වෙනත්

පොලු හමුදාව යෙදවූයේ මේජර් ජනරාල් මාන්නගේ බව අනාවරණය වේ

Spread the love

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති ශිෂ්‍ය විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පැමිණි කැරළි මර්දන පොලිස්  කණ්ඩායම්වලට අමතරව රාජකාරියේ යොදවා සිටි හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ටී පනස් හය අවි හා පොලු රැගත් කණ්ඩායම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

මෙම සන්නද්ධ කණ්ඩායම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මිල්ටෙරි කරණය තුල සිර කොට ලේ සාගරයක ගිල්වා දැමීමේ ආදර්ශයක් විය හැකි බව

ආණ්ඩුවට එරෙහි දේශපාලන පක්ෂ වලද සිවිල් සමාජ සංවිධාන වලද අදහසයි.හෙට දවස තුළදී ආණ්ඩුවට එරෙහිවන්නන් මර්දනය බටලන්ද පන්නයට සිඳු කිරීමට සැලැසුම් කර ඇති බවට ඉඟියක්ද අනන්‍යතාව සැඟවුන මේ සන්නද්ධ කණ්ඩායමින් විදහා දැක්වේ.
මෙම සන්නද්ධ කණ්ඩායම පිළිබඳව යුද හමුදාව දැනුවත් නැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනයක් නිකුත් කරමින් සිටී.එම ප්‍රකාශය හාස්‍යජනකය.හමුදාව ඒ ගැන නොදැන සිටියේ නම් අද මෙරට ජාතික ආරක්ෂාව ඇත්තේ බරපතල අවදානමකි.එලෙසම හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයක් කර ඇත්තේ මේ වන විට ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව රැස්වී තිබියදී බවද ආණ්ඩුව සිහිපත් කර ගත යුතුය.
හෙට අනිද්දා දවසක හමුදාපතිවරයා ගේ අමුඩයේ අසූචි තැවරී තිබුණහොත් අනේ එය කොහොම සිද්ධ වුනා දැයි නොදන්නා බව කීමට තරම් හමුදාව මොනිටසෝරි වී තිබීම ඉතා කණගාටුදායකය.⁣⁣ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් හා සටන් කර  වෘත්තීමය අත්දැකීම් ඇති හමුදාවක් මෙතරම් බාල්දු වීම හිතාගන්නට බැරි තරම්ය.
මෙම විරෝධතාව මර්දනය සඳහා යොදවා තිබූ සන්නද්ධ හමුදා කණ්ඩායම පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් යුද හමුදාව නොදැන සිටි බව ප්‍රකාශ කර ඇති හෙයින් එම කණ්ඩායම කවුරුන්ද යන වග හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාට හඳුන්වා දෙන්නට අප කැමතිය.
මෙරට මේ වන වි⁣ට ආන්දෝලනාත්මක සිද්ධියක් වී ඇති මේ සන්නද්ධ කණ්ඩායම මේජර් ජනරාල් මාන්නගේ ගේ සැළසුමක් අනුව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ගේ අනුමැතිය යටතේ යෙදවූ හමුදා කණ්ඩායමකි.මෙම සන්නද්ධ හමුදා කණ්ඩායමට අයත් සෙබළුන් විජයබා රෙජිමෙන්තුවට අයත් වූවන්ය.
මේජර් ජනරාල් මාන්නගේ මෙරට යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට කුරුමානම් අල්ලමින් සිටින්නෙකි.
මොහුගේ විශ්‍රාම වයසට ඇත්තේ තව මාස තුන හතරක කාලයකි.යුද හමුදාවේ දැඩි දූෂිතයකු වූ මෙම මේජර් ජනරාල් වරයා හමුදාපති කර මෙරට පොලිස්පති වරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කෙරුවේ නමි ශ්‍රී ලංකාව නියම පාතාල ජාවාරම්කරුවන්ගේ පාරාදීසියක් කරන්නට පුළුවන.ජනතාවට බුදු සරණය. 
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුනරත්න ගේ සමීපතම සගයා ⁣වන මේජර් ජනරාල් මාන්නගේ පාදඩයෙකි. මිල්ටෙරි නන්දසේනට එරෙහිව ගාලු මුවදොර පැවැති අරගලයට සම්බන්ධ වූවන්ට අසූචි මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කිරීම⁣ටත් ඒ සඳහා යුද කඳවුරු වලින් අසූචි  එකතු කිරීමටත්  ආරක්ෂක මණ්ඩලයට යෝජනා කරන ලද්දේ මේජර් ජනරාල් මාන්නගේය.
දැන් මේජර් ජනරාල් මාන්නගේට අවශ්‍ය වී ඇත්තේ ජනපතිවරයා ගේ අවධානයට ලක්වන ආකාරයට මොනවා හෝ නාඩගමක් නටන්නටය.ඒ හමුදාපති වීමේ සුදුසුකම සපුරා ගැනීම සඳහාය.මෙවැනි නොසන්ඩාලයකු හමුදාපති කර ගැනීම⁣ට පෙර ජනපතිවරයා විසින් වඳුරාට මගුල් කඩුව දුන් කතන්දරය සිහිපත් කර ගත්තා නම් හොඳය.
ඒ කෙසේ වෙතත් මෙරට අධිකාරී ලත් හමුදා නිළධාරීන් පත් කිරීමේදී ජනපතිවරයා විසින් ඔවුන් හට  ලබා දෙන අක්ත පත්‍රයේ සඳහන්ව ඇති මේ වගන්තිය ගැන අවධානය යොමු කිරීමට කැමතිය.
“… තවද ඔබගේ ආඥාපථයට යටත්වන ඔබගේ ධුරයට පහත් නිළධාරීන් හා සන්නාහ සන්නද්ධව සිටින වෙනත් තැනැත්තන් ද පුහුණු කොට අභ්‍යාසයන්හි යොදවා විනය ගරුක ශික්ෂිණය දෙන ලෙසද ,සංග්‍රාම නීති රීති හා විනය අනුව ඔබගේ ධුරයට උසස් නිළධරයන් විසින් කරනු ලබන නිත්‍යානුකූලව ආඥාවන්ට කීකරු වන ලෙසද ඒ සඳහා සම්පාදිත නීති වලට අනුකූලව ක්‍රියා කරන ලෙසද අතිගරු ජනාධිපති විසින් ඔබට මෙයින් අණකර ඇති බවද දන්වා සිටිනු ලැබේ…”  
මෙහි දැක්වෙන වැදගත්ම සඳහන වන්නේ “සංග්‍රාම නීති රීති හා විනය අනුව ඔබගේ ඉහළ නිළධරයන් විසින් කරනු ලබන නිත්‍යනුකූල ආඥාවන්ට'”
යන්නය.

 


Spread the love

Leave a Comment

You may also like