උණුසුම් පුවත්

චිරං ජයතු “සිර” ලංකා

Spread the love

මිල්ටෙරි නන්දසේනට අස්ගිරියේ මහා නායක උන්දෑ දේශනා කෙරුවේ මිනීමරු හිටිලර් ⁣වෙන ලෙසය.අස්ගිරි නායක උන්දෑගේ උපදේශය අනුව වෙන්ට හිට්ලර් වූ මිල්ටෙරි නන්දසේනට අවසාන ජවනිකාවේ රටින් පැන යන්නට සිදු වූයේ යට ජංගිය පවා ඇඳ⁣ගෙන නොවේ.

එහෙත් අස්ගිරියේ මෝග නායක උන්නාන්සේගේ පරම පවිත්‍ර බලාපොරොත්තුව දැන් ඉෂ්ඨ සිද්ධ වෙමින් පවතී.ඒ වෙන්ට හිට්ලර් පාට් එක ඇට් කරන්නට බටලන්ද වදකාගාර නිර්මාතෘ රනිල් රාජපක්ෂ ඇඳුම් අඳිමින්  සිටින නිසාය.අස්ගිරියේ නායක උන්නාන්සේට දැන් ඇත්තේ පිරිත් පැන් කළ දෙතුන් සීයක් පිරිත් කර ⁣වෙන්ට හිට්ලර් රනිල් රාජපක්ෂ නාවා පිරිත් නූල් ටොන් ගානක් උතුමානන් වහන්සේගේ කකුල් අතපය වල සිට පුරුෂ ලිංඟයේද  ගැට ගසා සෙත් පැතීම විතරමය.
වෙන්ට හිට්ලර් රනිල් රාජපක්ෂ හෙට අනිද්දාට සම්මත කරගැනීමට අපේක්ෂාවෙන් සිටින “ප්‍රති ත්‍රස්ත පනත” මෙරට හිට්ලර් පාලනය සඳහා වූ අළුත්කඩේ ලැයිසොම ⁣වන්නේය.
මේ පනත් කෙහුර සම්මත වීමෙන් පසුව මේ රටේ කුරා කුහුඹියෙකුටත් රනිල් රාජපක්ෂ හා රාජපක්ෂ තක්කඩියන් ඇතුළු ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කන්ට එරෙහිව අදහසක් වචනයක්  සංඥාවක් ප්‍රකාශ කිරීම නිරූපනය කිරීම හෝ සටහන් කිරීම ආදී හැම මල දානයක්ම   දින නියමයක් නැතුව ජම්පරයට අඳින්නට හේතු වන බරපතල වරදක්  වන්නේය.ඉන් ඉදිරිය⁣ට සියළු රට වැසියන්ට කට අරින්න⁣ට පුළුවන් වන්නේ බත් කන්ට පමණය.
උන්වහන්සේලා ගැවසෙන යන එන තැනකදී ගඳ අධෝවාතයක් යැවීමද දඬු කඳේ ගහන තරමෙි වරදක් බව දත යුත්තේය.
ප්‍රති ත්‍රස්ත පනත ප්‍රකාරව ආණ්ඩුවේ නිලමේ ඇත්තෙකුට ගෙදර ඉන්නා බල්ලෙක් බුරා ගෙන පැන්නොත් ඒ බල්ලා  බුක් බුක් ගෑම බල්ලා අයිති උන්දෑගේ දේපොළ රාජසන්තක කිරීමේ වරදක් වන්නේය. 
මින් ඉදිරියට දොස්තර ඉංජිනේරු ජොබ්  සිල්ලර දෙකයි පනහේ ජොබ් බවට පත් වනු ඇත.මාරම ජොබ බවට පත් වන්නේ නියෝජ්‍ය පොලිස්පති කම වන්නේය.
ප්‍රති ත්‍රස්ත පනත අනුව මෙරට හැම පුරවැසියෙක්ම නපුසංක පිංගුත්ත⁣රයෙක් බවට රූපාන්තරණය වන්නේය.හැම පුරවැසියෙක්ම ජීවත් විය යුත්තේ මුඛය හා අධෝමුඛය වසාගෙනය.
බත් කන්නට නම් කට අරින්නට අවසර ලැබෙනු ඇත.ඒත් කන වේල් ගැන තීරණය ගැන තීරණය ගනු ඇත්තේ අපගේ සර්වබලධාරී නායක රනිල් රාජපක්ෂ උතුමානන්වහන්සේය.
එහෙමත් නැතිනම් ආණ්ඩුවේ නිළමේ උන්දැලාගේ නියෝග වලට යටත්වය.
නීතිපති ලොකු හාමුදුරුවෝ හා නියෝජ්‍ය පොලිස්පති හාමුදුරුවරු ගමේ   පන්සලේ හාමුදුරුවන් ඇතුළු දායක සභාවට පව් පින් ගැන අළුත් බණ කියා දෙනු ඇත්තේය.  
ප්‍රති ත්‍රස්ත පනතට යටත්ව කාට හෝ බත් කකා ඉන්නට කම්මැලි නම් ෆේස් බුක් වට්ස් ඇප් ටිවිටර් හා ඉමෝ ආදී මල කඩුත්තුවල මෙහෙම ලියා හිත හෑල්ලු කරගන්නට පුළුවන.
අපේ රටේ ආර්ථිකය බේරාගත් පරම  නායක රනිල් රාජපක්ෂ උතුමානන් වහන්සේ  දිනේවා…..එතුමානන් වහන්සේට දීඝායු වේවා එතුමානන්වහන්සේගේ මෑනියන්ට දේවාශීර්වාදය ලැබේවා
අපේ නායක තුමා ගේ සමීපයේ ඉන්නා සාගල කුමාරයානන් වහන්සේට ජයවේවා
අපේ මහජන ආණ්ඩුවේ වජිර අබේවර්ධන ගරු ශ්‍රීමතුන් වහන්සේට අපගේ වන්දනීය පූජනීය ආචාරය
රට බේරාගත් අපේ අප්පච්චී මහින්ද රාජපක්ෂ දෙයියන්නාන්සේ නිදුක් නිරෝගීව වැඩ වෙසේවා…
එතුමානන්වහන්සේගේ සහෝදර පරමිපරාවද දරු මුණුබුරන්ද අප වහලුන් ලෙස පාලනය කෙරේවා
ජොන්ස්ටන් ,මහින්දානන්ද ,සනත් නිශාන්ත ,රත්තරන් රෝහිත ආදී උත්තමයානන් වහන්සේලා අපගේ ජීවිත ආරක්ෂා කෙරේවා
එතුමානන්වහන්සේලා වැදූ මෑනියන් වහන්සේලා , එතුමානන්වහන්සේලාගේ දුවා දරු කුමාරයානන් වහන්සේලාද සතුටින් සැනසුමෙන් ජීවත්වේවා
අපේ පරම නායක වෙන්ට හිට්ලර් දිනේවා …චිරං ජයතු
(මින් ඉදිරියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන නාමය වෙනස් 
වී “සිර ලංකා  අප්පට කෙලින උන්ගේ රජය ” බවට පත් වනු ඇති බවද හුදී ජන පහන් සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ)

Spread the love

Leave a Comment

You may also like