අරගලය අවස්ථාවේදී ජනපති මන්දිරයේ තිබී සොයාගන්නා ලද රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හාටපු ජනපති මිල්ටෙරි නන්දසේන වෙත ලබා දෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත රෝහණධීර ඊයේ (8)කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ වෙතින් කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත් වරයා විසින් ප්‍රතික්ශේප කෙරිණි.
අපාරාධ නඩු විධාන සංග්‍රහයේ 431 වගන්තිය අනුව එම මුදල් පිළිබඳව අධිකරණ නියෝගයක් කිරීමට පෙර ඒ ගැන තොරතුරු සොයා බැලීම අධිකරණයේ වගකීම බවත් මෙම මුදල් පුමාණය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත හා අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමට හැකියාවක් පවතින බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරන ලදී.තවදුරටත් මහේස්ත්‍රාත් වරයා පවසන ලද්දේ මෙම මුදල් පිළිබඳව වෙනත් කිසිවකුත් හිමිකම් ඉදිරිපත් නොකෙරුවද පොලිස් විමර්ශන අවසන්ව නැති බැවින් එම මුදල් මුදා හැරීමට නොහැකි බවය.මෙහිදී නීතිඥ හරිගුප්ත රෝහණධීර විසින් අධිකරණය වෙතින් කළ ඉල්ලීමේ හොඳම විහිළුව වන්නේ මෙම මුදල් තොගය හිටපු ජනපතිවරයා ලඟ තිබුණේ දුප්පත් ජනතාවට බෙදා දීම සඳහා බව කළ ප්‍රකාශයයි.
අපරාද නඩු විධාන සංග්‍රහයේ 431 වගන්තියෙහි මෙසේ දැක්වේ.
(1)29 වන වගන්තිය…… යටතේ ගන්නා ලද හෝ හොරකම් කරන ලදැයි කියනු ලබන හෝ සැක කරනු ලබන නැතහොත් යම් වරදක් සිදු කරන ලදැයි යන සැකයක් ඇති කිරීමේ අවස්ථානුගත කරුණු යටතේ සම්භවූ යමි දේපලක් පොලිස් නිළධාරියකු විසින් තහනමට ගනු ලැබීම වහාම මහේස්ත්‍රාත්වරයකු වෙත වාර්තා කළ යුතුය.එම දේපලෙහි සන්තකයට හිමිකම් ඇති තැනැත්තාට එය ආපසු බාර දීම සම්බන්ධයෙන් හෝ එබඳු තැනැත්තෙකු නිසැකව දැන ගත නොහැකි නම් එකී දේපලවල භාරය සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හෝ සුදුසු යයි තමා කල්පනා කරන යම් ආඥාවක් මහේස්ත්‍රාත්වරයා විසින් අප්‍රමාදව කළ යුතුය.
ශ්‍රි ලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….