෙම සැළසුමෙහි කොටසකි.
ජනපතිවරයා කෙරෙහි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර කළකිරීමක් ඇති කරවන ආකාරයේ දේශපාලනික යටි කූටිටු වැඩ පිළිවෙලක්ද මෙහිදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මාස  තුනක සේවා දීර්ඝයක් ලබා දී ඇති පොලිස්පතිවරයා ප්‍රාණ ඇපයට තබා ගනිමින් පොලිස් දෙපාර්තමේන්තුවෙහි  පවතින සංවිධාන ව්‍යුහය තුළ  රහසිගත ආකාරයෙන් අවුල් සහගත තත්වයක් නිර්මාණය කොට සිය දේශපාලනික හා ජාවාරම්කාර අවශ්‍යතා බාධාවකින් තොරව ඉටු කරගැනීම සඳහා පසුතලය සකසා ගැනීම මෙම කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළට ඇතුළත් බවද පොලීසියෙන් අප වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.
කෙසේවෙතත් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගනනාවක් මේ වන විට සිය ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිමත් සැළසුමක් සකස් කරන ලෙස පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇතැයිද දැන ගැන්මට තිබේ.

Spread the love

Leave a Comment

You may also like