මැතිවරණ කොමිෂම මේ වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහතිකයක් ලබා දී ඇති බැවින් මෙම මැතිවරණය පවත්වන ලෙසට
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආඥාවක් නිකුත් කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10)දැනුම් දුන්නේය.ඒ අනුව පවතින මැතිවරණ නීති අනු කූලව මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින අතර එබැවින් මැතිවරණය පවත්වන ලෙසට ශේෂ්ඨාධිකරණ නියෝගයක් අනවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලදී.මහාචාර්ය ජී.එල්.පීරිස්,රංජිත් මද්දුම බණ්ඩාර,දයාසිරි ජයසේකර,එම්.ඒ.සුමන්තිරන්,සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් සළකා බැලූ ශ්‍රේශ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළ අර ඒ අනුව මැතිවරණ කොමිෂම අනුව මැතිවරණ කොමිෂම පවතින නීති රීති වලට අනුව පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට දී ඇති පොරොන්දුව මත මෙම පෙත්සම සළකා බැලීම බැහැර කරන ලෙස පෙත්සම්කකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිඥ ලක්මිණි වරුසවිතාන පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිවරණ කොමිෂම වෙනුවෙන් පෙනී සිටින ලදී.ශ්‍රි ලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….
මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය කියයි