රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව සිටින්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වැනි දේශපාලනික අර්බුදයකට මුහුණ දෙමිනි.ඒ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙනි.
මාර්තු මස 9 වන දින පැවැත්වීමට අපේක්ෂිත පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා ආණ්ඩුව විවිධ ආකාරයේ කකුල් මාට්ටු දමමින් තිබෙන වටපිටාවක මුල්‍යමය අර්බුදයක් පවතින හෙයින් මැතිවරණය නොපවැත්වීමට නියෝගයක් ඉල්ලා විශ්‍රාමික කර්නල් වරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව දීමට ඇත්තේ හෙට දවසේය.
මෙරට පුරවැසියා සතු ඡන්ද බලය පිළිබඳව වැදගත් වූ කැපී පෙනෙන නඩු තීන්දු කිහිපයක් පවතී.මැතිවරණ පෙත්සම් මගින්ද මැතිවරණ නීතිය අර්ථ දැක්වීම හා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ගැන පවතින පරිපාටිය පිළිබඳව තීන්දු ලබා දී තිබේ.එහිදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 හා 126 වන ව්‍යවස්ථා යටතේ සහ එම ව්‍යවස්ථා ප්‍රකාර වූ ඉල්ලීම සදහා ඉදිරිපත් කරන ලද නඩු අංක SC FR 35/2016 නඩුවේ තීන්දුවේ දැක්වෙන මේ කොටස පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.“……..ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.පරමාධාපත්‍යය අත් හළ නොහැක්කේය.පරමාධ්‍යපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුළත් වන්නේය.සර්ව ජන ඡන්ද බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාව හා 14(1) ව්‍යවස්ථාව යටතේ පිළිගෙන ඇත්තාවූ මූලික අයිතිවාසිකමක් වේ.නියමිත දිනයේදී ඡන්ද විමසීම පැවැත්වීම පැහැර හැරීම හෝ ඡන්ද විමසීම කල් දැමීම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 ඈ වගන්තිය යටතේ පහත දැක්වෙන පරිදි සඳහන් වේ.
….ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය.වර්ධනය කරනු ලැබිය යුත්තේය.තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම සීමා කිරීම හෝ අහිමි නොකල යුත්තේය.මෙම වර්තමාන අවස්ථාවේදී ව්‍යවස්ථාදායකය හා විධායකය විසින්ද මෙම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ.පලාත් පාලන ආයතන සදහා දීර්ඝ ඉතිහාසයක් පවතින අතර ඒවා මගින් මූලාක මට්ටමෙි වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.එහි කර්තව්‍ය වනුයේ මහජන සෞඛ්‍ය මහජන උපයෝගිතා සේවා සහ පොදු මහ මාර්ග වලට අදාල සියලු කරුණු ක්‍රමවත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වේ.එහි කටයුතු මගින් මිනිසුන්ගේ ජීවිත වල ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වා සියලු කටයුතු ආවරණය කරන බවට ප්‍රකාශ කර ඇත.සමහර පලතේ පාලන ආයතන ආයතන විසින් පාලනය කරනු ලබන සහ පරිපාලනය කරනු ලබන මාතෘෘ සායන සහ සුසාන භූමි ඇත.මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම මගින් මහජනතාවගේ දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබා දෙන හා ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සදහා අවදානය යොමු කරනු ලබන මහජන නියෝජිතයන් මිනිසුන්ට අහිමි කරනු ලැබ ඇත.පලාත් පාලන ඡන්ද විමසීම් පනත අනුව මැතිවරණ කොමසාරිස් වරයා / මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ පැවැත්වීම පිළිබඳ වගකීමෙන් බැඳී තිබේ….”දේශප්‍රිය / කරුණාතිලක එරෙහිව මැතිවරණ කොමසාරිස් හා තවත් 13 දෙනෙක් (999/1/SLR 157)නඩුවේ තීන්දුවේ ඡන්ද බලය සම්බන්ධයෙන් මෙසේ සඳහන් වේ.ඡන්දය ප්‍රකාශ කිරීම,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතුළත් බවත් දේශපාලන වේදිකාවක හෝ වෙනත් ආකාරයක අදහස් පුකාශ කිරීම මෙන්ම රහසිගතව සිදු කරන ඡන්දය ප්‍රකාශ කිරීමද අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතියට ඇතුලත් වන බව එහි සඳහන්ය.1981 ජනවාරි මස 12 වන දින පැවැත්වීමට දින නියම කරන ලද කලවාන අතුරු මැතිවරණයදී තම පක්ෂය පරදින බවට තේරුම් ගත් ජේආර් ජයවර්ධන කඩිනමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.එම සංශෝධනය අනුව කලවාන ආසනය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කළ හැකි විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී එකී කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතුය.කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට නියාමනය ඉදිරිපත් කළේය.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙරුවේ ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.එය සම්මත කර ගැනීම සදහා 2/3 ක බහුතරය අවශ්‍ය බවත් ඉන් අනතුරුව එය ජනමත විචාරණයකට යොමු කර බහුතර ජනතාවගේ කැමැත්ත ලබා ගත යුතු බවත් තීන්දුවේ සදහන් විය.එම සංශෝධනය පාර්ලිමේන්තුවෙි 2/3 ඡන්දයෙන් සම්මත කර ගැනීමට එජාපය සමත් වුවද ඒ සදහා ජනමත විචාරනයකට ගියේ නැත.රනිල් රාජපක්ෂගේ මාමා මැතිවරණ කල් දමා ගැනීමට ගේම් ගැසුවේ එහෙමය.වර්තමානයේ මේ බෑණාද දත් මිටි කන්නේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම වලක්වා ගැනීමටයහෙට දවසේ ශ්‍රේෂ්ඨාධිකරණය කවර ආකාරයේ තීන්දුවක් දේ දැයි අපි නොදනිමු.එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් අතීතයේදී මැතිවරණ සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දු පිළිබඳ සලකා බැලුවහොත් හෙට දවසේ දෙන තීන්දුව පුරවැසියන් ගේ පරමාධිපත්‍යය තව දුරටත් ආරක්ෂා කෙරෙන තීන්දුවක් විය යුතුමය.එහෙත් ප්‍රශ්ණය පවතින්නේ මෙම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා අගවිනිසුරු පිළිබඳවය.ඒ මන්ද යත් මොවුන් හා මොවුන්ගේ සැඟවුන පැටිකිරිය එතරම් හොඳ නැති නිසාය.
******ශ්‍රි ලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….*********
https://www.blogger.com/blog/post/edit/3724418903831623831/7811273231613023885?hl=en