උණුසුම් පුවත්

ලංකා දවසේ සිකුරාදා………… එදා මහින්ද 134 රැගෙන යු එන්ගියා, අද මෛත්‍රි 147 දෙනෙක් රැගෙන යු.එන් යද්දී බ්‍රිතාන්‍ය අගමැතිනය එක් ඇමතිවරයකු සමඟ එක්සත් ජාතින් ගේ සමුළුවට යයි

Spread the love

ලංකාවේ දේශපාලකයන්ට එක්සත් ජාතින් ගේ සංවිධානයේ සමුළුවලට යන්න ලැබෙනව කියන්නේ උන්ගේ සනුහරේම රටේ සල්ලි වලින් රවුම් ගැසීමට හොදම තැනය.

උනුත් ,මුනුත් දෙගොල්ලන්ම එක්සත් ජාතින් ගේ සංවිධානයට ගොස් ඇති වාර ගානට හා එ.ජා.සංවිධානය රටට එදා මෙදා තුර දී තුර දී තිබෙන් ආධාර වල හැටියට ලංකාවේ මේ වනවිට කිසිදු දුප්පත් පවුලක් සිටිය නොහැක.

රාජපක්ෂ පාලනයට දෙස්දොවොල් තබා දිනවු මෛත්‍රි දැන් කරන්නේ රාජපක්ෂලාට වඩා තුන් ගුනයක් එපිට දේවල් වීම ජනතාවෛරයට බදුන් වීම පුදුමයක් නොව.

මෙවර එ.ජාතින් ගේ සමුළුවට මෛත්‍රි ගියේ තමපවුලේ හා දහම් ගේ වෙන්ට ඉන්න බිරිද ගේ පවුලේ උනුත් සමඟ වීම ඉතාම නින්දිතය.

මෛත්‍රි රටේ ජනතාවගේ සල්ලි වලින් නිව්යෝක් රවුම් ගහන්න නොගොස් උන්ගේ පවුලේ ගසාකාපු සල්ලි වලින් රටවල් හතකට 150 ක නඩයක් එක්ක ගියා නම අපිට ඇති රුදාවක් නැත.

වසර 170 ක්ම මුන් කලේම තට්ටු මාරු ක්‍රමයට ජනතාව ගේ ලේ උරා බොන එකය. එක් පැත්තකින් ජනතාවට සන්දර්ශන පෙන්නමින් රටේ සල්ලි හුරා කන කොට තවත් පැත්තකින් රටෑඉ සල්ලි අරන් නිව්යෝක් සැනකෙලි යයි ජනතාව නියගයට හාල සේරුවක් , කිරිටිකක දරුවට දෙන්න බැරුව වසකා පොලවට පස්වේ. මුන් ඇමරිකාවේ ගිහින් කන්නෙත් , ලංකාවෙදි කන්නෙත් ලාංකීය දුප්පත් ජනතාව ගේ සල්ලි බව මුන්ට වැට හෙන්නේ කවදාදැයි අපි නම නොදනිමු.

ලංකාවට වඩා ඉතාම ස්ථිරතර ආර්ථිකයකට හිමිකම් කියන බ්‍රිතාන්‍ය එක්සත් ජාතින් ගේ මහා මංඩලයට සාභාගිවීමට පිටව ගියේ එක් ඇමතිවරයකු රැගෙනය ඒත් ලංකාවේ කාලකන්නි දේශපාලකයන් කොපමනක් ජනතාවගේ මුදල් උන්ගේ සුර සැප වෙනුවෙන් පමනක් නොව පුතා බදිනයැයි කියන උන් ගේ අම්මලා අච්චිලා ,සීයලා රැගෙන් අයාමට පවා පාවිච්චි කරන්නේ ලංකාවේ ඉන්නේ මීහරකුන් බව දැන ගෙන නොවේද..?

බල්ලන් සමස ලැග්ග මෛත්‍රිපාල ගේ ඇගේ ඉන්නෙත් ඒ බලු මැක්කන්ම බව අපි කීවේ මීට බොහෝ කලකට පෙරය. කොකා ඉසිලෙනකොට නේ … සුදු පේන්නේ කීවා සේ මෛත්‍රි පාලනය තුලදී දැන් ජනතාව දකින්නේ මෛත්‍රි ගේ අවසාන ජවනිකා ටික බවනම් සිථිරයි.

මෛත්‍රි ගෝඨා මැරීමේ අඩහැරය………

නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පති වුයේ නිකම්ම නොවේ . ස්ථානාධිපති නිලයේ සිට විවිධ තනතුරු දරා ඇති ඔහු ජනාධිපති හා ආරක්ෂක හිටපු ආරක්ෂක ලේකම් මරාදැමීමට තරම් නොමේරූ බුද්ධියක් ඇත්තෙකු නොවන බව අප ඉතා වගකීමෙන් කියන්නේ මෙය වෙනත් නාට්‍යක පිටපතක් බවට තොරතුරු ලැබෙන නිසායය.

මෙය මුළු මනින්ම මෛත්‍රි හා ගෝඨා අතර තිබෙන සම්බන්දය ශ්‍රි ලංකාකාරයන්ට හා පොහොට්ටු කාරයන්ට පෙන්වීමට මහින්ද ගේ පිලේ කතාවක් බවත් ඊට හරියන්න ජාතිවාද යෙන් රට ගිනිතියන පුද්ගලයකු ඇල්ලීම තුල ඇත්තේ ඔවුන් තවමත් රාජපක්ෂ කදවුරෙන් යැපෙන බවට හොදම සාක්ෂිය.

කොහොම උනත් කිසිවකුත් මෛත්‍රි නොමරන නමුත් මෛත්‍රි ජනතාව ගොනාට ඇන්දවීම නිසා කවදා හෝ දිනයක ඔහු ට ඒ කරුමය පල දෙනු ඇත.

කොහොම උනත් මෛත්‍රි ගේ අවසානම එක්සත් ජාතින් ගේ මහාමංඩලයට යන ගමන නිසාම හැත්ත බුරුත්තම ගෙන ගියේ මතු අත්මයකදීනම මෛත්‍රිට රටක රාජ්‍ය නායකයෙකු ලෙසට යාමට නොහැකි බව ඔහු දන්නා නිසාම විය යුතුය.

ලාංකීය දේශපාලකයන් තරන් රට සවාරි ගසන පිරිසක් තවත් නම් ලෝකයේ කිසිම රටක් නැත. වසර 50 වැඩි කාලයක් රට සවරි ගිය එකුදු දේශපාලකයෙකුවත් රටට එදා මෙදා තුර අත්කර දුන්න කෙන්ගෙඩියක් නැත. කරන්නේම ජනතාව ගේ මුදල් වවලින් ලෝකෙපුරා පවුල් පිටින් යන එකය.

ජනතාවඇස්,කන් පියන් ඉන්න තාක් ලාංකීය දෙශපාලකයන්ගේ මේ සවාරි කිසිදාක නතර නොවේ දැන්වත් ජනතාව මේවාට විරුද්ධව නැගි සිටිය යුතු කාලය පැමිණ ඇත.
අජිත්….


Spread the love

Leave a Comment

You may also like